සොතාපත්තියඞගානි - සොතාපත්තියේ අංග. සෝවාන් මග ලැබීමට කරුණු යන අර්ථයයි. සප්පුරිස සංසෙවා - බුද්ධාදි සත්පුරුෂයන් වෙත එළඹ ඇසුර. සද්ධම්ම සවණං - සත්පාය ත්‍රිපිටක ධර්මය ශ්‍රවණය, යොනිසො මනසිකාරො - අනිත්‍යදි වශයෙන් මෙනෙහි කිරීම. ධම්මානු ධම්ම පටිපත්ති - ලෝකෝත්තර ධර්මයේ අනුධර්මය වූ පූර්වභාග ප්‍රතිපත්තිය පිළිපැදීම.
අවෙච්චපසාදෙන - අචල ප්‍රසාදයෙන්. “ඉතිපි සො භගවා” ආදිය විසුද්ධි මාර්ගයෙහි විස්තර කරන ලදී. ඵල ධාතු ආහාර චතුක්ක අර්ථ කියන ලදි. එහෙත් එහි රළු ප්‍රණීත වස්තු වශයෙන් ඕලාරික සියුම් බව දත යුතුය.
විඤ්ඤාණට්ඨිතියො - විඤ්ඤාණය මේවායෙහි ඇතැයි ආරම්මණ ඨිති වශයෙන් මෙය කියන ලදී. රූපූපායං - රූපය වෙත පැමිණ. පංච වෝකාර භවවල අභිසංඛාර විඤ්ඤාණය රූපස්කන්ධය නිසා පවතී. එය සඳහා මෙය කියන ලදී. රූපාරම්මණං - රූපයෙහි පිහිටා. නන්දූප සෙවනං - ලෝබ සහගත නන්දියෙන් යුත් වුද්ධිං විරූළහිං වෙපුල්ලං ආපජ්ජති - හැට හැත්තෑ වසක් මෙසේ පවතින්නේ මෙසේ පැමිණේ. වේදනා උපායාදියෙහි ද මෙම නයම වේ. මේ පද තුනෙන් චතුවෝකාර භවයෙහි අභිසංඛාර විඤ්ඤාණය කියන ලදී. එය දිවිතෙක් පැවැත්වීම් වශයෙන් වෘද්ධියට වැඩීමට විපුල බව පැමිණීම දත යුතුය. චතුක්ක වශයෙන් දේශනාවේ ආ බැවින් විඤ්ඤාණ උපායට නොකියනලදී. මෙසේ කියන්නේ මෙහි කම්ම විඤ්ඤාණය කෙසේද විපාක විඤ්ඤාණය කෙසේදැයි මුළාවන්ය. එනිසා නොකියන ලදී. අගති ගමන විස්තර කරන ලද්දේය.
චීවරහෙතු - එහි මනාප සිවුරක් ලබන්නෙමියි සිවුරු කරුණු උපදී. ඉති භවා භව හෙතු - මෙහි ඉති යනු නිදර්ශන අර්ථයෙහි නිපාතයෙකි. චීවරාදි හේතු සේ භවාභව හේතු යයි ද අර්ථය මෙහි භවාභව යනු ප්‍රණීත ප්‍රණීතතර වේ. තෙල් පැණි ආදිය අදහස් කෙරේ. මේ තෘෂ්ණා උපාදාන සතර ප්‍රහාණය සඳහා සතර අරියවංස පිළිවෙළින් දේසිත යයි දත යුතුය. පටිපදා චතුක්කය යට කියන ලදී. නො ඉවසීම් ආදියෙහි ප්‍රධාන කරන විට සීතාදි නඛ මතීති අක්ඛමා - වේ. බමතීති - ඛමා.
ධම්මපදානි - දහම් කොටස් අනභිජඣා ධම්මපදං නම - අලෝභය හෝ අලෝභ හිසින් අධිගත ධ්‍යාන මග්ග ඵල නිබ්බාණා හෝ අව්‍යපාද ධම්මපදං නාම - කෝප නොවීම හෝ මෙත් හිසින් අධිගත ධ්‍යනාදිය හෝ සම්මා සති ධම්ම පදං නාම - මනාව පිහිටි සිහිය හෝ සති හිසින් අධිගත ධ්‍යාන. සම්මා සමාධි ධම්මපදං - අෂ්ට සමාපත්ති හෝ සමාපත්ති හිසින් අධිගත ධ්‍යන විපස්සනා මග්ගඵල නිබ්බාණ හෝ දස අසුභ වශයෙන් අධිගත. අව්‍යපාදො ධම්මපදං - දස අනුස්සති ආහාරයෙහි පිළිකුල් සඤ්ඤා වශයෙන් අධිගත. සම්මා සති ධම්මපදං - දස කසිණ
[missing here] දෙවනුව සියළු කෙලෙසුන්ගෙන් මිදී රහත් වන්නට නොහැකිව අඬන්නාට පිරිසිදු බ්‍රහ්ම චරියාව තෙවනුව කාමයන් කෙරෙහි වැසීම. සතරවනුව සිව්පසය නොලබන්නාට ධ්‍යාන විපස්සනා වශයෙන් සැප සහිත සාසන බ්‍රහ්මචරියාව,
ධම්මක්ඛන්ධ - මෙහි ගුණය ඛන්ධ වේ. සීලක්ඛන්ධො - සීල ගුණ මෙහි ඵල සීලය අදහස් කරයි.
බලානී - උපකාර අර්ථයෙන් කම්පා නොවන අර්ථයෙන් හෝ බලානි වේ. ඒවාට ප්‍රතිපක්‍ෂ කුසීතාදියෙන් කම්පා නොවන බව දත යුතුය. සියල්ල ද සමාධි විපස්සනා මග්ග වශයෙන් ලෞකික ලෝකෝතරම කියන ලදී.