කාමුප්පත්තියො - කාම සේවනය, කාම ප්‍රතිලාභය හෝ පච්චුපට්ඨිතකාමා - නිතර කාමය, නිතර අරමුණ. සෙය්‍යථාපි මනුස්සා - මිනිසුන් මෙන් මිනිස්සු නිතරම කාම වස්තුවෙහි වසඟයට පත්වෙති. යම්තැනක පිළිබඳ සිතවේ ද සියයක් ද දහසක් දීමෙන් හෝ ගැහැණිය ගෙන්වා නිතර කම්සුව විඳියි. එකච්චෙ දෙවා - නම් සිව් දෙව්ලෝවාසීන් ඔව්හු ද කාම වස්තුවෙහි නිතරම වසඟයට වැටෙති. එකච්චෙ විනිපාතිකා - නම් නිරය වාසීන් හැර සෙස්සෝ මත්ස්‍ය කැසුබු ආදිහු ද නිතර කාම වස්තුවෙහි වසඟයට වැටෙති. මත්ස්‍යයා තමාගේ මත්ස්‍ය දෙන සමග කැසුබුවා කැසුබු දෙන සමග ප්‍රියවෙයි. නිම්මිනත්වා නිම්මිනිත්වා - නිල් කහ ආදි වශයෙන් තමාගේ රූපය කැමති වන ලෙසින් මවාගෙන. ආයුෂ්මත් අනුරුද්ධ හිමියන් ඉදිරියේ මනාපකායික දෙවියන් මෙන් නිම්මානරතී - සේ තම නිර්මාණයෙහි ඇල්ම ඔවුන්ට නිසා නිම්මානරති වේ. පරනිම්මිත කාමා - අනුන් විසින් නිර්මාණය කළ කාමය. ඔවුන්ගේ සිත දැන රුචිපරිදි කාම යෝගය නිර්මාණය කරයි. ඔව්හු එහි වසඟයට පත්වෙති. අනුන්ගේ සිත කෙසේ දනිත්ද? ප්‍රකෘති සේන වශයෙන්, යම්සේ දක්‍ෂ කෝකියා රජු අනුභව කරන යමක් වැඩිපුර ගන්නා සේ ඔහුගේ රුචිය දනී. මෙසේ ප්‍රකෘතියෙන් අභිරුචි අරමුණ දැන එබඳු වූවක්ම නිර්මාණය කරයි. ඔව්හු එහි වසඟයට යති. මෛථුන සේවනය කරති. ඇතැම් තෙරවරු සිනාවීම් පමණින් බැලූ පමණින් වැළඳගත් පමණින් කාම කිස සිදුවේ යයි කියති. අටුවාවෙහි මෙය නැතැයි ප්‍රතික්ෂේපිතය. කය ස්පර්ශ නොකර ස්පර්ශ කාමය ඇති නොවේ. කාමාවචර හයක කාමය ප්‍රකෘති වේ. එය කියන ලදී.
සය එකෙහි කම්සැරි - හැමකම්සැප පිරි ඇති
සෑම එක් ගණනයෙන් - වෙයි ආයු කොපමණකින්
සෑම එක් ගණනයෙන් - වෙයි ආයු කොපමණකින්
සුඛුප්පත්තියො - සැප ලැබ. ඉපදී සැපසේ වාසය කරති. ඔව්හු පහත පළමු දැහැන් සැප උපදවා ඉහළ විපාක දැහැන් සැප විඳිති යන අර්ථයයි. සුඛෙන අභිසන්තා - දෙවන දැහැන් සැපයෙන් තෘප්තිමත්. පරිසන්තා - හාත්පසින් තෘප්තිමත්. පරිපුරා - පරිප්ඵුටා - එහිම සමාන වචනයක්. මෙයද විපාක දැහැනකි. සැප සඳහාම කියන ලදී. අහො සුඛං අහො සුඛං - ඔවුන්ට භව ලෝභය උපදී. එහෙයින් සමහරවිට මෙසේ උදන් අනති. සන්තමෙව ප්‍රණීතමය. කුසිතා - එයින් ඉහළ සැප නොපතා සතුටු වී. සුඛංපටිසංවෙදෙන්ති - තෙවන ධ්‍යන සැප ලබයි.
සෙඛා පඤ්ඤා - සත් අරිය ප්‍රඥාව. අරහත් ප්‍රඥාව අසේඛ වේ. සෙසු ප්‍රඥා සේඛ ද නොවේ. අසේඛ ද නොවේ.
චින්තාමය ආදියෙහි විස්තරයයි මේ. එහි චින්තාමය ප්‍රඥාව කවරේද? සංවිධානය කරණ ලද කර්මාන්ත ආයතනවල හෝ ශිල්පායතනවල හෝ විද්‍යාස්ථානවල හෝ කම්මස්සකත හෝ සත්‍යනුලෝමික හෝ රූපය අනිත්‍ය යයි හෝ... විඤ්ඤාණය අනිත්‍ය යයි හෝ යම් එබඳු වූ අනුලෝමික ක්ෂාන්ති, දෘෂ්ටි, රුචි, ආඝ්‍රාණාදිය, ධර්මය අනුව බැලීම, අනුන්ගෙන් නො අසා තමන්ම අවබෝධය මෙය චින්තාමය ප්‍රඥාව යයි කියනු ලැබේ. සංවිධානය කරන ලද කර්මාන්ත ආයතනවල.... අනුන්ගෙන් අසා ප්‍රතිවේධය මෙය සුතමය ප්‍රඥා නම් වේ. එහි භාවනාමය ප්‍රඥාව කවරේද? සියළු සමාපත්තිවලට පැමිණි ප්‍රඥාව භාවනාමය ප්‍රඥාව වේ.
සූත්‍ර යයි කියනු ලබන්නේ ඇසීමම ආවුධයයි. එය අර්ථ වශයෙන් ත්‍රිපිටක බුද්ධ වචනයයි. එය නිසා භික්ෂුව සූර යෝධයෙක් කම්පා නොවී මහා කාන්තාරයක් මෙන් සංසාර කාන්තාරය නොවෙහෙසී ඉක්මවයි. එහෙයින් කියන ලදී. මහණෙනි, සුත ආවුධය නිසා ආර්ය ශ්‍රාවකයා අකුසල් දුරු කරයි. කුසල් වඩයි. සාවද්‍ය දුරු කරයි අනවද්‍ය වඩයි. තම ජීවිතය පිරිසිදුව පවත්වයි.