අතීතො අද්ධා - යනාදියෙහි පරියාය දෙකකි. සුත්තන්ත අභිධම්ම වශයෙනි. සූත්‍රාන්ත ක්‍රමයෙන් ප්‍රතිසන්ධියට පෙර අතීත කාල නම් වේ. චුතියෙන් පසු අනාගත කාල නම් වේ. චුති පටිසන්ධි අතර කාලය වර්තමාන වේ. අභිධර්ම ක්‍රමයෙන් ක්ෂණ තුනෙහි භංගයෙන් ඉහත අතීතකාල, උපාදයට පෙර අනාගතකාල ක්ෂණ තුනෙහි වර්තමාන කාල වේ. මේ ධර්මවල අතීතාදි භේද වේ. කාලයෙහි අතීතාදි හේද නැත. මෙහි පරමාර්ථ වශයෙන් කාලය අවිද්‍යාමානය. එහෙයින් එය ව්‍යවහාර වශයෙන් කියන ලදැයි දත යුතුය.
තයො අන්තා - කොටස් තුනකි. බඳ පටියේ කෙළවර දිරයි ආදියෙහි අන්තය. එසෙවනෙතා දුක්ඛස්ස - මෙය දුකෙහි කෙළවරය. ආදියෙහි අවසානය. මහණෙනි, මේ ජීවිතයේ අන්තයයි. මෙහි ලාමක භාවයයි. ඇවැත්නි ‘සක්කාය’ පළමුවන අන්තයයි. ආදියෙහි කොටස අන්තයයි. සක්කායො - උපාදාන ස්කන්ධ පහ. සක්කාය සමුදයො - ඒවා ඉපද වූ පෙර වූ තෘෂ්ණාව. දෙකම නොපැවතීම නිර්වාණයයි - සක්කාය නිරොධය - මාර්ගය වනාහි නිරොධ අධිගමයට උපාය බැවින් නිරෝධය ගන්නා කල්හි ගන්නා බව දත යුතුය.
දුක්ඛ දුක්ඛතා - දුක් වූ දුක් බව මෙය වේදනාවට නමකි. සංඛාර දුක්ඛතා - සංස්කාර භාවයෙන් දුක් බව. අදුක්ඛමසුඛ වේදනාවට මෙය නමකි. එය වනාහි සංඛ්‍යාත බැවින් උත්පාද ජරා බිඳීම්වලින් පෙළෙන බව, එහෙයින් අන්‍ය දුක්ඛ ස්වභාවයකින් විරහිත වූ සංසාර දුක්ඛ කියන ලදී. විපරිනාම දුක්ඛතා - වෙනස්වීමේ (විපරිනාම) දුක් බව, සුඛ වේදනාවට මෙය නමකි. සැපයේ වෙනස්වීමේ දී දුක් උපදී. එහෙයින් සැපය විපරිනාම දුක්බව යයි කියන ලදී. තවද දුක් වේදනාව හැර සැප වේදනාව ද සියළු ත්‍රෛභූමික ධර්ම “සබ්බෙ සංඛාරා දුක්ඛා” යන වචනයෙන් සංඛාර දුක් යයි දත යුතුය.
මිච්චත්ත නියතො - මිථ්‍යා ස්වභාවය නියතය. නියත මිථ්‍යාදෘෂ්ටිය සමග ආනන්තරිය කර්මයට මෙය නමකි. සම්‍යක් ස්වභාවයෙහි නියතය සම්මත නියත්තා - සිව් අරිය මගට මෙය නමකි. න නියතො - අනියතය. අවසේස ධර්මවලට මෙය නමකි.
“තයොතමා” මුළාව අඳුරයි. අවිද්‍යා ඕඝය මහබියකි” යන වචනයෙන් අවිද්‍යාව තම (අඳුර) නම් වේ. මෙහි වනාහි අවිජ්ජා ශීර්ෂයෙන් විචිකිච්ඡාව කියන ලදී. ආරම්හ - පැමිණ. කංඛතී - සැකය උපදවයි. විචිකිච්ඡති - සොයන්නේ දුකට පැමිණේ. තීරණය කිරීමට නොහැකි වේ. නාධිමුච්චති - එහි මිදීමට තීරණය කිරිමට නොහැකි වේ. න සම්පසීදති - එය ඇරබ ප්‍රසාදය ආරෝපනය නොහැකි වේ.
අරක්ඛ්‍යොති - රැකිය යුතු නොවේ. තිදොරෙහි වෙනම රකින කිසක් නැත. සියල්ලම සිහියෙන් රකින ලදැයි දක්වයි. නත්ථි තථාගතස්ස - මෙය නම් මට වහා ඉපදුණ කාය දුසිරිත අන් අයට දැනගැනීමට නොදී රකිමි වසමියි මෙසේ රැකිය යුතු කාය දුසිරිතක් තථාගතයන් වහන්සේට නැත. සෙස්සෙහි ද මෙම නය වේ. කිම සෙසු ක්ෂීණාශ්‍රවයන්ගේ කාය සමාචාරාදිය අපිරිසිදුවේද? අපිරිසිදු නොවේ. තථාගතයන් වහන්සේ මෙන් පිරිසිදු නැත. අල්පශ්‍රැත ක්ෂීණශ්‍රවයන් වහන්සේ ද කිසිදු ලෝක වැරැද්දකට නොපැණේ. පැණ වූ ගිහි වනාහි අදක්ෂ බැවින් විහාර කිරීම, කුටි කිරීම, සහකාරයන්, සහසෙය්‍ය එබඳු වූ කාය ද්වාරයෙහි ආපත්තියට පැමිණේ. සංචරිත්ත, පදසො ධම්ම, උත්තරිං ඡප්පඤ්ච වාචං වූ දෙයක් දැන්වීම් වශයෙන් මනෝ ද්වාරයෙහි රූපිය පටිග්ගහණ ආපත්තියට පැමිණේ. ධම්ම සේනාපති වැනි ක්ෂීණාශ්‍රවයන්ට ද මනෝ ද්වාරයෙහි දෝෂාරෝපණ වශයෙන් මනෝ දුසිරිත් උපදී.