පුග්ගලවාරවණ්ණනා
දැන් තැබූ පිළිවෙලින් මාතෘකා විසඳීමට යමෙකුගේ සිත උපදියි නිරුද්ධ නොවේ’ යනාදිය ආරම්භ කරන ලදි. එහි උප්පජ්ජති යයි උප්පාද ක්ෂණයෙන් යුක්තව උපදී. න නිරුජ්ඣති යයි නිරෝධ ක්ෂණය නොපැමිණි බැවින් නිරුද්ධ නොවේ. තස්ස චිත්තං යයි ඒ පුද්ගලයාගේ එතැන් පටන් සිත නිරුද්ධ වන්නේය. නූපදීදැයි අසයි. තෙසං චිත්තං සසර දුක් නැතිකළ යම් ක්ෂීණාශ්රවයන්ගේ සියල්ලටම පසුව චුති සිතේ උප්පාද ක්ෂණය වැටේ. ඔවුන්ගේ ඒ චුති සිතම ඉපදීම් බවට පැමිණියෙන් උපදියි. භංගයට නොපැමිණි බැවින් නිරුද්ධ නොවේ. දැන් වනාහි භංගයට පැමිණ එය ඔවුන්ගේ සිත නිරුද්ධ වන්නේය. ඉක්බිති අප්රතිසන්ධි බැවින් අනිකක් නූපදින්නේය. ඉතරෙසං යයි අවසන් සිත ඇතුළත් ක්ෂීණාශ්රවයා හැර අවසේස සෙකාසෙක පෘථග්ජනයින්ගේ නිරුජ්ඣිස්සති චෙව උප්පජ්ජිස්සති යමෙක් උප්පාද ක්ෂණයට පැමිණියේද ඔහු නිරුද්ධ වන්නේමය. අන්යයා වනාහි එහි හෝ වෙනත් ආත්මභාවයක හෝ උපදින්නේ ද නිරුද්ධ වන්නේද වේ. දෙවන පුච්ඡා විසඳීමෙහි ද එබඳු වූම ක්ෂීණාශ්රවයාගේ සිත සඳහා ආමන්තා යයි කියන ලදි. නූප්පජ්ජති නිරුජ්ඣති යයි භංග ක්ෂණයෙහි රහතන් වහන්සේගේ අවසාන සිත ද සෙස්සන් ගේ බිඳෙන සිත ද, එතැන් පටන් වනාහි රහතුන්ගේ සිත නිරුද්ධ නොවන්නේ යයි කීමට හැකිය. සෙස්සන්ගේ උපදින්නේ යයි කිවහැකිය. නිරුද්ධ නොවේ යයි කිව නොහැක. එහෙයින් නො යයි ප්රතිසෙධ කරන ලදි. දෙවන ප්රශ්නය. යස්ස චිත්තං නො නිරුජ්ඣිස්සති උප්පජ්ජිස්සති යයි ඒ පුද්ගලයාම නැත. එහෙයින් නත්ථි යයි ප්රතික්ෂෙප කරන ලදි.
උප්පන්නං උපත යුත් මෙය නමකි. ඉපදීමට පැමිණ නිරුද්ධ නොවන්නේ ද වේ. එහි උත්පාදයෙන් යුක්තවීම සඳහා ආමත්තා යයි, ඉපදීමට පැමිණ අතිරුද්ධභාවය සඳහා. තෙසං චිත්තං උප්පන්නං යයි කියන ලදි. අනුප්පත්තං යයි උපතට නොපැමිණියෝ. තෙසං චිත්තං උප්පජ්ජිත්ථ යන මෙහි ද සියල්ලන්ගේ සිත ක්ෂණ වර්තමානයම වී උප්පාද ක්ෂණය අතීත බැවින් උප්පජ්ජිත්ථ නම් වේ. නිරෝධයට සමවැදුනවුන්ගේ නිරෝධයෙන් පෙර උපන් පෙර බැවින්, අසඤ්ඤ සත්ත්වයින්ගේ සංඥී භවයෙහි උපන් පෙරටු බව. උප්පජ්ජිත්ථචෙව උප්පජ්ජතිච උත්පාදයට පැමිණියේ ඉපදුනහ. අනතීත බැවින් උපදී නමැයි අර්ථ වේ.
උප්පාදක්ඛණෙ අනාගතඤ්ච උත්පාද ක්ෂණයෙහි සිත ද අනාගත සිත ද යන අර්ථය වේ.
අතික්කන්ත කාල වාරයෙහි උප්පජ්ජමානං ඛීණං යයි උප්පාද ක්ෂණය යම්තැනක කිසියම් උප්පාද ක්ෂණය ද උපදින්නේ නම් නොවේ. උපදින්නහුගේ වනාහි ක්ෂණබව මෙසේ කියන ලදි. ඛණං වීතික්කන්තං අතික්කන්ත කාලං ඉක්මවී කලක් නොවේ. එයම වනාහි උප්පාද ක්ෂණ අතික්රමණය වී අතික්කන්ත කාල යයි සංඛ්යාවට යයි. නිරුජ්ඣමානං ඛණං නිරෝධ ක්ෂණය. එහි කිසියම් නිරෝධ ක්ෂණය නිරුද්ධ වන්නේ නම් නොවේ. නිරුද්ධ වන්නාගේ ක්ෂණබව මෙසේ කියන ලදි. ඛණං වීතික්කන්තං අතික්කත්ත කාලං අතික්රාන්ත කාලය නම් වේ යයි අසයි. එහි යම්හෙයකින් භංග ක්ෂණයෙහි සිත උත්පාද ක්ෂණ ක්ෂණය ඉක්මවා අතික්කන්ත කාලය වේ. නිරෝධ ක්ෂණ ක්ෂණය ඉක්මවා අතික්කන්ත කාලය නොවේ. අතීත සිත ක්ෂණ දෙකම ක්ෂණය ඉක්මවා අතික්කත්තකාල නම් වේ. එහෙයින් භංගක්ඛණෙ චිත්තං උප්පාදක්ඛණං වීතික්කන්තං භංගක්ඛණං අවීතික්කන්තං අතීතං චිත්තං උප්පාදක්ඛණඤ්ච වීතික්කන්තං භංගක්ඛණඤ්ච වීතික්කන්තං විසඳමින් කීය. දෙවන ප්රශ්නයේ විසඳුමෙහි යම් හෙයකින් අතීත සිත ක්ෂණ දෙකෙහිම ඉක්මවා අතික්කන්ත කාල නම්වේ. එහෙයින් අතීත සිත යයි කියන ලදි. පටිලෝම ප්රශ්නය විසඳීමෙහි යම්හෙයකින් උප්පාද ක්ෂණයේද සිත අනාගත සිත ද ක්ෂණ දෙකේම ක්ෂණය ඉක්මවා අතික්කන්ත කාල නම් නොවේ. ඔවුන්ගේ ක්ෂණ ඉක්මවීය. එහෙයින් උප්පාදක්ඛණෙ චිත්තං අනාගතං චිත්තං යයි කියන ලදි. දෙවන විසඳුම ප්රකටය.