8. චිත්ත යමක වර්ණනාව
උද්දෙසවාර වණ්ණනා
දැන් ඒ මූල යමකයෙහි ම දේශනා කරන ලද කුසලාදි ධර්මවල ලැබීම් වශයෙන් ඒකදේශයක්ම සංග්‍රහකොට අනුසය යමකයට අනතුරුව දේශනා කළ චිත්ත යමකයේ අර්ථ වර්ණනාව වේ. මෙහි පෙළෙහි නියමය පළමුව දැනගත යුතුය. මෙම චිත්ත යමකයෙහි. මාතිකා ඨපනය ඨපිත මාතිකා විසඳීම යයි වාර දෙකක් වේ. එහි මාතෘකා තැබීමේ පුග්ගලවාර, ධම්මවාර, පුග්ගල ධම්මවාර යයි මුලින් සුද්ධික මහාවාර තුනක් වේ.
එහි යස්ස චිත්තං උප්පජ්ජති න නිරුජ්ඣති මෙසේ පුද්ගල වශයෙන් සිතේ උපදින නිරුද්ධවන ආදි භේද දක්වමින් යන ලද්දේ පුග්ගල ධම්මවාර නම් වේ. යස්ස යං චිත්තං උප්පජ්ජති න නිරුජ්ඣති යයි මෙසේ ධර්ම වශයෙන්ම සිතේ උපදින නිරුද්ධවන භේද දක්වන්නේ පුග්ගලධම්මවාර නම් වේ. ඉක්බිති යස්ස සරාගං චිත්තං යයි සොළොස් පදයන්ගේ වශයෙන් පසුව සරාගාදි පද විශේෂිත වූ සොළස පුග්ගල වාර, සොළස ධම්මවාර, සොළස පුග්ගල ධම්මවාර අට සතළිස් මිශ්‍රකවාර වේ. ඒවා සරාගාදි පද පමණක් දක්වා සංක්‍ෂෙප කරන ලදි. ඉක්බිති යස්ස කුසලං චිත්තං යනාදි නයින් දෙසිය හැටහය සංඛ්‍යාවක් අභිධර්ම මාතෘකා පද වශයෙන් පසුව කුසලාදි පද විශේෂිතව දෙසිය හැටහයක් පුද්ගලවාර, දෙසිය හැටහයක් ධම්මවාර, දෙසිය හැටහයක් පුග්ගල ධම්මවාර යයි හත්සිය අනූඅටක් මිශ්‍රක වාර වේ. ඒවාද කුසලාදි පද පමණක් දක්වා සංක්‍ෂෙප කෙළේමය. මෙහි යම් නිදර්ශන සහිත පද සිත සමග නොයෙදේ. ඒවා මෝඝ පුච්ඡා වශයෙන් තබන ලදි.
ඒවායින් තුන් වාරයක සියල්ලට පළමු සුද්ධික පුග්ගල මහාවාරයෙහි උප්පාද නිරොධ කාල සම්භේද වාරය, උප්පාදඋප්පන්න වාරය, නිරොධ උප්පන්න වාරය, උප්පාද වාරය, නිරොධ වාරය, උප්පාද නිරොධ වාරය, උප්පජ්ජමාන නිරොධ වාරය, උප්පජ්ජමාන උප්පන්න වාරය, නිරුජ්ඣමාන උප්පන්නවාරය, උප්පන්න උප්පාදවාරය, නිරුද්ධ නිරුජ්ඣමාන වාරය, අතීතානාගතවාරය, අතික්කන්තකාල වාරය යයි අන්තරවාර තුදුසකි. ඒවා අතරින් උප්පාදවාරය, නිරෝධවාරය, උප්පාද නිරොධවාරය යයි මේ වාර තුනෙහි අනුලෝම පටිලෝම වශයෙන් හය හය කොට යමක අටළොසක් වේ. උප්පන්න උප්පාද වාරයෙහි අතීත අනාගත කාල වශයෙන් අනුලෝම දෙකක් වේ. පටිලෝම දෙකකැයි යමක සතරක් වේ. සෙසු ඒවායෙහි මුලින් නිර්දිට්ඨ තුන, අනතුරුව, නිර්දිෂ්ඨ තුන අවසානයෙහි නිර්දිෂ්ඨ සතර යැයි දසවාරයෙහි අනුලෝම වශයෙන් එකකි. පටිලෝම වශයෙන් එකකැයි දෙක දෙක කොට යමක විස්සක් වේ. මෙසේ සියළු තුදුසෙහිම අන්තරවාරයෙහි යමක සතළිස් දෙකකි. පුච්ඡා අසූහතරකි. අර්ථ එක්සිය හැටඅටකි. ඒක සුද්ධික පුද්ගල වාරයෙහි යම්සේද එසේම සුද්ධික ධම්ම වාරයෙහිද සුද්ධික පුග්ගල ධම්මවාරයෙහි ද තුන්මහා වාරයෙහි යමක එක්සිය විසිහයක් වේ. එයින් දෙගුණය පුච්ඡා වේ. එයින් දෙගුණය අර්ථය වේයයි දතයුතුය. මෙය වනාහි වාර තුනේ සරාගාදි වශයෙන් සොළොස් ගුණයයි. කුසලාදි වශයෙන් දෙසිය හැටහය ගුණ කොට මේ චිත්ත යමකයෙහි අනෙක වූ යමක දහයක් වේ. එයින් දෙගුණය පුච්ඡා වේ. එයින් දෙගුණය අර්ථද වේයයි පාඨය සංක්‍ෂෙප කරන ලදි. මෙසේ මේ චිත්ත යමකයෙහි පෙළෙහි නියමය දතයුතුය.
මතිකා ඨපන වැනුම නිමි.
නිර්දේශවාර
පුග්ගලවාරවණ්ණනා
දැන් තැබූ පිළිවෙලින් මාතෘකා විසඳීමට යමෙකුගේ සිත උපදියි නිරුද්ධ නොවේ’ යනාදිය ආරම්භ කරන ලදි. එහි උප්පජ්ජති යයි උප්පාද ක්‍ෂණයෙන් යුක්තව උපදී. න නිරුජ්ඣති යයි නිරෝධ ක්‍ෂණය නොපැමිණි බැවින් නිරුද්ධ නොවේ. තස්ස චිත්තං යයි ඒ පුද්ගලයාගේ එතැන් පටන් සිත නිරුද්ධ වන්නේය. නූපදීදැයි අසයි. තෙසං චිත්තං සසර දුක් නැතිකළ යම් ක්‍ෂීණාශ්‍රවයන්ගේ සියල්ලටම පසුව චුති සිතේ උප්පාද ක්‍ෂණය වැටේ. ඔවුන්ගේ ඒ චුති සිතම ඉපදීම් බවට පැමිණියෙන් උපදියි. භංගයට නොපැමිණි බැවින් නිරුද්ධ නොවේ. දැන් වනාහි භංගයට පැමිණ එය ඔවුන්ගේ සිත නිරුද්ධ වන්නේය. ඉක්බිති අප්‍රතිසන්ධි බැවින් අනිකක් නූපදින්නේය. ඉතරෙසං යයි අවසන් සිත ඇතුළත් ක්‍ෂීණාශ්‍රවයා හැර අවසේස සෙකාසෙක පෘථග්ජනයින්ගේ නිරුජ්ඣිස්සති චෙව උප්පජ්ජිස්සති යමෙක් උප්පාද ක්‍ෂණයට පැමිණියේද ඔහු නිරුද්ධ වන්නේමය. අන්‍යයා වනාහි එහි හෝ වෙනත් ආත්මභාවයක හෝ උපදින්නේ ද නිරුද්ධ වන්නේද වේ. දෙවන පුච්ඡා විසඳීමෙහි ද එබඳු වූම ක්‍ෂීණාශ්‍රවයාගේ සිත සඳහා ආමන්තා යයි කියන ලදි. නූප්පජ්ජති නිරුජ්ඣති යයි භංග ක්‍ෂණයෙහි රහතන් වහන්සේගේ අවසාන සිත ද සෙස්සන් ගේ බිඳෙන සිත ද, එතැන් පටන් වනාහි රහතුන්ගේ සිත නිරුද්ධ නොවන්නේ යයි කීමට හැකිය. සෙස්සන්ගේ උපදින්නේ යයි කිවහැකිය. නිරුද්ධ නොවේ යයි කිව නොහැක. එහෙයින් නො යයි ප්‍රතිසෙධ කරන ලදි. දෙවන ප්‍රශ්නය. යස්ස චිත්තං නො නිරුජ්ඣිස්සති උප්පජ්ජිස්සති යයි ඒ පුද්ගලයාම නැත. එහෙයින් නත්‍ථි යයි ප්‍රතික්‍ෂෙප කරන ලදි.