සානුසයවාරවණ්ණනා
සානුසය වාරයෙහි වනාහි කාමරාගානුසයෙන සානුසයො යයි යම්සේ ඒකන්තරික ජරාදි රෝගයෙන් ආබාධිතව යම්තාක් ඒ රෝගයෙන් නොමිදේ ද ඒතාක් ඔහුගේ රෝගයේ අනුප්පත්ති ක්ෂණයෙහි ද රෝග සහිත වූයේ නම් වේ. මෙසේ කෙලෙස් සහිත වූ සසරගාමි සත්ත්වයාගේ ආර්ය මාර්ගයෙන් අනුසය ඉවත්කරන තුරු ඒ අනුසයන්ගේ උප්පත්ති ක්ෂණයෙහි ද සානුසයම නම් වේ. මෙබඳු රූප වූ සානුසය බව සඳහා ආමන්තා යයි කියන ලදි. මෙහි සෙස්ස අනුසයවාර හා සමාන වේ.
ඔකාස වාරයෙහි වනාහි රූපධාතුයා අරූපධාතුයා එත්ථ මානානුසයෙන සානුසයො යයි කියන ලද්දේ ඒ ධාතුවල පුද්ගලයාගේ අනුසය සහිත බව පෙනෙන්නේය. අනුසයේ උත්පත්ති ස්ථානය නො පෙනෙන්නේය. අනුසයේ උත්පත්ති ස්ථානය දැකීම සඳහා මේ වාරය අරඹන ලදි. එහෙයින් එයින් මානානුසයෙන සානුසයො යයි කියන ලදි. මෙසේ ඇතිකල්හි ඒ ධාතු දෙකින් උපන් මාන අනුසයෙන් සානුසය යයි අනුසයේ උපන් ස්ථානය දක්වන ලද්දේ වේ. මේ ප්රශ්නයේ අර්ථය නොකියන ලද කල්හි මුල් ප්රශ්නයේ අර්ථය ප්රකට නොවේ යයි පළමුව නොකියන ලදි. එහෙයින් එය මෙසේ දතයුතුය. යතො කාමරාගානුසයෙන යමකින් උපන් කාමරාගානුසයෙන් සානුසය වේ. කිම එය එයින් උපන් පටිඝ අනුසයෙන් ද සානුසය වේද? යම්හෙයකින් ඒ දෙක එකම තැනින් නූපදී. එහෙයින් නො යයි ප්රතිසෙධ කරන ලදි. අරහා සබ්බත්ථා සුදුසු සියළු ධර්මවල උපදින්නා විසින් කිසියම් අනුසයෙන් නිරනුසය වේ. මෙයින් අර්ථ වශයෙන් සියළු තැන්වල සත්තමී විභත්තියම යොදන ලදි. මෙම උපායෙන් සියළු අර්ථ විනිශ්චය දතයුතුය.
සානුසය වාර කථා නිමි.
පජහනවාරවණ්ණනා
දුරුකරන වාරයෙහි පජහති ඒ ඒ මගින් ප්රහාන පරිඤ්ඤා වශයෙන් දුරුකරයි. ඉදිරියේ අනුත්පත්ති ධර්මතාවට පමුණුවයි. ආමන්තා යයි අනාගාමි මාර්ගස්ථයා සඳහා ප්රතිවචනයයි. තදෙකට්ඨං පජහති ප්රහානයෙහි කාෂ්ඨභාවය සඳහා කියන ලදි. නො යයි අරහත් මාර්ගස්ථාන සඳහා ප්රතිසේධය.
යතො කාමරාග අනුසයං පජහති යමකින් ඉපදෙන කාමරාග අනුසය දුරුකරයි යන අර්ථය වේ. අට්ඨමකො අරහත් ඵලයේ සිට ප්රති ආරෝහන ගණනින් ගණන් ගන්නේ සෝවාන් මාර්ගස්ථයා අට්ඨමකු නම් වේ. දක්ෂණෙය්ය ගණනින් රහතන් වහන්සේ අග්ර දක්ඛිණෙය්ය බැවින් පළමුවැන්නාය. අරහත්ත මාර්ගස්ථයා දෙවැන්නාය. අනාගාමි තුන්වැන්නාය. සෝවාන් මාර්ගස්ථයා අටවැන්නාය. හේ මෙහි අට්ඨමකයයි කියන ලදි. ඔහුට මේ නාම සංඥාවක් වේ. අනාගාමි මග්ග සමංගිඤ්ච අට්ඨමකඤ්ච ඨපෙත්වා අවසෙසා යයි පෘථග්ජනයා සමග සේක අසේකයෝ. ඔවුනතුරෙන් පෘථග්ජනයා ප්රහාන පරිඤ්ඤාව නොමැති වීමෙන් දුරු නොකරයි. සෙස්සෝ ඔවුන්ගේ අනුශායවල ප්රහීන බැවින්. ද්වින්නං මග්ග සමංගිනං යුක්ත වූ මාර්ග දෙක හැර යන අර්ථයයි. මෙම නයින් සියලු තැන විනිශ්චය දතයුතුය.
පජහනවාර කථා නිමි.
පරිඤ්ඤාවාරවණ්ණනා
පරිඤ්ඤාවාරයෙහි පරිජානාති යයි පරිඤ්ඤා තුනකින් දැනගනී. මෙහි සෙස්ස යට කියන ලද නයම වේ. මෙම වාරය ද වනාහි පජහන වාරය මෙන් මාර්ග ස්ථාන වශයෙන් ම විසඳන ලදි.
පරිඤ්ඤාවාර කථා නිමි.
පහීනවාරවණ්ණනා
ප්රහීන වාරයෙහි ඵලස්ථ වශයෙන් ම දේශනාව අරඹන ලදි. අනාගාමියාට මේ අනුශය දෙකම ප්රහීනය. එහෙයින් ආමන්තා යයි කියන ලදි.
ඕකාස වාරයෙහි යත්ථ කාමරාගානුසයො පහීනො තත්ථ පටිඝානුසයො පහීනොති පුච්ඡිත්වා න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා යයි කියන ලදි. එය කුමක් නිසාද? උපන් ස්ථානයේ අසාධාරණ බැවිනි. කාමරාගානුසයේ උපන් තැන අන් තැනකය. පටිඝානුසයේ අන්තැනකය. අභාවිත මාර්ගයේ ද යම්තැන අනුසය උපදී. එහිම භාවිත මාර්ගයෙහි එය ප්රහීන නම් වේ. එහි යම්හෙයකින් කාමරාග අනුසය ස්ථානයෙහි පටිඝානුසය නො උපදී. පටිඝ අනුසය ස්ථානයෙහි කාමරාගානුසය නූපදී. එහෙයින් එහි එය ප්රහීන හෝ අප්රහීන හෝ යයි නොකිව යුතුය. එය තමාගේ උපන් ස්ථානයෙහි කාමරාග අනුසය ප්රහීන වේ. එහි අප්රහීන බැවින් එහි ප්රහීන යයි නොකිව යුතුය.