අනුසයවාර වර්ණනාව
සත්මහා වාරවල වනාහි පළමු අනුශය වාරයෙහි යමෙකුගේ කාමරාග අනුශය පවතීද ඔහුගේ පටිඝානුසය පවතී යයි ප්‍රතිවචන දෙන ලදි. එය වැරදියට දෙන ලදැයි හැඟේ. කුමක් හෙයින්ද? කාමරාග පටිඝයන්ගේ ඒකක්‍ෂණයෙහි නො උපදින බැවින්. යමෙකුගේ මනායතනය උපදී නම් ඔහුගේ ධම්මායතනය උපදීද එසේය. ආශ්වාස ප්‍රශ්වාසවල උපන් කෙරෙන ඔවුන්ගේ කාය සංඛාරය ද උපදී. වචී සංඛාරය ද උපදී යනාදියෙහි මනායතන ධම්මායතන කාය සංඛාර වචී සංඛාර ද එක් ක්‍ෂණයෙහි උපදී. කාමරාග පටිඝ එසේ නොවේ. කාමරාගය ලෝභසහගත සිත් අටෙහි උපදී. පටිඝය දොම්නස් සිත් දෙකෙහි උපදී. ඒවායේ ඒකක්‍ෂණයෙහි ඉපදීමක් නැත. එහෙයින් මෙහි ‘නො’ යයි ප්‍රතිශේධ කළයුතු වන්නේය. එය නොකොට වනාහි ‘ආමන්තා’ යයි ප්‍රතිවචන දුන් බැවින් යට යමකයෙහි මෙන් මෙහි ක්‍ෂණ වර්තමාන වශයෙන් වර්තමාන ව්‍යවහාරය නොගෙන වෙන ආකාරයකින් ගතයුතුය.
කෙසේද? අප්‍රහීන වශයෙන්. අප්‍රහීන බව සඳහා මෙය පවතී යයි වර්තමාන ව්‍යවහාරයෙහි කියන ලදි. ක්‍ෂණ පච්චුප්පන්න භාවයෙන් නොවේ. යම්හෙයකින් අප්‍රහීන බව සඳහා කියන ලදි. එහෙයින් යමෙකුගේ කාමරාග අනුසය පවතීද ඔහුගේ පටිඝානුසය පවතීදැයි ඇසීමෙන් යමෙකුගේ කාමරාග අනුසය අප්‍රහීන වූයේ අනුප්ප්‍රාප්ති ධර්මතා ඉදිරිපත් නොවේ. ඔහුගේ පටිඝානුසයද අප්‍රහීන යයි මෙසේ අර්ථ වේයයි දැකිය යුතුය. යම්හෙයකින් ඒවායින් යමෙකුගේ එකක් අප්‍රහීනද ඔහුගේ ඉතිරි ඒවාද අප්‍රහීනම වේ. එහෙයින් ‘ආමන්තා’ යයි කියන ලදි. ඉදින් මෙසේ යමක් ඉහළ උපදින වාරයේ යමෙකුගේ කාමරාග අනුසය උපදීද ඔහුගේ පටිඝානුසය උපදීදැයි අසා ‘ආමන්තා’ යයි කියන ලදි. එහි අර්ථය කෙසේ ගතයුතු වේද? එහි ද අප්‍රහීන වශයෙන් ම උත්පත්ති ප්‍රත්‍යය ඇතිකල්හි උපතින් නො වැළැක්වීම් වශයෙන් හෝ. චිත්ත කර්මාදිය අරඹා නිමානොවූ කර්මාන්ත ඇත්තේ චිත්‍ර කාරාදීහු ඒ කර්මාන්තවල නොකරන ක්‍ෂණයෙහි ද මිතුරු සුහදයන් විසින් දුටු දුටු තැන්වල මේ දවස්වල කුමක් කරවුදැයි කියන ලදි. චිත්‍ර කර්මය කරමු. වඩුවැඩ කරමු යයි කියති. ඔව්හු ඒ අවස්ථාවේ (කළණයේ) කිසිවක් නොකරති. අවිච්ඡින්න කර්මාන්තභාවය වනාහි කළ ක්‍ෂණය ද කළයුතු කළණයද ගෙන කෙරෙතිම යයි වේ. එසේම යමෙකුගේ සන්තානයෙහි අනුසයෝ අප්‍රහීන ද යමෙකුගේ වනාහි හෝ ඔහුගේ සන්තානයෙහි උත්පත්ති ප්‍රත්‍ය ඇතිකල්හි උපත නොවළක්වන ලදි. එහි නූපදින ක්‍ෂණයෙහි ද ඉපදීමෙන් පෙරද කාල අතරෙහි ඉපදීමද ගෙන යමෙකුගේ කාමරාගානුසය උපදීද ඔහුගේ පටිඝානුසය ඉපදීම වේයයි මෙසේ අර්ථය දතයුතුය. මෙයින් පසුවද මෙබඳු වූ විසඳුම්වල මෙම නයම වේ. නො ච තස්ස මෙය අනාගාමීහුගේ කාමරාග ව්‍යාපාදවල ඉතිරි නැතිව ප්‍රහීන බව කියන ලදි. තිණ්ණං පුග්ගලානං පුථුක්ජන, සෝවාන්, සකදාගාමි. ද්වින්නං පුග්ගලානං සෝවාන් සකදාගාමි දෙදෙනා පසුවද මෙබඳු රූප තැන්වල මෙම නයම වේ.
ඕකාස වාරයේ පළමු දෙවන පුච්ඡාවල යම්සේ කාමරාගානුසය කාමධාතුවේ (ලෝකයේ) වේදනා දෙකක පවතී. පටිඝානුසය දුක්වේදනාවේ. එහෙයින් ‘නො’ යයි ප්‍රතිසේධ කරන ලදි. තුන්වන පුච්ඡාවෙහි දෙකද කාමධාතුවේ වේදනා දෙකෙහි පැවතීමෙන්. ආමත්තා යයි ප්‍රතිවචනය දෙන ලදි. රූපධාතු අරූප ධාතු වනාහි මාන අනුසයේ කාමරාග අනුසය සමග අසාධාරණ උත්පත්ති ස්ථාන වේ. එහෙයින් නො ච තත්‍ථ කාමරාගානුසයො යයි කියන ලදි. මෙම නයින් සියල්ලේ උත්පත්ති ස්ථාන වාරය බලා සාධාරණ අසාධාරණ උත්පත්ති ස්ථාන දතයුතුය.
දුක මූලක පුච්ඡාවෙහි යම්හෙයකින් කාමරාග පටිඝානුසය එක එක තැන්වල නූපදී. එක ධර්මයක් අරමුණු නො කරයි. එහෙයින් නත්‍ථි යයි ප්‍රතික්‍ෂෙප කරන ලදි. එහි අදහස් මෙසේය. යම්සේ මේ අනුසය දෙක පවතින්නේ නම් ඒ ස්ථානයම නැත. එහෙයින් මාන අනුසය පවතී යයි මේ පුච්ඡා අපුච්ඡා වේමය. (ඇසීමක් නොවේ යන අර්ථයයි.) අනිත් මෙබඳු රූප තැන්වල මෙම නයම වේ.
පුග්ගල ඔකාස වාරයෙහි චතුන්නං පෘථග්ජන, සෝවාන්, සකදාගාමි, අනාගාමි
පටිලෝම නයෙහි යස්ස කාමරාගානුසයො නානුසෙති මේ පුච්ඡාව අනාගාමියා ගෙන අසයි.
ද්වින්නං පුග්ගලානං සබ්බත්‍ථ කාමරාගානුසයො නානුස්සති අනාගාමි, අරහතුන්ගේ. කාමධාතුයා තීසු වෙදනාසු වේදනාව ගැනීමෙන් වේදනා සම්ප්‍රයුක්තයන්ගේ ද ඒවායේ වස්තු අරමුණු ද යන සියළු කාමාවචර ධර්මවල ගැනීම දතයුතුය.
මේ අනුසයවාර විනිශ්චය කථා නිමි.
සානුසයවාරවණ්ණනා
සානුසය වාරයෙහි වනාහි කාමරාගානුසයෙන සානුසයො යයි යම්සේ ඒකන්තරික ජරාදි රෝගයෙන් ආබාධිතව යම්තාක් ඒ රෝගයෙන් නොමිදේ ද ඒතාක් ඔහුගේ රෝගයේ අනුප්පත්ති ක්‍ෂණයෙහි ද රෝග සහිත වූයේ නම් වේ. මෙසේ කෙලෙස් සහිත වූ සසරගාමි සත්ත්වයාගේ ආර්ය මාර්ගයෙන් අනුසය ඉවත්කරන තුරු ඒ අනුසයන්ගේ උප්පත්ති ක්‍ෂණයෙහි ද සානුසයම නම් වේ. මෙබඳු රූප වූ සානුසය බව සඳහා ආමන්තා යයි කියන ලදි. මෙහි සෙස්ස අනුසයවාර හා සමාන වේ.
ඔකාස වාරයෙහි වනාහි රූපධාතුයා අරූපධාතුයා එත්‍ථ මානානුසයෙන සානුසයො යයි කියන ලද්දේ ඒ ධාතුවල පුද්ගලයාගේ අනුසය සහිත බව පෙනෙන්නේය. අනුසයේ උත්පත්ති ස්ථානය නො පෙනෙන්නේය. අනුසයේ උත්පත්ති ස්ථානය දැකීම සඳහා මේ වාරය අරඹන ලදි. එහෙයින් එයින් මානානුසයෙන සානුසයො යයි කියන ලදි. මෙසේ ඇතිකල්හි ඒ ධාතු දෙකින් උපන් මාන අනුසයෙන් සානුසය යයි අනුසයේ උපන් ස්ථානය දක්වන ලද්දේ වේ. මේ ප්‍රශ්නයේ අර්ථය නොකියන ලද කල්හි මුල් ප්‍රශ්නයේ අර්ථය ප්‍රකට නොවේ යයි පළමුව නොකියන ලදි. එහෙයින් එය මෙසේ දතයුතුය. යතො කාමරාගානුසයෙන යමකින් උපන් කාමරාගානුසයෙන් සානුසය වේ. කිම එය එයින් උපන් පටිඝ අනුසයෙන් ද සානුසය වේද? යම්හෙයකින් ඒ දෙක එකම තැනින් නූපදී. එහෙයින් නො යයි ප්‍රතිසෙධ කරන ලදි. අරහා සබ්බත්‍ථා සුදුසු සියළු ධර්මවල උපදින්නා විසින් කිසියම් අනුසයෙන් නිරනුසය වේ. මෙයින් අර්ථ වශයෙන් සියළු තැන්වල සත්තමී විභත්තියම යොදන ලදි. මෙම උපායෙන් සියළු අර්ථ විනිශ්චය දතයුතුය.