උප්පත්තිට්ඨානවාරවණ්ණනා
දැන් ඒවායේ උත්පත්ති ස්ථාන පැවසීමට කාමරාග අනුසය කොහේ වැතිර සිටීද? යනාදිය කීහ. එහි කාමධාතුවෙහි වේදනා දෙකකය. කාමාවචර භූමියෙහි සැප සහ මැදහත් යන වේදනා දෙකෙහි. එත්‍ථ කාමරාගානුසයො අනුසෙති මෙම වේදනා දෙකෙහි උපදී. එය වනාහි මේ අකුසල වේදනාවල සහජාත වශයෙන් හා අරමුණු වශයෙන්දැයි දෙයාකාරයකින් අත්නොහැර පවතී. අකුසල්වල සැප වේදනාවේද මැදහත් වේදනාවේද එකට උපදී. ඒ වේදනා අරමුණු කොට උපදී යන අර්ථයයි. අවසේස කාමාවචර කුසල විපාක කිරිය වේදනා අරමුණු කොට උපදී. කාමධාතුවෙහි වේදනා දෙකක අත් නොහැර පවතින්නා වූ මෙය ඒ වේදනා හා සම්ප්‍රයුක්ත වූ සඤ්ඤා සංඛාර විඤ්ඤාණවලද අත්නොහැර පවතීමය. වේදනාවල අත්නොහැර පැවතීමෙන් එය හා යුක්ත වූ සංඥාදිය සමග සහජාත නොවී හෝ පැවතීමට නොහැකි වේ. එය හා යුක්ත වූ සංඥාදිය හෝ අරමුණු නොකොට ඉපදීමට නොහැකි වේ. මෙසේ ඇතිකල්හි වනාහි යම්හෙයකින් මේ වේදනා දෙකම මිහිරි අන්ත සැප අන්ත ආශ්වාදන අර්ථයෙන් කාමරාග අප්‍රාසයේ උපතින් සෙසු සම්ප්‍රයුක්ත ධර්මවල ප්‍රධාන වේ. එහෙයින් වේදනා දෙකෙහි කාමරාග අනුසය අත්නොහැර පවතී යයි කියන ලදි. ඕළාරික වශයෙන් අවබෝධ කළයුත්තන්ට පහසුවෙන් අවබෝධ කරවති.
මෙය අරමුණු වශයෙන් අත්නොහැර පවතින්නේ හුදෙක් මේ වේදනා දෙකෙහි ද වේදනා සම්ප්‍රයුක්ත ධර්මවල ද අත්නොහැර පවතී. ඉෂ්ට රූපාදියෙහි ද අත්නොහැර පවතීමය. විභංග ප්‍රකරණයෙහි මෙය කියන ලදි. ‘ලෝකයෙහි ප්‍රිය රූප වූ මිහිරි රූප වූ යමක් වේද, එහි සත්ත්වයින්ගේ කාමරාග අනුශය අත්නොහැර පවතී. මේ ප්‍රකරණයෙහි ම අනුශයවාර පටිලෝම නයෙහි කියන ලද:- යම්තැනක කාමරාග අනුශය අත්හැර පවතීද එතැන දිට්ඨ අනුශය අත්හැර පවතී. දුක් වේදනාවෙන් රූපධාතුවේ අරූප ධාතුවේ යන මෙහි ද කාමරාග අනුශය අත්හැර පවතී. දිට්ඨානුශයද එහි නොපවතී. අපරියාපත්ත වශයෙන් මෙහි කාමරාග අනුශය ද නොපවතී. දිට්ඨානුශයද නොපවතී යයි මෙහි දුක්ඛ වේදනාවද රූපධාතු ආදියෙහි නොපවතී යයි කියන ලද බැවින් සම්ප්‍රයුක්ත ධර්ම වූ දුක්ඛ වේදනාව ඕකාස සහිත වූ රූපාවචර ධර්මයෙන්ද ලෝකෝත්තර ධර්මය හැර අවසේස රූප සද්දගන්ධ රස ස්පර්ශවල පවතී යයි කියන ලද්දේ වේ. එය මෙහි කුමක්හෙයින් නොකියන ලදද? ඕලාරික නොවන බැවිනි. යට කියන ලද නයින් වේදනාවම ඕළාරික බැවින් මෙයද ඕළාරික නොවේ. මේ රූපාදියෙහි පවතීයයි නොකියන ලදි. අර්ථ වශයෙන් වනාහි ලබයි. එහෙයින් මේවායෙහි ද කාමරාග අනුශය පවතී යයි දතයුතුය. ශාස්තෲන් වහන්සේ සියල්ල සියළු තැන නො වදාළහ. අවබෝධ කළහැකි සත්ත්වයින්ගේ වශයෙන් කිසිතැනක යමක් ලබයි නම් ඒ සියල්ල වදාරති. කිසිතැනක නොවදාරති. එසේම මෙයින් දිට්ඨානුශය පවතීදැයි අසා සත්කාය ඇතුළත් සියළු ධර්මවල දිට්ඨානුශය පවතී යයි යමක් ලබාද ඒ සියල්ල වෙනත් තැනක විසඳමින් වදාරන ලදි. රූපධාතු අරූපධාතු යන මෙහි විචිකිච්ඡා අනුශයද මාන අනුශයද දිට්ඨ අනුශයද පවතී. කාමධාතුවේ වේදනා දෙකෙහිද ඉහත කී අනුශයන් පවතී. දුක්ඛ වේදනාවෙහි විචිකිච්ඡා අනුශය, පටිඝ අනුශය, දිට්ඨ අනුශය පවතී යයි යමක් ලබාද ඒ සියල්ල නොකියා රූපධාතු අරූප ධාතු සමග වේදනා තුන කියන ලදි. වේදනා සම්ප්‍රයුක්ත වනාහි අරූප ධර්ම සියල්ලද රූපයද නොකියන ලදි. කිසිවක් නොකියන ලදි. දිට්ඨ අනුශය මෙහි පවතී. එසේම රූපාදි ඉටු අරමුණෙහි කිසිවක් නොකියන ලදි. කාමරාග අනුශය මෙහි පවතීමය. මෙසේ කාමරාග අනුශයේ පවතින තැන් දතයුතුය.
පටිඝ අනුශය වනාහි දුක් වේදනාවේ වචනයෙන් දොම්නස් වේදනා දෙක, කාය විඤ්ඤාණ සම්ප්‍රයුක්ත දුක් වේදනාව යයි වේදනාව තුනෙහි පවතී. එය වනාහි මේ දොම්නස් වේදනා දෙකෙහි සහජාත වශයෙන් හා අරමුණු වශයෙන් යන දෙයාකාරයකින් පවතී. සෙසු දුක්වේදනාවල අරමුණු වශයෙන් පවතී. ඒ වේදනාවල පවතින්නේ ඒවා සමග සම්ප්‍රයුක්ත සංඥා ස්කන්ධාදියෙහි ද පවතීමය. යම් වේදනාවක් සමග මෙය සහජාත ද එය හා සම්ප්‍රයුක්ත සංඥාදියෙහි ද සහජාත වේ. යම් වේදනාවක් අරමුණු කෙරේ නම් එය හා සම්ප්‍රයුක්ත සංඥා ආදියද අරමුණු කෙරේ. මෙසේ පවතින කල්හි යම් දුක් වේදනාවක් අමිහිරි දුක් වේදනාදියක් බැවින් ආශ්වාද නොවන අර්ථයෙන් පටිඝ අනුශයේ ඉපදීමෙන් සෙසු සම්ප්‍රයුක්ත ධර්මවල අධිකව යෙදේ. එහෙයින් දුක්වේදනාවේ පටිඝ අනුශය පවතීයයි කියන ලදි. ඕළාරික වශයෙන් අවබෝධ කරන්නන්ට පහසුවෙන් අවබෝධ කරවීම සඳහාය.
මේ දුක්වේදනාවල සහ එම සම්ප්‍රයුක්ත ධර්මවල පමණක් නොව අරමුණු වශයෙන් නොපවතින්නේ ද? අනිෂ්ට රූපාදියෙහි ද පවතීමය. විභංග ප්‍රකරණයෙහි කියන ලදි. ලෝකයෙහි යම් අප්‍රිය වූ අමිහිරි වූ රූපයක් වේද එහි සත්ත්වයින්ගේ පටිඝ අනුශය පවතී. මේ ප්‍රකරණයෙහිම අනුශය වාරයේ පටිලෝම නයෙහි කියන ලදි. කාමධාතුවේ වේදනා දෙකක පටිඝ අනුශය නොපවතී. එහි කාමරාග අනුශයද නොපවතී. එහි කාමාවචර වේදනාවල මෙන්ම රූපධාතුවල ද යන දෙකෙහි නොපවතී යයි කියන ලද බැවින් සම්ප්‍රයුක්ත ධර්ම සහිත වේදනා දෙක ඕකාශයෙහි රූපාවචර අරූපාවචර ධර්ම නවය ද ලෝකෝත්තර ධර්මය හැර අවසේස රූපාදියෙහි පවතී යයි කියන ලද්දේ වේ. එය මෙහි කුමක් නිසා නොකියන ලදද? ඕළාරික නොවන බැවිනි. යට කියන ලද නයින් දුක් වේදනාවම ඕළාරික බැවින් මේවායේ වනාහි ඕළාරික නොවන බැවින් මේ රූපාදියෙහි පවතීම යයි දතයුතුය.
ඉතිරි වේදනා දෙක ඉටු අරමුණ හෝ පටිඝයේ අරමුණ කිම නොවේද? නොවන්නේ නොවේ. පිරිහුණු ධ්‍යානයේ විපිළිසර වශයෙන් සම්ප්‍රයුක්ත ධර්ම වූ ඒ වේදනා අරභයා දොම්නස උපදී. ඉටු අරමුණේ ද ලැබූ විපරිණාමය හෝ නොලද අලාභයේ හෝ සිහිකරන්නාට දොම්නස උපදී. එය දොම්නස් මාත්‍රයක් පමණක් වේ. පටිඝ අනුශය නොවේ. පටිඝානුශය වනාහි අනිටු අරමුණෙහි හැපීම් වශයෙන් උපන්නේ බලවත් වූ ක්ලේශයකි. එහෙයින් මෙහි දොම්නස සමග පටිඝය උපන්නේ ද තමාගේ පටිඝ කිස නොකරන බැවින්ම පටිඝ අනුශය නොවේ. අව්‍යවහාර බවට පැමිණේ. පාණාතිපාත චේතනාව සමග උපන් ව්‍යාපාදය මනෝකර්ම නම් නොවන්නා සේ අව්‍යවහාරයට පැමිණේ. මෙසේ පටිඝානුශය නොවේ. අව්‍යවහාර බවම යයි. මෙය කියන ලදි. එක් ඉටු අරමුණක් නෙක්ඛම්ම සිතද හෝ දොම්නස සඳහා ‘යම් එබඳු වූ දොම්නස් පටිඝය එයින් දුරු කෙරේ, එහි පටිඝ අනුශය නොවේ’ යයි මෙසේ පටිඝානුශයේ අනුශය නැතිවීම දතයුතුය.