පරිච්ඡෙදපරිච්ඡින්නුද්දෙසවාරවණ්ණනා
දැන් ඒ මූල යමකයෙහි දේශනා කරන ලද කුසලාදි ධර්මයන්ගේ ලැබීම් වශයෙන් ඒක දේශයක් සංග්‍රහකොට සංඛාර යමකවලට අනතුරුව දේශනා කළ අනුශය යමකයේ අර්ථ වර්ණනාව වේ. එහි මුලින් පෙළෙහි නියමය දතයුතුය. මේ අනුශය යමකයෙහි ඛන්‍ධ යමකාදියෙහි මෙන් දේශනා නොකොට වෙනත් නයකින් පෙළෙහි දේශනාව කරන ලදි. කෙසේද? පළමුව පරිච්ඡේද වශයෙන්, උද්දේස වශයෙන්, උප්පත්ති ස්ථාන වශයෙන් යයි තුන් ආකාරයකින් අනුශයන් ගැන්වීමට පරිච්ඡේද වාරය, පරිච්ඡින්නුද්දෙසවාරය, උප්පත්තට්ඨානවාරය යයි වාර තුනක් දේශනා කරන ලදි. එයින් මහාවාර හතක් වශයෙන් අනුශයන් යොදා යමක දේශනාව කරන ලදි. [missing trans]
ඒවායින් මේ නම් අනුශය වාර, සානුශය වාර, පජහන වාර, පරිඤ්ඤා වාර පහීන වාර උඵ්පජ්ජනවාර, ධාතුවාරයයි වේ. ඒවායින් පළමුව අනුශය වාරය වේ. එය අනුලෝම පටිලෝම වශයෙන් ද්විධ වේ.
එහි අනුලෝම නයෙහි ‘යස්ස අනුසෙති, යත්‍ථ අනුසෙති, යස්ස යත්‍ථ අනුසෙති’ යයි පුග්ගල ඕකාස ඒ දෙක වශයෙන් අන්තරවාර තුනක් වේ. ඒවායින් පළමුව පුග්ගල වාරයෙහි යමෙකුගේ කාමරාග අනුසය අත්නොහැර පවතී ද ඔහුගේ පටිඝානුසය ද අත්නොහැර පවතී. යමෙකුගේ වනාහි පටිඝ අනුසය අත්නොහැර පවතීද ඔහුගේ කාමරාග අනුසයද අත්නොහැර පවතී. යමෙකුගේ කාමරාග අනුසය අත්නොහැර පවතීද ඔහුගේ මාන අනුසය, දිට්ඨි අනුසය, විචිකිච්ඡා අනුසය, භවරාග අනුසය, අවිජ්ජා අනුසය අත්නොහැර පවතී. යමෙකුගේ වනාහි අවිජ්ජා අනුසය අත්නොහැර පවතීද ඔහුගේ කාමරාග අනුසය අත්නොහැර පවතී යයි කාමරාගානුසය මූලක යමක හයක් වේ. නැවත අගහිත ගහණ වශයෙන් පටිඝ අනුසය මූලක පහකි. මාන අනුසය මූලක සතරකි. දිට්ඨ අනුසය මූලක තුනකි. විචිකිච්ඡා අනුසය මූලක දෙකකි. භවරාග අනුසය මූලක එකක් යයි මෙසේ සියල්ල ඒක මූලක එක්විස්සක් වේ. නැවත යමෙකුට කාමරාග අනුසය ද පටිඝ අනුසය ද අත්නොහැර පවතීදැයි මෙසේ ආවා වූ දුක මූලක පහකි. තික මූලක හතරකි. චතුක්කමූලක තුනකි. පංචමූලක දෙකකි. ඡක්කමූලක එකකැයි තවත් පහළොවක් වේ. ඒවා පෙර එක්විස්ස සම තිස්හයක් වේ. පුග්ගල වාරයෙහි යමක තිස්හයක් වේ. එසේම ඕකාස වාරයෙහි ද, පුග්ගලොකාස වාරයෙහිදැයි අනුලෝම නයෙහි යමක සියල්ල එක්සිය අටක් වේ. පටිලෝම වාරයෙහි ද එසේ වේ. එසේ යමක දෙසිය දහසයක් වේ. එයින් දෙගුණය පුච්ඡා වේ. එයින් දෙගුණය අර්ථය වේයයි දතයුතුය. මෙහි යම්සේ මෙසේ සානුසය වාරය, පජහන වාරය, පරිඤ්ඤා වාරය, පහීන වාරය, උප්පජ්ජන වාරය යයි මේ පස්වාරයෙහි ද එක එකෙහි යමක ගණන, යමක දිගුණව පුච්ඡා, පුච්ඡා දිගුණව අර්ථ දතයුතුය. මෙහි මේ වනාහි පළමු තුන්වාරයෙහි විශේෂයකි. ඕකාස වාරයෙහි යත්‍ථ යත්‍ථ යයි නොකියා යතො තතො තතො යයි නිස්සක්ක (පංචමී) වචනයෙන් දේශනාව කරන ලදි. සෙස්ස ද එබඳු වේ.
මේ සියල්ලට පසුව වූ ධාතුවාරය වේ. එය පුච්ඡාවාර විස්සජ්ජන වාර යයි ද්විධ වේ. ඒ පුච්ඡාවාරයෙහි කාමධාතුවෙන් චුත වූ කාමධාතුවේ උපදින්නකුට නේ යයි කියා, කාමධාතුවේ හෝ උපදින්නාට කාමධාතුවෙන් චුතවන්නා යයි නොකියන ලදි. කුමන කරුණක් නිසාද? අර්ථ විශේෂ අභාවයෙන් මේ පුච්ඡා දෙකම එකම අර්ථ වේ. එහෙයින් එක එකේ යමක එක එකේම ප්‍රශ්න අසා සියළු පුච්ඡා අවසානයෙහි පුච්ඡා අනුක්‍රමයෙන් ම කාමධාතුවෙන් චුත වූවහුගේ කාමධාතුවේ උපදින්නන්ගේ කිසිවෙකුගේ අනුසය සත අත්නොහැර පවතී යයි ආදි නයින් විසඳීම කරන ලදි.