පණ්ණත්තිනිද්දෙසවාරවණ්ණනා
නිද්දේස වාරයෙහි වනාහි යට ඛන්ධ යමකයේ පණ්ණත්තිවාර නිද්දේසයෙහි කියන ලද නයින් අර්ථය දතයුතුය. විශේෂ හැර. එහි විශේෂය මෙසේය. දිබ්බ චක්ඛු දෙවන විද්යා ඤාණයයි. පඤ්ඤාචක්ඛු තෙවැනි විද්යා ඤාණයයි. දිබ්බසොතං දෙවැනි අභිඥා ඤාණයයි. තණ්හා සොතං තෘෂ්ණාව. අවසෙසො කායො නාමකය, රූපකාය, හස්තිකාය, අශ්වකාය මෙනි. අවසෙසං රූපං රූපායතනයෙන් සේස වූ භූත, උපාදාය රූපද පියරූප, මිහිරි රූපද. සීලගන්ධො යනාදිය හැමීම් අර්ථයෙන් සීලාදියටම නම් වේ. අත්ථරසො ආදියද යහපත් මිහිරි අර්ථයෙන් අර්ථවලටම නම් වේ. අවසෙසො ධම්මො අනේක ප්රභේද වූ පර්යාප්ති ධර්මාදිය මෙහි විශේෂයයි.
පවත්තිවාරවණ්ණනා
මෙහි ද පවත්තිවාරයේ උප්පාද වාරවල අන්තර තුනෙහි එක එකේ කාලභේද හය වේ. ඒවායේ එක් එක් කාලයෙහි පුද්ගල වාරාදි තුන්වාරයක් වේ. ඒ සියල්ල අනුලෝම පටිලෝම වශයෙන් ද්විධ වේ. එහි වර්තමාන කාලයේ පුද්ගලවාරයේ අනුලෝම නයෙහි ඛන්ධ යමකයෙහි රූපස්කන්ධ මූලක සතරය. වේදනා ස්ක්නධ මූලක තුනය, සඤ්ඤා ස්කන්ධ මූලක දෙකය, සංඛාර ස්කන්ධමූලක එකයයි අගහිත ගහණයෙන් යමක දහයක් වේ. එසේම යමෙකුට චක්ඛායතනය උපදීද ඔහුට සෝතායතනය උපදී. යමෙකුට වනාහි සෝතායතනය උපදීද ඔහුට චක්ඛායතනය උපදී. යමෙකුට චක්ඛායතනය උපදීද ඔහුට ඝානායතන ජිව්හායතන කායායතන රූපායතන සද්දායතන ගන්ධායතන, රසායතන, පොට්ඨබ්බායතන, මනායතන ධම්මායතන උපදී. යමෙකුට වනාහි ධම්මායතන උපදීද ඔහුට චක්ඛායතන උපදීයයි මෙසේ චක්ඛායතන මූලක එකොලහක් ද යමෙකුට සෝතායතනය උපදීද ඔහුට ඝානායතනය උපදී යනාදි නයින් සෝතායතන මූලක දහයක් ද ඝානායතන මූලක නවයක් ද ජිව්හායතන මූලක අටක් ද කායායතන මූලක සතක් ද රූපායතන මූලක හයක් ද සද්දායතන මූලක පහක් ද ගන්ධායතන මූලක හතරක්ද රසායතන මූලක තුනක් ද පොට්ඨබ්බායතන මූලක දෙකක්ද මනායතන මූලක එකක්දැයි අගහිත ගහණයෙන් හැටහයක් යමක වේ.
එහි චක්ඛු ආයතන මූලකවල එකොලහේ යමෙකුට චක්ඛායතනය උපදී. ඔහුට සෝතායතනය, ඝානායතනය, රූපායතනය, මනායතනය, ධම්මායතනය උපදී යයි මේ පසම විසඳන ලදි. ඒවායින් පළමුව විසඳිය යුතු ඒවා විසඳන ලදි. දෙවනුව කිසිවක් ද පළමුවැන්නට සමානව විසඳන ලදි. චක්ඛු සෝත ආයතනවල පවතින ස්ථානයෙහි වනාහි ඝානායතනය ඒකාන්තයෙන් ම නො පවතී. මෙය කෙසේ විසඳිය යුතුදැයි විමතිය නිවාරණය කිරීම සඳහා විසඳන ලදි. රූපායතන මනායතන ධම්මායතන සමග යමක තුන අසදෘශ විසඳීම් බැවින් විසඳන ලදි. සෙසු ජිව්හායතන කායායතන සමග යමක දෙක පෙර දෙක සමග සමානව විසඳන ලදි. සද්දායතනය පටිසන්ධි ක්ෂණයෙහි නොපත් බැවින් එය සමග යමකයේ විසඳීමක් නැත. ගන්ධ රස පොට්ඨබ්බ ආයතන සමග යමක තුන පෙර දෙකට සමානව විසඳන ලද්දේ වේ. පෙළෙහි ලුහුබව සඳහා සංක්ෂෙප කරන ලදි. සෝතායතන මූලකවල යමක් ලබාද එය පෙර සමානව විසඳන ලද්දේ යයි එකක්වත් පෙළට ඇතුළත් නොකරන ලදි. ඝානායතන මූලකවල රූපායතන සමග එකක්, මනායතන, ධම්මායතන සමග දෙකක් තුනක් යමක පෙළෙහි ඇතුළත් කරන ලදි. එසේම ජිව්හායතන කායායතන මූලකවල, රූපායතන මූලකවල මනායතන සමග දෙකක්ම විසඳන ලදි. ගන්ධ රස පොට්ඨබ්බ සමග තුනක් රූපායතන මනායතන සමග සමානව විසඳන ලදි. යම්සේ යට ස්වරූප වූ අචිත්තකයින්ගේ යනාදිය කියන ලදි. එසේම මෙහි ද ස්වරූප වූ අගන්ධවල අරසවල අපොට්ඨබ්බවල යෙදීම දතයුතුය. මෙහි ගන්ධාදිය ආයතන වශයෙන් ම අභිප්රේතය. එහෙයින් සරූපකානං සගන්ධායතනානං යන ආයතන වශයෙන් මෙනි. අර්ථය දතයුතුය.
සද්දායතන මූලකවල අර්ථ අභාවයෙන් පෙළෙහි ඇතුළත් නොකරන ලදි. ගන්ධ රස පොට්ඨබ්බ මූලකවල සතර තුන දෙක ද යට සමානව විසඳන ලද බැවින් පෙළෙහි ඇතුළත් නොකරන ලදි. මනායතන මූලක විසඳන ලදමයයි මෙසේ මේවා වර්තමාන කාලයේ පුද්ගලවාරයේ අනුලෝම නයෙහි යමක කීපයක් විසඳීමෙන් ම යමක හැටහයක් විසඳන ලද්දේ වේයයි දතයුතුය. පුද්ගල වාරයෙහි මෙන් ඕකාස වාරයෙහි ද පුග්ගලොකාසවාරයෙහි ද හැටහය යයි වර්තමාන කාලයේ තුන් වාරයෙහි අනුලෝම නයෙහි යමක එකසිය අනූඅටක් වේ. අනුලෝම නයෙහි මෙන් පටිලෝම නයෙහි ද වේ. වර්තමාන කාලයෙහි සියල්ල යමක තුන්සිය අනූහයක් වේ. ඒවායේ පුච්ඡා හත්සිය අනූදෙකක් වේ. අර්ථ එක්දහස් පන්සිය අසූහතරක් වේයයි දතයුතුය. මෙසේ සෙසු කාලප්රභේද පසෙහිද සියල්ල දෙදහස් තුන් හැත්තෑහයක් වේ. පුච්ඡා හාරදහස් හත්සිය පනස් දෙකක් වේ. අර්ථ නවදහස් පන්සිය හතරක් වේ යයි මෙය මෙහි උප්පාද වාරයෙහි පෙළෙහි නියමයයි. නිරෝධවාර උප්පාද නිරෝධ වාරවලද මෙම නයම වේ. පවත්ති වාරයෙහි සියළු යමක හත්දහස් එකසිය විසිඅටක් වේ. පුච්ඡා එයින් දෙගුණය වේ. අර්ථ එයින් දෙගුණය වේයයි දතයුතුය. පෙළ වනාහි මනායතන ධම්මායතන එක සමානය. විවිධ නැත. ඉහළ වනාහි වාර සංක්ෂෙප වේ යයි ආදිය කියා ඒ ඒ තැන සංක්ෂේප කරන ලදි. එහෙයින් යම් තැන්වල සංක්ෂෙපද ඒ සියල්ල නුමුළා වන්නන් විසින් සැලකිය යුතුය.