නිද්දෙසවාරවණ්ණනා
දැන් යෙ කෙචි කුසලා ධම්මා යනාදි නයින් නිද්දේස වාරය ආරම්භ කරන ලදි. එහි යෙ කෙචි යනු සියළු වචනයයි. කුසලා ධම්මා යනු කුසලත්රික පදභාජනයෙහි කියන ලක්ෂණ අනවද්ය සැප විපාක වූ කුසල ස්වභාවයයි. සබ්බෙ තෙ කුසලමූලා කිම? ඒ සියල්ලම කුසල මූලවේදැයි අසයි. තීණෙව කුසල මූලානි සියල්ල කුසල මූල නොවේ. අලෝභාදි තුනම කුසල් මුල් යන අර්ථයයි. අවසෙසා කුසලා ධම්මා න කුසල මූලා අවසේස වූ ඵස්සාදි ඵස්සාදිය කුසල ධර්ම වේ. කුසල් මුල් නොවේය යන අර්ථයි. යෙ වා පන කුසලාමූලා යෙ වා පන පළමුවන ඇසීමෙන් දෙවන පදයෙන් කුසල් මුල් යයි අලෝභාදී තුන ගන්නා ලදි. සබ්බෙ තෙ ධම්ම කුසලා කිම ඒ සියළු ධර්ම තුන කුසලදැ?යි අසයි. ආමත්තා සියළු කුසල මූලයන්ගේ කුසලභාවය පිළිගන්නේ කීය. මෙය පළමුව මූල නයෙහි මූල යමකගේ අර්ථයයි. මේ උපායෙන් සියළු පුච්ඡාවල විසඳීම් නය දතයුතුය. එහි විසේස තැන් පමණක් වර්ණනා කරන්නෙමි.
පළමුව ඒකමූල යමකයෙහි සබ්බෙ තෙ කුසල මූලෙන එක මූලා ගණ අර්ථයෙන් ඒකමූල බව නොගෙන සමාන අර්ථයෙන් ගතයුතුය. මෙහි අර්ථය මෙයයි. ඒ සියල්ල කුසල මූලයෙන් සමාන මූල වේද? ඵස්සයේ වූ මූලය වේදනාදියේත් වේද? ඉක්බිති ඒවායේ එසේ වන බව පිළිගන්නේ ආමන්තා යයි කීය. කුසල සමුට්ඨානං කුසල සිතේ හටගන්නා රූපය දක්වන ලදි. එකමූලං අලොභාදි කුසල මූලයෙන් සමාන මුල් වේද, යම්සේ ඵස්සාදියේ අලෝභාදිය හේතුප්රත්ය බැවින් මුල් වේ. එසේම එයින් හටගන්වන රූපයේ ද මුල් වේ. කුසල ලක්ෂණ භාවයෙන් වනාහි එය කුසල නොවේ.
අඤ්ඤමඤ්ඤ යමකයෙහි යෙ කෙචි කුසලා යයි නො අසා යෙ කෙචි කුසල මූලෙන එකමූලා යයි ඇසීම කරන ලදි. කුමක් නිසාද? මේ ව්යඤ්ජනයෙන් ම එහිම අර්ථය සම්භවය වූ හෙයිනි. කුසලමූලා යන මෙය පෙර වූවට විවේසන වේ. මූලානි යානි එකතො උප්පජ්ජති මෙයින් කියන ලදි. ඒවා වනාහි කුසලමූලද වේ. අකුසල අබ්යාකත මූලද වේ. මෙහි කුසල මූල යයි විශේෂ දැක්වීම සඳහා කියන ලදි. අඤ්ඤමඤ්ඤ මූලානි ච අඤ්ඤමඤ්ඤ හේතුප්රත්යයෙන් ප්රත්ය වේ යන අර්ථයයි. එහිම පටිලෝම පුච්ඡාවෙන් ඒ සියළු ධර්ම කුසල මූලයෙන් ඒකමූල යයි නොකියා සබ්බෙ තෙ ධම්මා කුසලා යයි කියන ලදි. කුමක් හෙයින්ද? අර්ථ විශේෂද් භාවයෙන්. කුසල මූලයෙන් ඒක මූල යයි පුච්ඡාවෙන් කරන ලද බැවින් යම් මූලයන් එකට උපදී යයි යට කියන ලද නයින්ම මූල විසඳීම කළයුතු වන්නේය. මෙසේ ඇතිකල්හි අර්ථ විශේෂ අභාවය වේ. එහෙයින් එසේ නොකොට මෙසේ පුච්ඡා කරන ලදි. මේ උපායෙන් මූලමූල නය ආදියෙහි ද අඤ්ඤමඤ්ඤ මූල යමකයෙහි පුච්ඡා විශේෂය දතයුතුය.
මූල මූල නයෙහි සබ්බෙ තෙ කුසල මූලාති ඒ සියළු කුසල මූල සංඛ්යාත මූල යයි අසයි. එකමූලා සමාන අර්ථයෙන් එකම මූල මූලය මොවුන්ට යයි එකමූල මුලා වේ. අඤ්ඤමඤ්ඤ මූලමූලා අඤ්ඤමඤ්ඤයන්ගේ මූලය අඤ්ඤමඤ්ඤ මූල වේ. අඤ්ඤමඤ්ඤ මූලය හේතුප්රත්ය අර්ථයෙන් වූ මූලය මොවුන්ටනුයි අඤ්ඤමඤ්ඤ මූලය වේ.
මූලක නයෙහි කුසල මූලකාති හේතුප්රත්ය අර්ථයෙන් කුසල මූල මොවුන්ට වේනුයි කුසල මූලක වේ.
මූල මූලක නයෙහි කුසල මූල මූලකා යයි කුසලයන්ගේ මූලය කුසලමූල වේ. හේතුප්රත්ය අර්ථයෙන්ම කුසලමූල මූල මොවුන්ට වේනුයි කුසල මූල මූලක යයි. මෙය පළමුව කුසල පදය නිසා නය යමක පුච්ඡාදියෙහි විශේෂ අර්ථ වේ.
අකුසල පද ආදියෙහි ද මෙම නයම වේ. මෙය වනාහි විශේෂයකි. අහෙතුකං අකුසලං යයි විචිකිච්ඡාවෙන් මෙන්ම උද්ධච්චයෙන් ද යුක්ත වූ මෝහය නිසා කියන ලදි.
අහෙතුකං අබ්යාකතං යනු අටළොස් සිත්, රූප, නිබ්බාන ද වේ. අබ්යාකත මූලෙන එකමූලං යයි මෙහි වනාහි සහේතුක අව්යාකත්ත සමුට්ඨාන රූප හැර, සෙස්ස ලැබේ. සහේතුක අබ්යාකත සමුට්ඨාන රූප අබ්යාකත මූලයෙන් ඒකමූලයක් වේ. එය ගණන් නොගෙන එක්තැන්ව ලැබීම් වශයෙන් ම මෙය විසඳීම් කරන ලදි.
නාමා ධම්මා නාම සංඛ්යාත ධර්මය. ඒවා අර්ථ වශයෙන් අරූප ස්කන්ධ සතර සහ නිවන ද වේ. නච්චෙ නාමමූලානි කුසල අකුසල අබ්යාකත මූල වශයෙන් මූල නවයක් වේ. අහෙතුකං නාමං නාම මූලෙන න එකමූලං සියළු අහේතුක අටළොස් සිත් විචිකිච්ඡා උද්ධච්ච සම්ප්රයුක්ත මෝහ හා නිවන් සංඛ්යාත නාමය නාම මූලයෙන් ඒකමූලයක් නොවේ. එය එය සමග නූපදී. සහෙතුකං නාමං නාම මූලෙන යන පදයෙහි ද සහේතුක නාමය නාම මූලයෙන් ය යන අර්ථයයි. සෙසු සියල්ල නොගැඹුරු අරුත් වේ.
මූලවාර වර්ණනාව නිමි.
හේතු වාරාදියෙහි ද මේ උපායෙන් අර්ථය දතයුතුය. මූලංහෙතු නිදානඤ්ච යන ගාථා දක්වන ලද දසවාරයන්ගේ නැවත උදාන වශයෙන් කියන ලදි.
මූලයමක වර්ණනාව නිමි.
2. ඛන්ධ යමක වර්ණනාව
පණ්ණත්තිඋද්දෙසවාරවණ්ණනා
දැන් මූලයමකයෙහි දෙසන ලද්දා වූම කුසලාද ධර්මයන් ස්කන්ධ වශයෙන් සංග්රහකොට මූලයමකට අනතුරුව දෙසන ලද ඛන්ධ යමකයේ වර්ණනාව වේ. එහි පළමුව පෙළෙහි නියමය මෙසේ දතයුතුය. මේ ඛන්ධ යමකයෙහි මහාවාර තුනක් වේ. පණ්ණත්තිවාර, පවත්තිවාර, පරිඤ්ඤාවාර යනු ඒ තුනයි. ඒවායින් පණ්ණත්තිවාරය ස්කන්ධයන්ගේ නම් අභිධාත සෝධන වශයෙන් ගන්නා ලද බැවින් පණ්ණත්තිවාර යයි කියනු ලැබේ. පවත්තිවාරය එයින් ශෝධනය කරන ලද නම් අභිධාන ස්කන්ධයන්ගේ උත්පද නිරෝධ වශයෙන් පැවැත්ම ශෝධනය කරමින් ගන්නා ලදි. එහෙයින් පවත්තිවාර යයි කියනු ලැබේ. පරිඤ්ඤාවාරය මේ අනුක්රමයෙන් පවත්නා ස්කන්ධයන්ගේ සංක්ෂෙපයෙන් පරිඤ්ඤා තුනක් දක්වමින් ගන්නා ලදි. එහෙයින් පරිඤ්ඤාවාර යයි කියනු ලැබේ. එහි පණ්ණත්තිවාරය උද්දේස නිද්දේස වශයෙන් දෙයාකාරයකින් විස්තර කරන ලදි. ඉතිරි දෙකෙහි උද්දේසවාරය නැත. මුල පටන් පුච්ඡා විස්සජ්ජන (ඇසීම් විසඳීම්) වශයෙන් එක් ආකාරයකින් නියම කරන ලදි. එහි පඤ්චක්ඛන්ධා යන පදය මුල්කොට න ඛන්ධා න සංඛාරා පදය දක්වා පණ්ණත්තිවාරයේ උද්දේස වාරය දතයුතුයි. පුච්ඡාවාර යනු ද ඊටම නමකි. එහි පඤ්චක්ඛන්ධා යන මෙය යමක වශයෙන් ඇසිය යුතු ස්කන්ධයන්ගේ උද්දේසයයි. රූපක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො යනු ඒවායෙම ප්රභේද වශයෙන් නාම වෙන් කිරීමයි.