කුසලමූලකවිපාකනිද්දෙසවණ්ණනා
දැන් අව්‍යාකෘතවලට වෙනත් නයකින් පච්චයාකරය දැක්වීමට කතමෙ ධම්මා අබ්‍යාකතා? යනාදිය ආරම්භ කරන ලදි. එහි කුසලමූල පච්චයා යන මෙයද උපනිස්සය පච්චය බව උදෙසා කියන ලදි. කුසල විපාකයේ කුසල මූලයටද අකුසල විපාකයේ අකුසල මූලයටද උපනිස්සය පච්චය වේ. නානා ක්‍ෂණික කර්ම ප්‍රත්‍යයෙහි වනාහි කිවයුත්තක් නැත. එහෙයින් මේ උපනිස්සය පච්චයෙන්ද නානා ක්‍ෂණික කර්ම ප්‍රත්‍යයෙන්ද ප්‍රත්‍ය වේ. ඒ නිද්දේස වාරයෙහිම තත්‍ථ කතමං කුසලමූලං යයි නොබෙදා තත්‍ථ කතමො කුසලමූල පච්චයා සංඛාරො යයි බෙදන ලදි. අකුසල විපාකයෙහිද මෙම නයයි.
අවිජ්ජාමූල කුසල නිද්දේසයෙහි මෙන්ද මෙම විපාක නිද්දේසයෙහි පළමුව පච්චය චතුක්කයම ලබයි. එයද පළමු වාරය දක්වා සංක්‍ෂේප කරන ලදි. එනිසා එක එක විපාක සිතෙහි එක එක චතුක්ක වශයෙන් කුසල මූලකයෙහි අකුසල මූලකයෙහිද නයෙහි වාරප්‍රභේද දතයුතුය. කිරිය ධර්මවල අවිජ්ජාවද කුසල අකුසල මූලද උපනිස්සය පච්චයභාවය නොලබයි. එනිසා කිරියා වශයෙන් පච්චයා කාරය නොකියන ලදි.
මෙයම:-
කුසල’කුසල අවිය - කත දම්හි කී නෙක බේ
කුසල’කුසල විවා - යෙහි උවනිසය වසයෙන්
යළි එක අයුරු කී - බුදුහිමි පස අයුරුවන
දහම් පස බේයෙහි - නැණ බේද දනවනු වස්
දහම් අසන සිතන - වත් පිළිවෙත් වැරුවනට
නැණ බේද මෙහි එන - කිසිදිනක ද නොවේමයැ
දහම් අසන සිතන - පිළිවෙතින් සරු දිරිමත්
එය කරනු නැත අන් - කරණී එයින් බැහැරා
මෙම පච්චයාකාරය වනාහි සත්තන්ත අභිධර්ම භාජනිය වශයෙන් දෙපරිවෘත්තයම ගෙනහැර දක්වා බෙදා දක්වන ලද්දේ වේ.
සම්මෝහ විනෝදනී නම් විභංග අර්ථ වර්ණනාවේ සවැනි පටිච්ච සමුප්පාද විභංග නිර්දේශයයි.
7. සතිපට්ඨාන විභංගය
සූත්‍රාන්ත භාජනීය උද්දේශ වර්ණනාව
ඊට අනතුරුව දැන් සතිපට්ඨාන විභංගයෙහි චත්තාරො යනු ගණන වෙන් කිරීමයි. එයින් අඩු හෝ වැඩි හෝ නැතැයි සතිපට්ඨාන ප්‍රමාණය දක්වයි. සතිපට්ඨාන යනු සතිපට්ඨාන තුනක් සිහියට ගෝචරය. සාවකයන් අතර තුන් ආකාරයකින් පිළිපන් සාධකයන් කෙරෙහි ගැටීම් ඇලීම් ඉකුත් වූ කල්හි, මහණෙනි, සතර සතිපට්ඨානවල පහළවීමද නොපෙනී යාම ද දේසනා කරමි. එය හොඳින් අසා සිතේ දරාගන්න. මහණෙනි, කයෙහි පහළවීම කුමක්ද? ආහාරය ඇතිවීමෙන් කය ඇතිවේ යයි යන ආදියේ සිහියට ගෝචර වූ සතිපට්ඨාන යයි කියනු ලැබේ. එසේම “කය වැටහීම, සිහි නැති, සිහි එළඹීම සිහිය”යි යන ආදියෙහි ඒ අර්ථය පිහිටියේ මෙහි යයි. කුමක් පිහිටියේද? සිහියයි. සිහියේ පිහිටීම සතිපට්ඨානයයි.
සතිපට්ඨාන තුන ආර්යයෝ සේවනය කරති. ආර්යයන් සේවනය කරන ලද එය ශාස්තෲන් වහන්සේ සමූහයයි අනුශාසනා කිරීම සුදුසුය. යන මෙහි තුන් ආකාරයකින් පිළිපන් ශ්‍රාවකයන් කෙරෙහි ගැටීම් ඇලීම් ඉක්මවූ බව සතිපට්ඨානය කියන ලදි. ඒ අර්ථය සඳහා පිහිටුවීම පට්ඨානයයි. පැවැත්විය යුතුය යන අර්ථයයි. කුමකින් පිහිටවිය යුතුද? සිහියෙන්, සිහියෙන් පිහිටුවීම සතිපට්ඨානයයි. සතර සතිපට්ඨානය වඩන්නේ පුළුල් කරන්නේ සත්ත බොජ්ඣංග සම්පූර්ණ කරයි ආදියෙහි සිහියට සතිපට්ඨාන යයි කියනු ලැබේ. එම අර්ථය පිහිටියේනුයි පට්ඨාන, වැටහේ, දුව පැන පවත්වයි යන අර්ථයයි. සිහියම පිහිටුවීම් අර්ථයෙන් සතිපට්ඨාන වේ. නැතහොත් සිහිකිරීමේ අර්ථයෙහි සති වේ. වැටහීම් අර්ථයෙන් පට්ඨාන වේ. මෙසේ සතියද එය වැටහීම්ද සතිපට්ඨාන වේ. මෙය මෙහි අදහස් කරයි. කුමක් හෙයින් සතිපට්ඨාන යයි බහු වචන කෙළේද? සිහියේ බහුල බව, අරමුණුවල බේදයෙන් සිහිය බොහෝ වේ.