සූත්‍රාන්ත භාජනීය උද්දේශ වර්ණනාව
ඊට අනතුරුව දැන් පටිච්ච සමුප්පාද විභංගයෙහි අයං අවිජ්ජා පච්චයා සංඛාරා යන ආදි නයෙන් පාලිය හැර එහි අර්ථ සංවර්ණනාව කරන්නේ විභජ්ජවාදී මණ්ඩලයට බැස ආචාර්යවරයන් නොඉක්මවා ස්ව සමය නොඉක්මවමින් පරසමය රැස් නොකරමින් සූත්‍ර ප්‍රතිබාහය නොකරමින් විනයට විරුද්ධ නොවෙමින් මහාපදේස විමසා බලමින් ධර්මය විස්තර කරමින් අර්ථය සංග්‍රහ කරමින් එම අර්ථයම නැවත පරිවර්තනය කොට අන්‍ය වූ සමාන වූ නිදර්ශනවල සසඳමින් යම්සේ අර්ථ වර්ණනාව කළයුතු වෙයි. ප්‍රකෘතියෙන් මද දුෂ්කර වූ පටිච්ච සමුප්පාදයේ අර්ථ සංවර්ණනාව පැරැන්නෝ යම්සේ (පොරාණයෝ) කීවාහුද.
සස් සත් පිළිසිඳුම් - පස අයුරු යන මේවා
දුදිස් සතර දහම් - දෙසීමද දුස්කර වේ
දුදිස් සතර දහම් - දෙසීමද දුස්කර වේ
එහෙයින් ආගමාධිගමයට පත්වූවකු හැර ඉතා අපහසු වූ පටිච්ච සමුප්පාදයේ අර්ථ වර්ණනාව කිරා බලා,
කියැටිවනු අද මම - පස අයුරු වන වැනුමෙක්
සයුරැ ගිලුනකු සේ - සිටිමි පිහිටක් නොලබා
සයුරැ ගිලුනකු සේ - සිටිමි පිහිටක් නොලබා
මෙ සසුනද නෙක නෙක - දෙසුම් නිය ලකරින් යුත්
පෙරැදුරුවරුන් මග - නො සිඳි පවතිනු (පෙනේ)
පෙරැදුරුවරුන් මග - නො සිඳි පවතිනු (පෙනේ)
එ කරුණු දෙක ඇසුරු - කරමින් අරුත් විවරණ
අරඹමි අසනු එය - සිත් එකඟකර (සැදැහෙන්)
අරඹමි අසනු එය - සිත් එකඟකර (සැදැහෙන්)
[missing trans]
යම් ඒ කෙනෙක් මේ සිහි කල්පනාවෙන්
අසාද හේ ඉන් ලබමින් විසේසත්
ලබා විසේසත් පෙර සේ පසුත් යම්
නොදැක්මටයි දැන් මරුගේ යැවෙන්නේ
අසාද හේ ඉන් ලබමින් විසේසත්
ලබා විසේසත් පෙර සේ පසුත් යම්
නොදැක්මටයි දැන් මරුගේ යැවෙන්නේ
අවිජ්ජා පච්චයා සංඛාරා ආදියෙහි මුලින්ම,
දෙසුම් බේද අරුත් - ලකුණින් ද එක් විදි යේ
අඟ හා නියමයන් - දැනගත යුතුය විනිසේ
අඟ හා නියමයන් - දැනගත යුතුය විනිසේ
එහි දෙසනා භෙදතො යන භාග්‍යවතුන් වහන්සේගේ දේශනා ක්‍රමයයි. වැල් ගෙනයන පුරුෂයන් සතරදෙනාගේ වැල් ඇදීම මෙන් මුලින් මැදින් හෝ අවසානය දක්වා එසේ අග මැද සිට හෝ මුල දක්වා යයි පටිච්ච සමුප්පාද දේශනා සතරාකාරය. යම් සේ වැල්ගෙන යන මිනිසුන් සතරදෙනාගෙන් එක්කෙනෙක් වැලේ මුල පළමුව දකියි. හේ එහි මුල් සිඳ සම්පූර්ණ වැල ඇද කර්මාන්තයේ යොදයි. එසේම භාග්‍යවතුන් වහන්සේ ඉති ඛො භික්ඛවේ අවිජ්ජා පච්චයා සංඛාරා..........ජාති පච්චයා ජරා මරණංති මුලපටන් අවසානය දක්වා පටිච්ච සමුප්පාදය දේශනා කරති.
යම්සේ වනාහි ඒ පුරුෂයන්ගෙන් එකෙක් වැලේ මැද පළමුව දකී. හේ මැදින් කපා උපරිභාගයම ඇද කර්මාන්තයේ යොදයි. එසේම භාග්‍යවතුන් වහන්සේ “තස්ස තං වෙදනං අභිනන්දතො අභිවදතො අජ්ඣොසාය තිට්ඨතො උප්පජ්ජති තන්‍දි, යා වේදනාසු තන්‍දි තදුපාදානං තස්සුපාදාන පටිච්චයා භවො, භව පච්චයා ජාති” යන මැදින් පටන්ගෙන අවසානය දක්වා දේශනා කරති.
යම්සේ ඒ පුරුෂයන්ගෙන් එකෙක් වැලේ අග පළමුව දකියි. හේ අග ගෙන අග අනුසාරයෙන් මුල දක්වා හෝ කපා කර්මාන්තයේ යොදයි. එසේම භාග්‍යවතුන් වහන්සේ “ජාති පච්චයා ජරාමරණංති ඉතිඛො පනෙතං වුත්තං ජාතිපච්චයා නු ඛො භික්ඛවෙ ජරා මරණං නොවා කථං වා එත්‍ථ හොතීති? ජාති පච්චයා භන්තෙ ජරාමරණං, එවං නො එත්‍ථ හොති ජාති පච්චයා ජරාමරණන්ති භව පච්චයා ජාති........ අවිජ්ජා පච්චයා සංඛාරාති ඉති ඛො පනෙතං වුත්තං, අවිජ්ජා පච්චයා නු ඛො භික්ඛවෙ සංඛාරා නො වා කථං වා එත්‍ථ හොති! අවිජ්ජා පච්චයා භන්තෙ සංඛාරා එවං නො එත්‍ථ හොති! අවිජ්ජා පච්චයා සංඛාරාති පරියොසානතො පටිච්ච යාව ආදිතොපි පටිච්ච සමුප්පාදං දෙසෙති.
යම්සේ ඒ පුරුෂයන්ගෙන් එකෙක් වැලේ මැදම පළමුව දකියි. හේ වැල මැදින් කපා යට සිට බලන්නේ මුලට විත් කපා කර්මාන්තයේ යොදවයි. එසේම භාග්‍යවතුන් වහන්සේ ඉමේව භික්ඛවෙ චත්තාරො ආහාරා කිං නිදානා? කිං සමුදයා? කිං ජාතිකා? කිං පභවා? ඉමෙ චත්තාරො ආහාරා තණ්හා නිදානා තණ්හා සමුදයා තණ්හා ජාතිකා තණ්හා විඵභවා තණ්හා කිං නිදානා? වෙදනා ඵස්සා සළායතනං නාමරූපං විඤ්ඤාණං සංඛාරා කිං නිදානා? සංඛාරා අවිජ්ජා නිදානං අවිජ්ජා පභවාති මජ්ඣතො පට්ඨාය යාව මුල දක්වා දේශනා කරති.
කුමක් හෙයින් මෙසේ දේශනා කරන සේක්ද? පටිච්ච සමුප්පාදයේ හාත්පසින් සොඳුරු බව නිසා සහ තමන්වහන්සේගේ දේශනා විලාසය නිසාද පටිච්ච සමුප්පාදය හාත්පසින්ම සුන්දර නිසා ඒ ඒ පැත්තෙන් අවබෝධය පිණිස පවතී. දේශනා විලාශයට පැමිණි භාග්‍යවතුන් වහන්සේ සිව්වෙසරද පිළිසිඹු යෝගයෙන් සිව්වැදෑරුම් ගැඹුරුබවට පැමිණි නිසාද ඒ දේශනා විලාශයට පැමිණ අනේක නය ක්‍රමවලින් ධර්මය දේශනා කරති. මෙහි විශේෂය නම් මුලපටන් කරන අනුලෝම දේශනාවය. එය පවතින කරුණෙහි විනය පිළිබඳ මුලාවූ විනේය ජනයන් බලමින් යම්සේ ස්වකීය කරුණුවලින් ප්‍රවෘත්තිය දැක්වීම සඳහාත් උපත් ක්‍රම දැක්වීම සඳහාත් පවතින බව දතයුතුය.
අවසානයෙහි සිට මුල දක්වා වූ යම් පටිලෝම දේශනාවක් වෙයිද එය අපහසුවෙන් මෙලොවට පැමිණියේය. උපදී. දිරයි මැරෙයි යනාදි නයින් දුකසේ පැමිණි ලෝකය අනුව බලන්නේ පූර්වභාග ප්‍රතිවේදය අනුසාරයෙන් ඒ ඒ ජරාමරණ ආදි දුකට තමාට මුල්වන කරුණු දැක්වීම් සඳහාද, මැද පටන් මුල දක්වා කරන දේශනා එය ආහාර නිදාන නියමයන් අනුසාරයෙන් අතීත මාර්ගය හැර දක්වා නැවත අතීත මාර්ගයේ සිට හේතුඵල පිළිවෙල දැක්වීම සඳහාද මැද සිට අවසානය දක්වා පවත්නා දේශනා වර්තමාන මාර්ගයේ අනාගත හේතු හටගැන්ම පටන් අනාගත මාර්ගය දැක්වීම සඳහාද අනුලෝම දේශනාව එහි බැහැර කළ බවද දැනගත යුතුය.