අවිජ්ජාපදනිද්දෙසො
දැන් නිද්දේස වශයෙන් විස්තර කථාව වෙයි. “අවිජ්ජා පච්චයා සංඛාරා” යයි කියන ලදි. එහි අවිද්යා ප්රත්යයෙන් සංඛාර දැක්විය යුතු කල්හි පුතා ගැන කිවයුතු කල්හි පියා ගැන යම්සේ කියයිද මෙසේ ඇතිකල්හි මිතුරාගේ පුතා දත්තගේ පුතා යයි පුතා ගැන පැහැදිලිව කිව්වා නම් වේ. එහෙයින් දේශනා දක්ෂ වූ ශාස්තෲන් වහන්සේ සංස්කාර ජනනය කළ අර්ථයෙන් පියා සමාන අවිජ්ජාව පළමුකොට දැක්වීමට “තත්ථ කතමා අවිජ්ජා” දුක්ඛෙ අඤ්ඤාණං” යයි වදාළහ.
එහි යම්හෙයකින් මේ අවිද්යාව තත්වූ පරිදි ලක්ෂණ දැනගැනීමට බැලීමට අවබෝධ කරගැනීමට නොදෙයි. වසා හාත්පසින් වෙලා ගැටගසා සිටියි. ඒ නිසා දුක්ඛ අඤ්ඤාණ කියයි. එසේම දුක්ඛ සමුදයේ දුක්ඛ නිරෝධයේ දුක්ඛ නිරෝධගාමිනී ප්රතිපදාවේ තත්වූ පරිදි ලක්ෂණ දැනගැනීමට බැලීමට අවබෝධ කරගැනීමට නොදෙයි. වසා හාත්පසින් වෙලා ගැටගසා සිටියි. ඒ නිසා දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඤ්ඤාණං නයයි කියයි. මේ සතර ස්ථානයෙහිම අඤ්ඤාණය අවිජ්ජා යයි සූත්රාන්ත පරියායෙන් (ක්රමයෙන්) කියන ලදි.
නික්ෂෙප කාණ්ඩයෙහි අභිධර්ම පරියායෙන් “පුබ්බන්තෙ අඤ්ඤාණ” නය අපරයෙහි සමාන සතරේ අඤ්ඤාණය ද ගන්නා ලදි. එහි පුබ්බන්තෙ යනු අතීත මාර්ගයයි. අතීත ස්කන්ධ ධාතු ආයතනයෝය. අපරන්තෙ යනු අනාගත මාර්ගය. අනාගත ස්කන්ධ ධාතු ආයතනයෝය. පුබ්බත්තාපරන්තෙ ඒ දෙකමය. ඉදපටිච්චයතා යනු සංස්කාරාදියේ හේතුවන අවිජ්ජාදි අංගයෝය. පටිච්ච සමුප්පන්න ධම්මා යනු අවිජ්ජාදියෙන් නිපදවන ලද සංස්කාරාදි ධර්මයෝය. එහි මේ අවිජ්ජාව යම් හෙයකින් අතීත ස්කන්ධාදීන්ගේ තත්වූ පරිදි ලක්ෂණ දැනගැනීමට බැලීමට අවබෝධ කරගැනීමට නොදෙයි. වසා හාත්පසින් වෙලා ගැටගසා සිටියි. ඒ නිසා පුබ්බන්තෙ අඤ්ඤාණං යයි කියනු ලැබේ. එසේම අනාගත, අතීතානාගත ස්කන්ධාදීන්ගේ ඉදප්පච්චයතාවද පටිච්චසමුප්පන්න ධර්මද තත්වූ පරිදි ලක්ෂණ දැනගැනීමට බැලීමට අවබෝධ කරගැනීමට නොදෙයි. වසා හාත්පසින් වෙලා ගැටගසා සිටියි. එයින් ඉදප්පච්චයතා පටිච්චසමුප්පන්න ධම්මෙසු අඤ්ඤාණං යයි කියනු ලැබේ. මේ ස්ථාන අටේ අභිධර්ම පරියායෙන් අඤ්ඤාණය අවිජ්ජා යයි කියන ලදි.
මෙසේ කුමට කියන ලදද? කෘත්ය වශයෙන් හා ජාති වශයෙන් අවිජ්ජාව කියන ලදි. කෙසේද? මේ අවිජ්ජාව මේ අට ස්ථානයන් දැනගැනීමට බැලීමට අවබෝධ කරගැනීමට නොදෙයි යනු කෘත්ය වශයෙන් කියන ලදි. උප්පජ්ජමානාපි ඉමෙසු අට්ඨාසු ඨානෙසු උප්පජ්ජතීති යනු ඉපදීම් වශයෙන් කියන ලදි. මෙසේ කියා නැවත යං එවරූපං අඤ්ඤාණං දස්සනං ආදි පදවිසිපහකින් අවිද්යාවේ ලක්ෂණ දැක්වීමට ගනී.
එහි මේ අවිද්යාව මේ අටපදයෙන් කියන ලදැයි නැවත පද විසිපහකින් ලක්ෂණ නොකියයි නම් එය හොඳින් කිව්වා නොවේ. ලක්ෂණ කිව්වොත් හොඳින් කිව්වා වේ. යම්සේ මිනිසෙක් නැතිවූ ගොනකු සොයන්නේ ඔහු, මිනිසුන් විචාරයි. ආර්යයෙනි, ඔබ සුදු ගොනෙකු දැක්කද රතු ගොනෙකු දැක්කදැයි ඔව්හු මෙසේ කියන්නාහුය. මේ රටේ සුදු රතු ගොන් කෙළවරක් නැත. ඔබේ ගොනාගේ ලක්ෂණ මොනවාද? ඉක්බිති ඔහු රවුමැති නගුලකැයි කීකල්හි ගොනා ගැන හොඳින් කිව්වා වෙයි. එසේම මේ අවිජ්ජාව පද අටකින් කීවේ මුත් නැවත පද විසිපහකින් නොකීවේ නම් හොදින් කිව්වා නම් නොවේ. ලක්ෂණ කී කල්හි පමණක් හොඳින් කිව්වා වෙයි. එහෙයින් මෙහි ලක්ෂණ දැක්වීමට පද විසිපහක් කියනලදි. ඒවා ඒ ආකාරයෙන් දතයුතුය.