සඞ්ඛාරපදනිද්දෙසො
සංස්කාර පදයෙහි යට කියන ලද සංස්කාරවල සංස්කාර ශබ්දයෙන් ආ සංස්කාරයන් ස්පර්ශ නොකොට (සම්බන්ධ) අවිජ්ජාපච්චයා සංඛාරයම දක්වන්නේ තත්‍ථ කතමෙ අවිජ්ජා පච්චයා සංඛාරා? පුඤ්ඤාභි සංඛාරො යන ආදිය කීහ. එහි නැවත තමාගේ අදහස හා ක්‍රියාව සම්පූර්ණ කරමින් පින ද සිදුකරන්නේ උපදවන්නේ පුඤ්ඤ නම් වේ. විපාකය අභිසංස්කරණය කරයි කරන ලදැයි යනු අභිසංඛාර වේ. පුඤ්ඤ ද අභිසංඛාරය ද පුඤ්ඤාභිසංඛාර වේ. පුඤ්ඤ ප්‍රතිපක්‍ෂ බැවින් අපුඤ්ඤාභි සංඛාර වේ. කැමති නොවේ යනු ආනෙඤ්ජ වේ. ආනෙඤ්ජයව අභිසංඛාර වූයේ ආනෙඤ්ජ භවය අභිසංස්කරණය කරයි යන ආනෙඤ්ජාභිසංඛාර වේ. කයින් පවත්වන කයින් පැවතුන හෝ සංඛාර යයි කාය සංඛාර වේ. වචී සංඛාර චිත්ත සංඛාරවල ද මෙම නයයි.
එහි ප්‍රථම ත්‍රිකය පරිවිමංස සූත්‍ර වශයෙන් ගන්නා ලදි. එහි පුඤ්ඤ සංඛාරය අභිසංඛරණය කරයි. විඤ්ඤාණය පින එලවන ලද්දේ වෙයි. අපුඤ්ඤ සංඛාර අභිසංස්කරණ කරයි. විඤ්ඤාණය අපඤ්ඤූපගමො ආනෙඤ්ජ සංඛාර සංස්කරණය කරයි. විඤ්ඤාණය ආනෙඤ්ඤුපග වේ යයි කියන ලදි. ඊළඟ දෙවැනි ත්‍රිකය විභංග සූත්‍රයේ ආකාරයේ ගන්නා ලදි. සම්මා දිට්ඨි සූත්‍ර පරියායෙන් ගන්නා ලදැයි කීම වටීමය. එහි “තයො මෙ භික්ඛවෙ සංඛාරා කතමෙ තයො? කාය සංඛාර වචී සංඛාර චිත්ත සංඛාර යයි කියන ලදි. මේවා සූත්‍ර වශයෙන් ගන්නා ලද්දේ කුමක් හෙයින්ද? මෙය අභිධර්ම නය දැන් නොකියයි. බාහිර සෘෂිවරුන් හෝ ශ්‍රාවකයන් හෝ දෙවියන් හෝ නොකියන ලද්දේය. සර්වඥ වූ ජින භාෂිතයකි මෙය. අභිධර්මයෙහි ද සූත්‍රයෙහි ද එක සමානව පවතී. මේ අර්ථය දැක්වීම සඳහා නිදර්ශිතය.
දැන් ඒ සංඛාරයෙහි ප්‍රභේද දැක්වීමට “තත්‍ථ කතමා පුඤ්ඤාභිසංඛාරා” යන ආදිය කීහ. එහි කුසල චේතනා නියමයක් නොමැති බැවින් චතුභූමක චේතනාද කියන ලදි. කාමාවචර රූපාවචර නියම බැවින් කාමාවචර කුසල චේතනා අට රූපාවචර කුසල චේතනා පස යන චේතනා දහතුන පුඤ්ඤාභිසංඛාර නම් වේ. දානමය ආදියෙන් ඒ චේතනාවල පුඤ්ඤකිරිය වස්තු වශයෙන් පවතීයයි දක්වන ලදි. එහි කාමාවචර අට ද දාන සීලමය වෙයි. දහතුන භාවනාමය වේ. ප්‍රගුණ වූ ධර්මය සජ්ඣායනය කරන්නා ගැලපීම එකක් දෙකක් වෙනස් වූ බව නොදනී. පසුව ආවර්ජනා කරනවිට දැනගනී. එසේම කසිණ මූලික භාවනාව කරන්නාට ද ප්‍රගුණ වූ ධ්‍යානය ප්‍රත්‍යවෙක්‍ෂා කරන්නාව ද මෙනෙහි කරන්නාට ද ඤාණවිප්‍රයුක්ත වූ භාවනාවක් වෙයි. භාවනාමය වශයෙන් කුසල් සිත් දහතුනේම යෙදෙනවාක් කීවේ ඒ නිසාය.
එය දානමය ආදියෙහි “දානය අරබයා අධික දාන ක්‍රියාවක් උපදින චේතනාව ..... සංචේතනාව චිත්තබව යන ලක්‍ෂණ ඇති මෙය භාවනාමය පුඤ්ඤාභිසංඛාරයයි කියනු ලැබේ” මෙය සංක්‍ෂෙප දේශනාවය.
චීවරාදී සතර පසයෙහිද රූපාදි අරමුණු සයෙහිද ආහාරාදි දස දාන වස්තුවලින්ද යම් යම් දෙයක් දෙන්නාට ඒ අවස්ථාවේ ඉපදීමේ සිට පරිත්‍යාග කාලයේ පෙර භාගයෙහිද පසුව සොම්නස් සිතින් සිහිකරන කාලයෙහිද යන තුන් කාලයෙහි පවත්නා චේතනා දානමය නම් වේ. සීලය සම්පූර්ණ කිරීමට පැවිදි වන්නෙමුයි විහාරයට යන්නාට පැවිදිවන අදහස මුදුන්පමුණුවා පැවිදි වූයේ එය ඉතා යහපතියි ආවර්ජනා කරන්නාට පාමොක් සංවරණය වන්නාට චීවරාදි ප්‍රත්‍ය ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාට චක්‍ෂුද්වාර ආදියෙහි රූපාදිය ගැටෙනවිට සංවර වන්නාට ආජීවය පිරිසිදු කරන්නාට පවත්වන චේතනා සීලමය නම් වේ. පටිසම්භිදාවෙහි කියන ලද ආකාරයෙන් විපස්සනා මාර්ගයෙන් ඇස අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වඩන්නාට රූපයේ..........ධර්මයේ, චක්ඛු විඤ්ඤාණ.....මනෝ විඤ්ඤාණ, චක්ඛු සම්ඵස්ස...... මනෝ සම්ඵස්ස, චක්ඛු සම්ඵස්සජ වේදනා........මනෝ සම්ඵස්සජ වේදනා, රූප සඤ්ඤං.......ධම්ම සුඤ්ඤං, ජරා මරණ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වඩන්නාට පවත්නා චේතනාව භාවනාවමය නම් වේ. මේ විස්තර කථාවයි.