විඤ්ඤාණපදනිද්දෙසො
සංඛාර පච්චයා විඤ්ඤාණ පද නිර්දේශයෙහි චක්ඛුවිඤ්ඤාණං ආදියෙහි චක්ඛු විඤ්ඤාණය කුසල විපාකය අකුසල විපාකය යයි දෙපරිදි වේ. සෝත ඝාන ජිව්හා කාය විඤ්ඤාණයද එසේය. මනෝ විඤ්ඤාණය වනාහි කුසලාකුසල විපාක මනෝදාතු දෙක අහේතුක මනෝ විඤ්ඤාණ ධාතු තුන සහේතුක කාමාවචර සිත් අට රූපාවචර පහ අරූපාවචර සතර යයි දෙවිසි වැදෑරුම් වේ. මෙසේ මේ විඤ්ඤාණ සයෙහි සියළු ලෞකික විපාක විඤ්ඤාණ ලෙස දෙතිස සංග්‍රහ වේ. ලෝකෝත්තර වනාහි සසර කතාවට නොගැලපේයයි නොගන්නා ලදි.
එහි මෙය කෙසේ දන්නේද? කියන ලද මේ විඤ්ඤාණ සංඛාර ප්‍රත්‍ය වේ. රැස්කරන ලද කර්මයක් නැතිකල්හි විපාකයක් නැති බැවින්ය. රැස්කරන ලද කර්මයන් නැති බැවින් විපාකයද නූපදී. යම්හෙයකින් උපදින්නේ නම් සියල්ලන්ගේ සියළු විපාකයෝ උපදින්නාහුය. නොඋපදීයයි මෙසේ දතයුතුය. සංඛාර ප්‍රත්‍යයෙන් මේ විඤ්ඤාණය වේ.
කවර නම් සංඛාර ප්‍රත්‍යයෙන් කවර නම් විඤ්ඤාණයක් වේද? කාමාවචර පුඤ්ඤාභිසංඛාර ප්‍රත්‍යයෙන් චක්ඛු විඤ්ඤාණාදි කුසල විපාක පසද මනෝ විඤ්ඤාණයෙහි මනෝධාතු එකද මනෝවිඤ්ඤාණ ධාතු දෙකද කාමාවචර විපාක අටද යන දහසයයි. යම්සේ කීහ.
කාමාවචර කුසල කර්මය කළ බැවින් රැස්කළ බැවින් විපාකය වූ චක්ඛු විඤ්ඤාණය උපන්නේ වෙයි. එසේම සෝත ඝාන ජිව්හා කාය විඤ්ඤාණ උපන්නේ වෙයි. විපාක මනේධාතුවද උපන්නේ වෙයි. මනෝවිඤ්ඤාණ ධාතුවද උපන්නේ වෙයි. සොම්නස් සහගත මනෝවිඤ්ඤාණ ධාතු උපන්නේ වෙයි. උපේක්ඛා සහගත මනෝවිඤ්ඤාණ ධාතු උපන්නේ වෙයි. සොම්නස් සහගත ඤාණ සම්ප්‍රයුක්ත, සොම්නස් සහගත ඤාණ සම්ප්‍රයුක්ත අසංඛාරික, සොම්නස් සහගත ඤාණ විප්පයුත්ත, සොම්නස් සහගත ඤාණවිප්පයුත්ත සසංඛාරික උපේක්ඛා සහගත ඤාණ විප්පයුත්ත සසංඛාර යයි.
රූපාවචර සංස්කාර ප්‍රත්‍යයෝ රූපාවචර විපාක පහද කීහ.
රූපාවචර කුසල කර්මය කළ බැවින් රැස්කළ බැවින් කර්මයෙන් වෙන්ව පඨම ඣාන දුතිය තතිය චතුර්ථ පංචම ඣානං උපසම්පජ්ජ විහරති.
මෙසේ පුඤ්ඤාභිසංඛාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණ විසිඑකක් උපදී.
අපුඤ්ඤාභිසංඛාර ප්‍රත්‍යයෝ චක්ඛු විඤ්ඤාණාදි අකුසල විපාක පහ මනෝ ධාතු එක මනෝවිඤ්ඤාණ ධාතු එක යයි මෙසේ සත්ආකාර විඤ්ඤාණය වේ. කීහ.
අකුසල කර්ම කළ බැව් රැස්කළ බැවින් චක්ඛු විඤ්ඤාණය හා විපාකය ඉපදුනේ වෙයි. එසේම සෝත ඝාන ජිව්හා කාය විඤ්ඤාණද වේ. මනෝධාතු විපාකය හා මනෝවිඤ්ඤාණ ධාතු විපාකය ඉපදුනේය.
ආනෙඤ්ජාභිසංඛාර ප්‍රත්‍යයෙන් සතර අරූප විපාක වශයෙන් විඤ්ඤාණය සතරාකාරය. යථාහ.
ඒ අරූපාවචර කුසල කර්මය කළ බැවින් රැස්කළ බැවින් සියළු ආකාරයේ රූප සංඥාව ඉක්මවූ විපාකය ආකාසානඤ්චායතන සංඥාවෙන් යුක්ත, විඤ්ඤාණ..........නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාවෙන් සුඛ විපාක.......චතුත්‍ථජ්ඣානං උපසම්පජ්ජ විහරති මෙසේ සංඛාර ප්‍රත්‍යය යම් විඤ්ඤාණයෙක් වේද එය දැන එහි පැවැත්ම දැනගත යුතුය.
එහි සියල්ලේම පැවැත්ම පටිසන්ධි වශයෙන් දෙයාකාරයකින් පවතී. එහි පඤ්ච විඤ්ඤාණ දෙක (දෙපස් විඤ්ඤාණය) සෝමනස්ස සහගත අහේතුක යන මනෝධාතු දෙක මනෝ විඤ්ඤාණ ධාතුවය යන දහතුන පංචවෝකාර (ස්කන්ධ පහක්) භවයේ පැවතීම් වශයෙන් පවතී. සෙසු එකුන්විසි විඤ්ඤාණ භවත්‍රයෙහි සුදුසු පරිදි පවතින්නේ ප්‍රතිසන්ධිය සඳහාද පවතී.