නාමරූපපදනිද්දෙසො
විඤ්ඤාණ පච්චයා නාමරූපං නිර්දේශයෙහි
දෙසුම් බේයෙන් හැම - බව ආදියෙහි පවතින
සඟහා පසද නය - දැනගත යුතුය විනිසය
දේශනා භේදයෙන් නය “එහි රූපය කවරේද? මහාභූත හතරද මහා භූතවල උපාදාය රූපයයි” මෙසේ සූත්‍රාන්තයෙහි ද මෙහිද රූප පදයාගේ අභේද වශයෙන් එකසමාන දේශනා කරන ලදි. නාමපද වනාහි වෙනස්ව
සූත්‍රාන්තයෙහි “එහි නාමය කවරේද? වේදනා, සඤ්ඤා, චේතනා, ස්පර්ශ මනසිකාරය කියන ලදි. මෙහි “වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංඛාර ස්කන්ධය” යයි එහි යම් චක්ඛු විඤ්ඤාණ ප්‍රත්‍යයාගේ නාමය උපදී. ඉපදුනා වූද සිතේ ඨිතිය අරූපී ධර්මයන්ගේ ආයුෂයයි. මෙසේ අන්‍ය ධර්ම සන්නිශ්‍රයේ නොගන්නා ලද බැවින් ප්‍රකටය. එය දක්වන්නේ චේතනා ඵස්ස මනසිකාර වශයෙන් සංඛාර ඛන්‍ධය තුනට බෙදා ස්කන්ධ දෙකක් සමග දේශනා කළේය. මෙහි වනාහි එහි කියන ලදද නොකියන ලදද සියල්ල නාමයට සංග්‍රහ කරන්නේ වේදනා ස්කන්ධ සඤ්ඤා ඛන්ධ සංඛාර ඛන්ධ යයි ස්කන්ධ තුනක් කීහ.
මේ ස්කන්ධ තුනටම නාම කියන්නේ කුමක් නිසාද? විඤ්ඤාණය යන නම නොවේද? නොවන්නේ නොවේ. එහි විඤ්ඤාණය ගත්කල නාම විඤ්ඤාණයටද ප්‍රත්‍ය විඤ්ඤාණයටද යන විඤ්ඤාණයන් දෙකම එකම සභාව භවයට පැමිණේ. එනිසා විඤ්ඤාණයෙන් ප්‍රත්‍යයන් නොහඳුන්වා ප්‍රත්‍ය නිපදවීම නම් කිරීමට දැක්වීමට ප්‍රත්‍යයන ස්ථානයෙහි තබා ප්‍රත්‍ය නිපදවන ලද බව දැක්වීමට ස්කන්ධ තුන කියන ලදි. මෙසේ දේශනා භේදයෙන් විනිස දතයුතුය.
සියළු භවයන්හි පවතී යයි යන මෙහි නාමය එක සත්තාවාසයක් හැර සියළු භව යෝනි ගති විඤ්ඤාණඨිති සෙස් සත්තාවාසවල පවතී. රූපය භව දෙකක යෝනි සතරෙහි ගති පහේ විඤ්ඤාණ ඨිති පෙර සතරෙහි සත්තාවාස පහක පවතී. මෙසේ පවතින ඒ නාමරූපයෙහි යමකින් හිස්වූ ගැබට එන්නන්ගේ බිජුවටින් උපදින්නන්ගේද ප්‍රතිසන්ධි ක්‍ෂණයෙහි වස්තු කාය වශයෙන් රූප දෙකකින් පරම්පරා වශයෙන් අරූප ස්කන්ධ තුනකින්ද පහළවීම සිදුවේ. එහෙයින් ඒවායේ විස්තර වශයෙන් රූප අරූප වශයෙන් විස්සක් ද අරූප ස්කන්ධ තුන ද යන මේ විසිතුන විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප යයි දතයුතුය. අගහිතගහණ නය ක්‍රමයෙන් එක සන්තති ශීර්ෂයකින් රූප ධර්ම නවයක් හැර දාහතරක් වේ. ස්වභාවකයන්ගේ භාව දසකයද වහා තිස්තුනක් ද ඔවුන්ගේ අගහිත ගහණයෙන් සන්තති ශීර්ෂ දෙකින් රූප ධර්ම දහඅටක් හැර පහලොවක්ද
බ්‍රහ්මකායකාදි ඕපපාතික සතුන්ගේ ප්‍රතිසන්ධි ක්‍ෂණයෙහි චක්ඛු සෝත වත්‍ථු දසක සහ ජීවිතේන්‍ද්‍රිය නවකය ද වශයෙන් රූප අරූප වශයෙන් සන්තති ශීර්ෂ සතරකින් අරූපී ස්කන්ධ තුනකින් පහළ වේ. එහෙයින් ඔවුන්ගේ විස්තර වශයෙන් රූපාරූපවලින් තිස්නවයක්ද අරූපී ස්කන්ධ තුනද මේ සතලිස් දෙවැදෑරුම් ධර්ම විඤ්ඤාණ ප්‍රත්‍යයේ නාමරූප වේයයි දතයුතුය. අගහිත ගහණයෙන් සන්තති ශීර්ෂ තුනකින් විසිහතක් අත්හැර පහලොවක්ද වේ.
කාමභවයෙහි සෙසු ඕපපාතිකයන්ගේ හෝ සංසේදජයන්ගේ හෝ සභාවක (භාව) පරිපූර්ණව ප්‍රතිසන්ධි ක්‍ෂණයෙහි රූපාරූපවලින් සන්තති ශීර්ෂ සතද අරූප ස්කන්ධ තුනද පහළ වේ. එනිසා ඔවුන්ගේ විස්තර වශයෙන් රූපාරූපවලින් හැත්තෑව ද අරූපී ඛන්ධ තුනද යන මේ සැත්තෑ තුන විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප යයි දතයුතුය. අගහිත ගහණයෙන් සන්තති ශීර්ෂ හයකින් පනස් හතරක් හැර දහනවයක් වේ. මේ උපරිම වශයෙනි. අවම වශයෙන් ඒ ඒ රූප සන්තති ශීර්ෂ විකල වූවන්ගේ ඒ ඒ හැටියට අඩුකර සංක්‍ෂෙප වශයෙන්ද විස්තර වශයෙන්ද ප්‍රතිසන්ධි විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප සංඛ්‍යාතය දතයුතුය. අරූපීන්ට වනාහි අරූපී ස්කන්ධ තුන ද අසඥීන්ට රූපවලින් ජීවිත නවක රූපය දැන මේ ප්‍රතිසන්ධි ක්‍රමයයි.