සළායතනපදනිද්දෙසො
නාමරූප පච්චයා සළායතන නිර්දේශයෙහි
නාමය කඳ තුනය - රූපය බූ වන් ඈ
එක්සෙස්ව කළ එය - එයට පස වේ දන්නේ
එක්සෙස්ව කළ එය - එයට පස වේ දන්නේ
මේ සළායතනය ප්රත්ය වන්නේ නාමරූපයයි. එහි නාමය යනු වේදනාදි ස්කන්ධ තුනයි. රූපය වනාහි ස්වකීය සන්තතියට ඇතුළත් නියමයෙන් භූත සතර වස්තු සය ජීවිතේන්ද්රියදැයි මෙසේ භූත වස්තු යයි දතයුතුය. එය නාමඤ්ච රූපඤ්ච නාමරූපඤ්ච නාමරූපං මෙන් ඡට්ඨායතනඤ්ච සළායතනඤ්ච සළායතනය (ඒකසේස කළ නිසාද සමාහාර ද්වන්ධ සමාසය) සළායතනයට ප්රත්ය වේයයි දතයුතුය. කුමක් හෙයින්ද? යම් හෙයකින් ආරුප්පයෙහි නාමයම ප්රත්ය වේ. එහිද ඡට්ඨායතනම වේ. අනිකක් නොවේ. නාම ප්රත්යය ඡට්ඨායතනවල අව්යාකත වාරයෙහි කියනු ලැබේ. මෙහි සංග්රහ කිරීමකි. එහි බෙදා දැක්වීමකි නය දතයුතුය.
එය එහි කෙසේ වන්නේදැයි දැනගත හැකිද? නාමරූප සළායතනයට ප්රත්ය වේයයි නාමරූප භවයක් පවතින හෙයින් ඒ ඒ නාමයද රූපයද පවතිනවිට ඒ ඒ ආයතන වේ. වෙනත් ආකාරයකින් නොවේ. ඒ වනාහි එහි තබ්භාව භාවිභාවතා (ඒ භවයම වැඩීමෙන් අන්තිම භවය) ප්රත්ය නයෙහිම එන්නේය. එහෙයින් :-
පිළිසිඳුම් ඇතිවිට - යමක් යමකට පස වේ
පසවන ලෙසට එහි - පැමිණවිය යුතු විදුවන්
පසවන ලෙසට එහි - පැමිණවිය යුතු විදුවන්
මෙය එහි අර්ථය දැක්වීය.
නාමයම අරූසේ - පිළිසිඳුම් ලෙස පවතී.
අවමයෙන් එය සත් - සය වෙයි පස (නියමයෙන්)
අවමයෙන් එය සත් - සය වෙයි පස (නියමයෙන්)
කෙසේද? අවම වශයෙන් ප්රතිසන්ධිය සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය සම්පයුත්ත විපාක අත්ථි අවිගත ප්රත්යවලින් සත් ආකාරයකින් නාමය ඡට්ඨායතනයට ප්රත්ය වේ. කිසිවිට මෙහි හේතු ප්රත්යයෙන් ද කිසිවිට ආහාර ප්රත්යයෙන්දැයි මෙසේ අන්ය ආකාරයකින් ප්රත්ය වේ. ඒ අයුරින් උපරිම අවම වශයෙන් දැනගත යුතුය.
පවතින විපාකද කියන ලද නයින්ම ප්රත්ය වේ. අවම වශයෙන් ඉතිරි එකේ කියන ලද ආකාර ප්රත්යවල විපාක ප්රත්යය හැර ප්රත්ය සයක් වේ. මෙහි කිසිවිට හේතු ප්රත්යයෙන්ද කිසිවිට ආහාර ප්රත්යයෙන්දැයි අන් ආකාරයකින් ද ප්රත්ය වේ. ඒ අයුරින් උපරිම අවම වශයෙන් දතයුතුය.
අන් බවයෙහි නාම - එමලෙසමය පිළිසිඳුම්
ඉතිරි මෙ සවැනියට - සය අයුරකින් පස වේ
ඉතිරි මෙ සවැනියට - සය අයුරකින් පස වේ
ආරුප්පයෙන් අන්ය වූ පංචවෝකාර භවයෙහි ඒ විපාක නාමය හෘදය වස්තුවට සහාය වී සවැනි මනායතනයට ආරුප්පයෙහි කියන ලද ආකාරයෙන් වේ. එසේම අවම වශයෙන් සත් ආකාරයකින් ප්රත්ය වේ. ඉතිරි ඒ චක්ඛු ආදි පසට සතර මහා භූත සහායව සහජාත නිස්සය විපාක විප්පයුත්ත අත්ථි අවිගත වශයෙන් සය ආකාරයකින් ප්රත්ය වේ. කිසිවිට හේතු ප්රත්යයෙන් ද කිසිවිට ආහාර ප්රත්යයෙන්දැයි අන් ආකාරයකින් ප්රත්ය වේ. ඒ අයුරින් උපරිම අවම වශයෙන් දැනගත යුතුය.
පවතින එසේ මෙය - විවා විවයට පස වේ
අවිවා අවිවාට - සයට සය’යුරු පස වේ
අවිවා අවිවාට - සයට සය’යුරු පස වේ
පවත්නා පංචවෝකාර භවයෙහි ප්රතිසන්ධිය යම්සේද විපාකයට විපාක නාමයද එසේය. ඡට්ඨායතනයට අවම වශයෙන් සත් ආකාරයකින් ප්රත්ය වේ. අවිපාකය වනාහි අවිපාක ඡට්ඨායතනයට විපාක ප්රත්ය අත්හැර අවම වශයෙන් සයාකාරයකින් ප්රත්ය වේ. කියන ලද නයින්ම උපරිම අවම දැනගත යුතුය.
එහිම සෙසු පහට ද - විපාකයටද සිව් ලෙස
පස වේ එලෙසින්ම - අවිවායටද වන්නේ
පස වේ එලෙසින්ම - අවිවායටද වන්නේ
එහිම පවතින සෙසු චක්ඛු ආදි පහද චක්ඛුප්පසාදාදි වස්තුද විපාක නමින් වූ ඉතිරියද පච්ඡාජාත, විප්පයුත්ත, අත්ථි, අවිගත ප්රත්යවලින් සිව් ආකාරයකින් ප්රත්ය වේ. විපාක සේ අවිපාකද එසේම ප්රකාශිතය. එහෙයින් කුසලාදි භේදද ඔවුන්ගේ සිව්ආකාර ප්රත්ය වේ. මෙසේ නාම පටිසන්ධිය යමකට පවතීනම් ඒ ඒ ආයතනවලට ප්රත්ය වේ. යම් සේ වෙයිද එසේ දතයුතුය.
මෙහි රූපය අරූ - බවයෙහි නම් වෙය පස
නැත එක් ආයතන - ඉදින් පස්කඳ වේ නම්
නැත එක් ආයතන - ඉදින් පස්කඳ වේ නම්
රූපයෙන් පිළිසිදුම් - වත්රූ මතට සවිදිව
පස වේ සිව් බූ ද - පහට අවිසෙස් සිව්’යුරු
පස වේ සිව් බූ ද - පහට අවිසෙස් සිව්’යුරු
රූපයෙන් වන ප්රතිසන්ධිය වස්තුරූප සවැනි මනායතනයට සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය විප්පයුත්ත අත්ථි අවිගත ප්රත්යවලින් සයාකාරයකින් ප්රත්ය වේ. ප්රතිසන්ධිය පවතින යම් යම් ආයතනවල සතරමහා භූත අවිශේෂයෙන් උපදියි. ඒ ඒ හැටියට චක්ඛු ආදි ආයතන පහම සහජාත නිස්සය අත්ථි අවිගත ප්රත්යවලින් සිව් ආකාරයකින් ප්රත්ය වේ.