ජාතිජරාමරණාදිපදනිද්දෙසො
භව පච්චයා ජාති නිද්දේසාදියෙහි :- ජාති ආදියෙහි විනිස සච්ච විභංගයෙහි කී නයින් දැනගත යුතුය. භවො යන මෙහි කම්මභව අදහස් කරයි. එය ජාතියට ප්‍රත්‍යය වේ. උප්පත්ති භවය නොවේ. එයම කම්ම පච්චය උපනිස්සය පච්චය වශයෙන් දෙයාකාරයකින් ප්‍රත්‍ය වේ.
එහි මෙය කෙසේ දැනගත හැකිද? භවය ජාතියට ප්‍රත්‍යය වනවා කියා බාහිර ප්‍රත්‍ය පමණකින් හීන ප්‍රණීතාදී විශේෂ දැකීමකින් ද දැනගත හැකි වේ. බාහිරයෙහි පියා මව ශුක්‍ර ශ්‍රෝණිත ආකාරාදියෙන් සමාන වූ සත්ත්වයන් දෙදෙනෙකු අතර ද සිය ගණන් හීන ප්‍රණීත විශේෂයෙන් දක්නා ලැබේ. එය අහේතුකව නොවේ. හැමදාම හැමදෙනාටම නොවේ. කම්ම භවයෙන් අන් හේතුවකින් නොවේ. එයින් උපදවන සත්ත්වයන්ගේ අජ්ඣත්ත සන්තානයෙහි අනිත් කරුණක් නොමැතිවීමද කම්මභව හේතුවෙන්මය. සත්ත්වයන්ගේ හීන ප්‍රණීතාදි විශේෂ හේතු කර්මයයි. එයින් කීහ. සත්ත්වයා හීන ප්‍රණීත වශයෙන් දෙන්නේ කර්මයයි. එනිසා භවය ජාතියට ප්‍රත්‍යය වේයයි දතයුතුය.
යම්කිසි විදියකින් ජාතිය නොමැති නම් ජරා මරණ නොවේ. සෝකාදි ධර්මයෝද නොවෙති. ජාතිය පවතිනවිට ජරා මරණද ජරාමරණ සංඛ්‍යාත දුක්ඛ ධර්මයන්ගෙන් පෙළෙන මෝඩයන්ගේ ජරාමරණ සම්බන්ධව හෝ එයින් ඒ ඒ දුක් ධර්මයන්ගෙන් පෙළන සම්බන්ධයක් නැතිව හෝ සෝකාදි ධර්ම වේ. ඒ නිසා මෙය ජාති ජරා මරණාදියට මෙන්ම සෝකාදියටද ප්‍රත්‍ය වේයයි දතයුතුය. එය වනාහි උපනිස්සය කෙළවරින් එක් අයුරකින්ම ප්‍රත්‍ය වේ.
භව පච්චයා ජාති ආදි නිර්දේශයයි.
එවමෙතස්සාති ආදියේ අර්ථය උද්දේස වාරයෙහි කියූ නයින් දැනගත යුතුය. සංගති ආදිය සමුදයෙහි සමාන වචන වේ.
මෙහි සෝකාදිය අවසානයෙහි කියන ලදි. එහෙයින් යම් අවිද්‍යාවෙක් අවිජ්ජා පච්චයා සංඛාරා යන මෙසේ භව චක්‍රයේ මුලින්ම කියන ලදි. එය -
සෝකාදියෙන් අවිද්‍යාව සිද්ධය. නොදන්නා ලද මෙම භව චක්‍රය කාරකයක කරන්නකු වේදකයකු විඳින්නකු රහිතව දොළොස් ආකාර වූ සුඤ්ඤත වූද අසුඤ්ඤ වූද
නිතර සංසිඳවමින් හෝ පවතී යයි දතයුතුය. සෝකාදියෙන් අවිජ්ජා සිදුවූයේ කෙසේද? මේ භව චක්‍රය කෙසේ නම් අවිදිතද? නොදතහැකිද? කාරක වේදක රහිත වන්නේ කෙසේද? ද්වාදසවිධ සුඤ්ඤතාසුඤ්ඤ වන්නේ කෙසේද? මෙහි සෝක දුක්ඛ දෝමනස්ස උපායාස අවිජ්ජාවෙන් වෙන් නොවී ඇත. පරිදේවය ඒවා අතරින් මුළාවක් වන්නේ යයි සිද්ධ වූ පසු ඒවාද අවිජ්ජාවෙන් සිද්ධය, තවද ආසව සමුදයා ආසව සමුදයෙන් අවිජ්ජාව ඇතිවේ. අවිජ්ජා සමුදයො යයි කියන ලදි. ආසව සමුදයෙන් මේ සෝකාදිය ඇතිවේ. කෙසේද? වස්තුකාම වෙන්වීමෙහි සෝකය ඇතිවේ. එසේම කාමාසව හටගැනීම ඇතිවේ. කීහ.
කම් යාගෙහි කැමති - පුඟුලා එම කාමයන්
පිරිහෙන විට කිපේ - සර පහර ලදුවකු මෙන්
යම්සේ කීහ. “කාමතො ජාතී සොකො” යන මේ සියල්ල දිට්ඨාශව සමුදය වේ, කීහ. ඒ මම මගේ රූපය යයි නැගිටීමෙන් රූප විපරිණාමයේ අන්‍යථා භවයට පැමිණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපදී. දිට්ඨාශව සමුදය මෙන් භවාශව සමුදයද වේ. කීහ:- යම් ඒ දේවතාවෝ දීර්ඝායුෂව වර්ණ වන්නට සැප බහුලව උසස් විමානවල බොහෝ කලක් සිටිති. ඔව්හුද තථාගත ධර්ම දේශනා අසා භය වී සන්ත්‍රාසයට සංවේගයට පැමිණෙති. පස් පෙරනිමිති දැක මරබියෙන් සන්තාපයට පත් දෙවියන් මෙන් යම් භවාශව සමුදයෙන් මෙසේ අවිජ්ජා සමුදය වේ. කීහ:- මහණෙනි, ඒ මෝඩයා මෙම ජීවිතයේම ත්‍රිවිධ වූ දුක් දොම්නස් විඳී.