අභිධර්ම භාජනීය වර්ණනාව
මෙසේ මහා පෘථිවිය පැතිරෙන්නා සේ ආකාශය දිගහැරී යන්නා සේද සියළු ධර්මයන් කෙරෙහි අප්‍රතිහත ඤාණයක් ඇති ශාස්තෲන් වහන්සේ සූත්‍රාන්ත භාජනියෙහි ගැට නැතිව අවුල් නැතිව ප්‍රත්‍යයාකාරය නා නා චිත්ත වශයෙන් දක්වා දැන් යම්හෙයකින් මේ ප්‍රත්‍යයාකාරය කේවල වූයේද නා නා සිත්වල වූයේද වෙයි. එක් සිතකම වූයේද වෙයි. එහෙයින් අභිධම්ම භාජනිය වශයෙන් එක චිත්ත ක්‍ෂණික වූ පච්චයාකාරය නානාප්පකාරයෙන් දැක්වීමට “අවිජ්ජා පච්චයා සංඛාරොති” ආදි නයින් මාතෘකාව තැබූහ. මෙසේ තබන ලද මාතෘකාවෙහි :-
අවිදු ඈ මුල්හී - නව මුල්පද නවය වේ
නය එහි සතරෙකී - වාර බේදද දැක්වේ
මේ එහි විස්තරයයි. මෙහි අවිජ්ජා සංඛාර විඤ්ඤාණ නාම ඡට්ඨායතන ඵස්ස වේදනා තණ්හා උපාදාන භේදයෙන් අවිජ්ජාදි නව මූල පදයෙහි අවිජ්ජාදිකො........උපාදානාදිකො යයි මේ මූලපද නවය නය නවයක් වේ.
ඒවා අතරෙන් පළමුකොට මේ අවිජ්ජාදික නය වේ. එහි පච්චය චතුක්කය හේතු චතුක්කය සම්පයුත්ත චතුක්කය අඤ්ඤමඤ්ඤ චතුක්කය යයි චතුක්ක සතරක් වේ. මෙහි යම් සේද එසේ සෙසු ඒවායෙහිද එක එකේ නය සතර සතර චතුක්ක වශයෙන් චතුක්ක තිස්හයක් වේ. එහි එක එක චතුක්කයෙන් වාර සතර සතර සංග්‍රහ කළ බැවින් සතර චතුක්කයන්ගේ වශයෙන් එක එකේ නයෙහි සොළොස් සොළොස් වාර සය හතලිස් හතරක් අධික කොට ඇති වාර සියයක් වේ යයි දතයුතුය.
පච්චයචතුක්කං
එහි සියල්ලටම පළමු අවිජ්ජා මූලක නයෙහි පච්චය චතුක්කය. එහි පළමු නාමරූප ස්ථානයෙහි නාමයම සළායතන ස්ථානයෙහිද කිසිවක් නොකී බැවින් අසම්පූර්ණ ඒකාංගයෙන් යුක්ත වූයේ ඒකාදසංගික වාර නම් වේ. තුන්වන සළායතන ස්ථානයෙහි ඡට්ඨායතනයට කියන ලද බැවින් සම්පූර්ණ එකංගයෙන් යුක්ත වූයේ ද්වාදසංගික වාර නම් වේ. සතරවැන්න සම්පූර්ණ ද්වාදසංගිකම වාර නම් වේ.
එහි ඡට්ඨායතන පච්චය ඵස්ස යයි කියන ලද බැවින් මෙයද අසම්පූර්ණ අංග යුක්ත වන්නේද නැත. එය අනංග බැවිනි. එහි අංගය වන්නේ ඵස්සමය. ඡට්ඨායතන නොවේ. එහෙයින් එය අනංග බැවින් අසම්පූර්ණ අංග යුක්ත නොවේ. අට්ඨ කථාවෙහි කියන ලදි. පළමුව සර්ව සංගාහික අර්ථයෙන්. දෙවනුව ප්‍රත්‍යය විශේෂාර්ථයෙන්. තුන්වනුව ගබ්භසෙය්‍යක සත්ත්වයන්ගේ වශයෙන්. සතරවනුව ඕපපාතික සත්ත්වයන්ගේ වශයෙන් ගන්නා ලදි. එසේම පළමුව සර්වසංග්‍රාහික අර්ථයෙන්, දෙවනුව ප්‍රත්‍යය විශේෂාර්ථයෙන්. තෙවනුව අසම්පූර්ණ ආයතන වශයෙන්. සිව්වනුව සම්පූර්ණ ආයතන වශයෙන් ගන්නා ලදි. එසේම පළමුව සර්වසංග්‍රාහිකාර්ථයෙන්, දෙවනුව මහානිදාන සූත්‍රය වශයෙන් තෙවනුව රූප භව වශයෙන් සිව්වනුව කාමභව වශයෙන් ගන්නා ලදැයි
එහි පළමු දුතියාදියෙහි තුන්වාරයෙහි කිසිවෙක් නොපිවිසේ යයි සර්ව සංග්‍රාහිකයයි කියන ලදි. සෙසු ඒවායේ විශේෂ පසුව එන්නේය. එය දැක්වීම සඳහා -
අන’යුරු කියූ යම් - යම් තැන නොකියූ යමක්
පස වන සෙ යමකට - වෙන්කොට එ සව් දක්වනු
මේ ඒ නයයි. සූත්‍රාන්ත භාජනියෙහි මෙන් අවිශේෂයෙන් මේ සතරෙහි සංඛාරා යයි නොකියා සංඛාරො යයි කියන ලදි. ඒ කුමක් නිසාද? ඒක චිත්තක්‍ෂණික බැවිනි. එහි නා නා චිත්තක්‍ෂණික ප්‍රත්‍යාකාරය බෙදන ලදි. එහි ඒක චිත්තක්‍ෂණිකය අරඹන ලදි. ඒක චිත්තක්‍ෂණයෙහි බොහෝ චේතනා නොවේ යයි සංඛාරා යයි නොකියා සංඛාරො යයි කියන ලදි.
මෙහි පළමුවන වාරයෙහි වනාහි ඒක චිත්තක්‍ෂණය ඇතුළත් ධර්ම සංග්‍රහණය බැවින් සියළු ස්ථානයෙහි සාධාරණ වූද රූප හැර විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමයම කියන ලදි. එහි ඒක චිත්තක්‍ෂණයට ඇතුළත් සියළු ස්ථාන සාධාරණද විඤ්ඤාණය පවතින කිසිතැනක නොපවතී. ඒක චිත්තක්‍ෂණ පරියාපන්න මෙහි එකද ස්පර්ශය වේ. එහෙයින් ඊට අනුරූප ප්‍රත්‍ය වූ ආයතන ගන්නේ සළායතන ස්ථානයෙහි නාම ප්‍රත්‍යයෙන් ඡට්ඨායතනං යයි එකම මනායතනයම කීය. එහි එක් අකුසල ස්පර්ශයකට අනුරූපව ප්‍රත්‍යය විය. මේ කැමැත්ත සංඛාරපච්චයා විඤ්ඤාණං යන මෙහිද කියන ලදි. හේතුඵල විශේෂ දැක්වීම් සඳහා අංග පරිපූර්ණ වූයේද නැවත මෙහි ගන්නා ලදි. එහි මේ විශේෂයෙන් සංඛාරය හේතු වේ. අවිශේෂයෙන් නාමය ඵලය වේ. මෙහි වනාහි අවිශේෂයෙන් නාමය හේතු වේ. විශේෂයෙන් ස්පර්ශය ඵලය වේ. සෝකාදි සියල්ල ඒක චිත්තක්‍ෂණයෙහි නොහට ගනී. සියළු සිත් පවත්නා ස්ථානයෙහිද සිතෙහිද නොපවතී. එනිසා නොගන්නා ලදි. ජාති ජරා මරණාදිය අචිත්තක්‍ෂණ මාත්‍රයට සමාන වූ චිත්තක්‍ෂණයෙහි ඇතුළත් බැවින් අංග සම්පූර්ණ කිරීමට ගන්නා ලදි. මෙසේ මෙහි යමක් අන්‍යාකාරයකින් කියන ලදද යමක් නොකියන ලදද එය දතයුතුය.
මෙහි යමක් මෙයින් පසු වාරයන්හි කියන ලදද? එහි අර්ථය කියන ලද නයින්ම දතයුතුය. යම් යම් වාරවල යම් යම් විශේෂයක් ආවේ නම් ඒවා ඒ ඒ තැන ප්‍රකාශ කරන්නෙමි.
යං යථා පච්චයො යස්ස යන යම්සේ යමකට යම් ප්‍රත්‍යයක් වේද? මෙහි වනාහි සංඛාරයට අවිජ්ජා සම්ප්‍රයුක්ත ධර්ම සාධාරණයෙන් සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය සම්පයුත්ත අත්‍ථි අවිගත ප්‍රත්‍යවලින් හේතුප්‍රත්‍ය සයකින්ද යයි සත් ආකාරයකින් ප්‍රත්‍ය වේ. එහි යමකින් පසුව හේතු චතුක්කාදි චතුක්ක තුන අවිගත සම්පයුත්ත අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය වශයෙන් කියන ලදි. එහෙයින් මෙහි ඒවා බැහැර කර අවශේෂ වශයෙන් අවිජ්ජාව සංඛාරයට සිව් ආකාරයකින් ප්‍රත්‍යවේදැයි දතයුතුය.