භවපදනිද්දෙසො
උපාදාන පච්චයා භව නිර්දේශයෙහි :-
අරුතින් ද දහමින් - බෙදුම් වන ලෙස තේරුම්
දතයුතු විනිස මෙහි - යමකට පස වන ලෙස ද
එහි වේනුයි භව දුවිධෙන දෙයාකාරයකින් පවත්නේය යන අර්ථයයි. නොයෙක් දුවිධෙන යනු ප්‍රථමාවෙහි කරණ වචනයයි. දෙක යයි කියන ලදි. අත්‍ථි යනු ඇත. කර්මයම භව කම්මභව වේ. උත්පත්තියම භවය වූයේ උපපත්තිභාවො වේ. මෙහිද උපත වේ යනු භවයයි. යම් සුබ කරුණක් බැවින් සුඛො බුද්ධානං උප්පාදො බුදුවරුන්ගේ ඉපදීම සුවයයි කියන ලදි. මෙසේ බව හේතුවෙන් පල ව්‍යවහාරයෙන් භව යයි දතයුතුය. තත්‍ථ කතමො කම්ම භවො ව යන ඒ භව දෙක අතුරෙන් කර්මභවය කුමක්ද? යන්නය. පුඤ්ඤාභි සංඛාරාදිය කියන ලද අරුත් ඇත්තේමය. සබ්බං යනු සියල්ල. භවයට යයි, යවනු ලබයි භවගාමි. මෙයින් නිවන ප්‍රතික්‍ෂේප කරයි. මේ සසර කථාවයි. එයද විවට්ට නිශ්‍රිතය. කරනු ලැබේනුයි කර්ම.
කාම සංඛ්‍යාත කාම භවයන්හි භවය කාමභව වේ. රූපාරූප භවවලද මෙම නයයි. සංඥාවෙන් ඇතිවූ භවය හෝ සංඥාව මෙහි ඇතැයි යන අර්ථයෙන් හෝ සඤ්ඤාභව වේ. ඊට අසමාන වූයේ අසඤ්ඤා භව වේ. ඕලාරික සංඥාව නැති සියුම්ව ඇති සඤ්ඤා නැති අසඤ්ඤා නැති මේ භවයෙහිය යන නේවසඤ්ඤා නාසඤ්ඤා වේ. එක රූපස්කන්ධයකින් යුත් භවය එකවොකාර භව වේ. එක වෝකාරයක් මේ භවයෙ වේ යයි ද එකවෝකාර භව වේ. චතුවෝකාර පඤ්චවෝකාර භවවලද මෙම නයමය. අයං වුච්චති උප්පත්ති භවො මෙය නව විධව උත්පත්ති භවය කියනු ලැබේ. මෙසේ අර්ථ වශයෙන් විනිස දතයුතුය.
ධම්මතො වනාහි පුඤ්ඤාභිසංඛාර ධර්ම වශයෙන් චේතනා දහතුනය. අපුඤ්ඤාභි සංඛාර චේතනා දොළහය. අනෙඤ්ජාභිසංඛාර සතරය. සියල්ල භවගාමී කර්ම නිසා මේ සියළු ධර්මයෝ චේතනා සම්පයුක්තව හෝ කර්ම සංඛ්‍යාත වූ රැස්කරමින් යන ධර්ම සංග්‍රහ කරන ලදි. කාමභවය උපාදින්න (තමාගේ යයි අල්ලාගත් ස්කන්ධ පහය, රූප භවයද එසේය. අරූප භවයෙහි සතරය. සඤ්ඤා භවය සතරකි. පහකි. අසඤ්ඤාභවයේ ඒක උපාදාන ස්කන්ධයකි. නේවසඤ්ඤා නාසඤ්ඤා සතරය සතරකි. ඒකවෝකාර භවාදියෙහි එක සතර පහ වශයෙන් උපාදින්න ස්කන්ධවලින් යුක්ත වේ. මෙසේ මෙහි ධර්මතා වශයෙන් ද විනිස දතයුතුය.
සාත්‍ථතො යන්න භව විස්තරයෙහි කියූ පරිදිය. කාමයද සංඛාර විස්තරයෙහි පුඤ්ඤාභි සංඛාරාදියම කියන ලදි. ඒ මෙසේ ඇතිකල්හි අතීත කර්ම වශයෙන් මෙහි ප්‍රතිසන්ධියට ප්‍රත්‍ය වූ බව පෙර කියන ලදි. වර්තමාන කර්ම වශයෙන් අනාගතයෙහි ප්‍රතිසන්ධියට ප්‍රත්‍යවත් වන බව නැවත වචනය සාත්‍ථක නම්ද වේ. පෙර හෝ එහි පුඤ්ඤාභිසංඛාර කවරේද? “කාමාවචර කුසල චේතනා” යයි මේ ආදි වශයෙන් වේ. එනම් සංඛාරවන බව කියන ලදි. මෙහි වනාහි සියල්ල භවගාමි කර්මය යන වචනයෙන් චේතනා සම්ප්‍රයුක්ත වූද විඤ්ඤාණ ප්‍රත්‍යය වූ කර්මයම සංඛාර නය කියන ලදි. අනිත් භවවල උපදවන කර්ම කිම බොහෝ වේද? අවිජ්ජා පච්චයා සංඛාරා යන එහි පුඤ්ඤාභිසංඛාරාදිය කුසලාකුසල ධර්මය යයි කියන ලදි. උපාදාන පච්චයා භගවා යන මෙහි උත්පත්ති භවයද සංග්‍රහ කළයුතු හෙයින් කුසලාකුසල අබ්‍යාකත ධර්ම කියන ලදි. එහෙයින් සියළු තැන මෙය සාර්ථක නැවත වචනය. මෙසේ මෙහි සත්‍ථතො යන්නෙහි විනිස දතයුතුය.
භෙද සංගහාති උපාදාන ප්‍රත්‍යයෙන් භවයේ ප්‍රභේද මෙන්ම සංග්‍රහයද වේ. කාම උපාදාන ප්‍රත්‍යයෙන් කාම භවයෙහි උපදවන කර්මය කරනු ලැබීද එය කර්ම භවයයි. එහි උපන් ස්කන්ධ උත්පත්ති භාවයයි. රූපාරූප භවාදියෙහි ද මෙම නයමයි. මෙසේ කාමූපාදාන ප්‍රත්‍යයෙන් කාම භව දෙකෙක් වේ. සඤ්ඤා භව පංචවෝකාර භවද ඊට අන්තර්ගතය. රූප භව දෙකකි. සඤ්ඤා භව අසඤ්ඤා භව එකවොකාර භව පංචවෝකාර භව ඊට ඇතුළත්ය. අරූප භව දෙකකි. සඤ්ඤා භව නේවසඤ්ඤානාසඤ්ඤා භව චතුවෝකාර භවයක් සමග භව සයක් ඇතුළත් වේ. කාමූපාදාන ප්‍රත්‍යය සමග භව සයක් ඇතුළත් වන්නා සේ සෙසු උපාදාන ප්‍රත්‍යයන් සමගද සය බැගින් ඇතුළත් වේ. මෙසේ උපාදාන ප්‍රත්‍ය භේදයෙන් භව විසිහතරක් වේ.
කම්ම භව උත්පත්ති භව එකක් කොට කාම උපාදාන ප්‍රත්‍යය සමග එක් කාම භවයක් සංග්‍රහකර ඇත. රූපාරූපාදි තුන් භවයෙහිද එසේය. සෙසු උපාදාන ප්‍රත්‍යවලද එසේය. මෙසේ උපාදාන ප්‍රත්‍ය සංග්‍රහ කිරීමෙන් භව දොළසක් ඇතුළත් වේ. තවද අවිශේෂයෙන් උපාදාන ප්‍රත්‍යයෙන් කාම භවයට පැමිණි කර්මය කාම භව වේ. එය ඇසුරුකොට උපන් ස්කන්ධ උත්පත්ති භව වේ. රූපාරූප භවවලද එසේය. මෙසේ උපාදාන ප්‍රත්‍යය සමග ඇතුළත් කාමභව දෙකකි. රූප භව දෙකකි. අරූප භව දෙකකැයි තවත් පරියායකින් සංග්‍රහ කිරීමෙන් භව සයක් වේ. කම්ම භව උත්පත්ති භේදය අනුව පැමිණි ඇතුළත් වූ කාමාදි වශයෙන් භව තුනක් වේ. කාම භවාදි භේදය අනුව කම්ම භව උත්පත්ති භව වශයෙන් භව දෙකක් වේ. කම්ම උප්පත්ති භේදය අනුව උපාදාන පච්චයා භවො යයි භව වශයෙන් එක් භවයක් වේයයි මෙසේ මෙහි උපාදාන ප්‍රත්‍ය භාවයේ භෙද සංග්‍රහයේ ද විනිස දතයුතුය.