උපාදානපදනිද්දෙසො
තණ්හා පච්චයා උපාදාන නිර්දේශයෙහි:-
උවාදන් සතරකි - බෙදුමෙන් අරුත් ඒවා
දම් සැකෙවින් විතර - පිළිවෙල ලෙසින් දක්වනු
පෙලෙහි උපාදාන යනු කාම උපාදාන දිට්ඨි උපාදාන සීලබ්බත උපාදාන අත්තවාද උපාදාන යයි යන මේ සතර එයි. මේ ඒවායේ අර්ථ විභාගයයි. වස්තු සංඛ්‍යාත කාමය අල්ලාගනු ලැබේනුයි කාම උපාදාන වේ. කාමයද උපාදානයද කාමූපදාන වේ. උපාදාන යනු දැඩි ග්‍රහණයයි. මෙහි උප භේදය උපායාස උපක්කට්ඨ ආදියෙහි මෙනි. එසේම දිට්ඨියද උපාදානයද දිට්ඨි උපාදාන වේ. දෘෂ්ටිය ගනු ලැබේනුයි හෝ දිට්ඨි උපාදාන වේ. ආත්මයද ලෝකයද ශාස්වතය ආදියෙහි පුරිම දෘෂ්ටියද උත්තර දෘෂ්ටියද අල්ලා ගනී, එසේම සීල වත්ත අල්ලා ගනීනුයි සීලබ්බත උපාදාන වේ. සීලබ්බතය ද උපාදානය ද සීලබ්බතූපාදාන වේ. ගව සීල ගව වත්ත ආදිය මෙසේ පිරිසිදු වේ යයි සිතාගෙන වැළඳගෙන තමාම අල්ලාගෙන එසේ කියයි. මෙයින් වාද වේ. මෙයින් අල්ලා ගනීනුයි උඵාදාන වේ. කුමක් කියයිද? කුමක් අල්ලා ගනීද? යන මෙය උපාදානය වේ. තම තමාගේ වාදය උපාදානය කිරීම අත්තවාදූපාදානය වේ. අත්තවාදය පමණක් හෝ තමා යයි අල්ලා ගත්තේ මෙයින්ය යනු අත්තමවාදූපදාන වේ. මෙය ඒවායේ අර්ථ විභාගයයි.
ධම්මසංඛෙප විත්‍ථාරය වනාහි කාමූපාදානය මුලින්ම එහි කාම උපාදානය කුමක්ද? යමෙක් කාමයන්හි කාමයන් කැමැත්තෙක් වේද? ඇල්මක් වේද බැඳීමක් වේද සෙනෙහසක් වේද දැවීමක් වේද මූර්ඡාවීමක් වේද බලවත් ඇල්මක් වේද එය කාම උපාදානය කියනු ලැබේ. සංක්‍ෂේපයෙන් ආ බැවින් තණ්හාව ගොරෝසු ලෙස කියන ලදි. ගොරෝසු තණ්හාව නම් පුරිම තණ්හාව උපනිශ්‍රය ප්‍රත්‍යයෙන් දැඩිව හටගත් උත්තර තණ්හාවම වේ. කිසිවෙක් මෙසේ කීහ. නොපැමිණි විෂය පැතීම තණ්හාව වේ. අඳුරෙහි සොරාගේ අත දිගු කරන්නාක් මෙන් පැමිණි විෂය ගැනීම උපාදාන වේ. එහිම භාණ්ඩයක් ගැනීම මෙනි. අපිස් සතොස් බවට ඒ ධර්ම ප්‍රත්‍යක්‍ෂ වේ. එසේම ඒවා සෙවීම ආරක්ෂා කිරීම දුකට මුලකි. සෙසු උපාදාන තුන සැකෙවින් දෘෂ්ටි මාත්‍රයකි.
විස්තර වශයෙන් පෙර රූපාදියෙහි කියන ලද එක්සිය අටක් ප්‍රභේද වූ තෘෂ්ණාවේ දැඩි බව කාමූපාදනා වේ. දස වස්තුක මිථ්‍යා දෘෂ්ටිය දිට්ඨි උපාදාන වේ. යම්සේ කීහ. තත්‍ථ කතමං දිට්ඨූපාදානං යි දෙන ලද දෙයක් පලක් නැත. යාගයෙන් පලක් නැත...... සාක්‍ෂාත් කර ප්‍රකාශ කරති. මේ පිළිබඳ යම් බඳු දෘෂ්ටියක්........ විපර්යාසයෙන් ගැනීමකි. දිට්ඨි උපාදානය මෙය යයි කියනු ලැබේ. සීල ව්‍රතවලින් ශුද්ධිය පරාමර්ශනය කිරීම සීලබ්බත උපාදානයයි. යම්සේ කීහ:- තත්‍ථ කතමං සීලබ්බතූපාදානං? සීලයෙන් ශුද්ධිය ව්‍රතයෙන් ශුද්ධිය සීලබ්බතයෙන් ශුද්ධිය යයි මෙබඳු වූ යම් දෘෂ්ටියක්......... විපර්යාශාව ගැනීමකි. සීලබ්බතූපාදානය මෙය යයි කියනු ලැබේ. වීසති වස්තු සක්කාය දිට්ඨි අත්තවාදූපාදානය. යථාහ....... කත්‍ථ කතුමං අත්තවාදුපාදානං? මෙහි අශ්‍රැතවත් පෘථග්ජනයා....... සත්පුරුෂ ධර්මයෙහි අවිනීතව රූපය තමාගෙන් යයි දකියි. විපර්යාසව ගැනීමකි. මෙය අත්තවාදූපාදානයයි කියනු ලැබේ. මෙහි මෙය ධර්ම සංක්‍ෂෙප විස්තරයයි.
කමතො යන මෙහි ක්‍රම තුනකි. උත්පත්ති ක්‍රමය ප්‍රහාන ක්‍රමය දේශනා ක්‍රමයද වශයෙන්. එහි මුලක් නැති සසරෙහි මෙය පළමුවන උපත යයි නැතිහෙයින් කෙලෙසුන්ගේ වෙනස් නොකළ හැකි බැවින් උත්පත්ති ක්‍රමය නො කියනු ලැබේ. වෙනස් කළ හැකි බැවින් බොහෝ සෙයින් එක් භවයක ආත්මය තැනීම පෙරටුව ශාස්වත උච්ඡේද එළඹ එයින් මේ ආත්මය ශාස්වතයි ගැනීමෙන් ආත්ම විසුද්ධාර්ථ සීලබ්බතූපාදා යයි මේ ආත්මය මෙයින් මතු නැතැයි ගැනීමෙන් පරලෝකය ගැන අපේක්‍ෂා නැති නිසා කාම උපාදානයයි. මෙසේ පළමුව අත්තවාද උපාදානයද එයින් පසු දිට්ඨි සීල කාම උපාදාන හෝ යයි මෙය ඔවුන්ගේ එක් භවයක උත්පත්ති ක්‍රමයයි.
දිට්ඨි උපාදානාදිය මෙහි පළමුව ප්‍රහීන වන්නේ සෝතාපත්ති මාර්ගයෙන් අවසන් වීමෙනි. අරහත්ත මාර්ගයෙන් වධයට පැමිණෙන බැවින් කාමූපාදානය පසුව ප්‍රහීන වේ. මෙය මේවායේ ප්‍රහාණ ක්‍රමයයි.
මහා විසය බැවින්ද ප්‍රකට නිසා ද මේවා අතුරෙන් කාමූපාදානය පළමුව දේශනා කරන ලදි. ඒ මහා විසය නම් අට සිත් එකතුවයි. සතර සිත් එකතුව ඉතිරි අල්ප විසයයි. ආලයෙන් වෙළුණු ප්‍රජාවගේ කාමූපාදානය බොහෝසෙයින් ප්‍රකටය. ඉතිරිවා එසේ නැත. කාමූපාදානය හෝ වස්තු කාමයන්ගේ දැනගැනීමට (ලබාගැනීමට) කුතුහල මංගල බොහෝ වේ. සාස්වත දෘෂ්ටි යයි. ඊට අනතුරුව දිට්ඨි උපාදානය. එය බෙදමින් සීලබ්බත අත්තවාද උපාදාන වශයෙන් දෙයාකාර වේ. ඒ දෙකෙහි ගව ක්‍රියාවක් හෝ සුනඛ ක්‍රියාවක් හෝ දැක දැනගන්නට ඕලාරික නිසා සීලබ්බත උපාදානය පළමුව දේශනා කරන ලදි. සියුම් නිසා අවසානයෙහි අත්තවාද උපාදානය දේශනා කරන ලදි. මේ මෙහි දේශනා ක්‍රමයයි.