අභිධර්ම භාජනීය වර්ණනාව
ඊට අනතුරුව දැන් ඉන්‍ද්‍රිය විභංගයෙහි බාවීසතී යනු ගණන පිරිසිඳීමයි. ඉන්‍ද්‍රියානි යනු වෙන්කරන ලද ධර්මය දැක්වීමයි. දැන් ඒවා ස්වරූප වශයෙන් දැක්වෙන්නේ චක්ඛු ඉන්‍ද්‍රියං ආදිය කීහ. එහි චක්‍ෂු ද්වාරයෙහි ප්‍රධානත්වය දරනුයේ චක්ඛු ඉන්‍ද්‍රිය වේ. සෝත, ඝාන, ජිව්හා, කාය ද්වාරවල ඉන්‍ද්‍රියාර්ථය කෙරේනුයි සෝතාදි ඉන්‍ද්‍රිය දැනගැනීමේ ලක්‍ෂණයෙහි ප්‍රධානත්වය ඇති නිසා මනින්‍ද්‍රිය වේ. ස්ත්‍රීභාවයෙහි ප්‍රධානත්වය නිසා ඉත්‍ථින්‍ද්‍රිය වේ. පුරුෂභාවයෙහි ප්‍රධානත්වය නිසා පුරුෂින්‍ද්‍රිය වේ. අනුපාලන ලක්‍ෂණයෙහි ප්‍රධානත්වය නිසා ජීවිතේන්‍ද්‍රිය වේ. සැප ලක්‍ෂණයෙහි ප්‍රධානත්වය නිසා සුඛින්‍ද්‍රිය වේ. දුක්ඛ, සෝමනස්ස, දෝමනස්ස, උපේක්ඛා ලක්‍ෂණවල ඉන්‍ද්‍රියාර්ථය නිසා දුක්ඛින්‍ද්‍රිය ආදි වශයෙන් වේ. නිශ්චය ලක්‍ෂණය නිසා සද්ධින්‍ද්‍රිය වේ. උදව්දීමේ ප්‍රධානත්වය නිසා විරියින්‍ද්‍රිය වේ. වැටහෙන ලක්‍ෂණයෙහි ප්‍රධානත්වය නිසා සතින්‍ද්‍රිය වේ. අවික්‍ෂේප ලක්‍ෂණයෙහි ප්‍රධානත්වය නිසා සමාධින්‍ද්‍රිය වේ. දර්ශන ලක්‍ෂණයෙහි ප්‍රධානත්වය නිසා පඤ්ඤින්‍ද්‍රිය වේ. අනඤ්ඤථ-පවතින දැනගන්නා ලක්‍ෂණයෙහි ප්‍රධානත්වය දරණ නිසා අනඤ්ඤතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වේ. දැනගන්නා ධර්මවල මනාසේ දැනගැනීමේ කෘත්‍යයෙහි ප්‍රධානත්වය නිසා අඤ්ඤින්‍ද්‍රිය වේ. සම්පූර්ණයෙන්ම දැනගැනීමේ ප්‍රධානත්වය නිසා අඤ්ඤතාවින්‍ද්‍රිය වේ.
මෙහි සූත්‍රාන්ත භාජනීයෙහි නොගන්නා ලද්දේ කුමක් නිසාද? සූත්‍රාන්තයෙහි මේ පිළිවෙලේ ඉන්‍ද්‍රිය විසිදෙකක් නොආ බැවිනි. සූත්‍රාන්තයෙහි කිසිතැනක ඉන්‍ද්‍රිය දෙකක් කියන ලදි. කිසිතැනක තැනක්, කිසිතැනක පහක්, මෙසේ නිතර විසිදෙකක් ආවේ නැත. මෙය අටුවා නයයි. මෙය වනාහි වෙනත් නයකි.
අරුත් ලකුණුද ඈ - පිළිවෙලින් එය දන්නේ
භේද අබේද කිස - බූමි විසින් විනිස වේ
මේ චක්ඛාදි නම් පළමුකොට බලානුයි ඇස ආදි නයින් අර්ථය පවසන ලදි. පසුව ප්‍රකාශකළ තුනෙහි පළමුවැන්න පූර්ව භාගයෙහි නොදන්නා අමුර්ථ පදය වූ චතුරාර්ය ධර්මය හෝ දන්නෙමැයි මෙසේ පිළිපදින්නාට උපදින බැවින් ප්‍රධානත්වය පහළවන බැවින් ද අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රි යයි කියන ලදි. දෙවැන්න නොදන්නා බැවින් ප්‍රධානත්වය පහළවන බැවින් ද අඤ්ඤින්‍ද්‍රිය වේ. තුන්වැන්න සම්පූර්ණයෙන් දැනගන්නා චතුස්සත්‍යයෙහි අවසාන ඤාණකෘත්‍යය රහතන් වහන්සේට උපදින බැවින් ප්‍රධානත්වය පහළවන බැවින්ද අඤ්ඤාථාවින්‍ද්‍රිය වේ.
ඉන්‍ද්‍රියට්ඨ යනු කුමක්ද? ඉන්‍දලිංගට්ඨො ප්‍රධානත්වය සහ අර්ථයෙන් ඉන්‍ද්‍රියට්ඨ වේ. ප්‍රධානත්වය දේසිත හෙයින් ඉඳුරන් විසින් දක්නා ලද හෙයින් ඉන්‍ද්‍රියට්ඨ වේ. ඉන්‍දසිට්ඨො ඉන්‍දජුට්ඨො ප්‍රධාන ආඥාව ප්‍රධාන සංඥාව යන අර්ථවලින් ද ඉන්‍ද්‍රියට්ඨ වේ. ඒ සියල්ල මෙහි සුදුසු පරිදි යෙදේ. භාග්‍යවත් සම්මාසම්බුද්ධයන් වහන්සේ පරම ඓශ්වර්ය බැවින් ඉන්‍ද්‍ර නම් වේ. කුසලාකුසලවලද කර්මය කර්මවලද කිසිවකගේ ඓශ්වර්ය භාවයෙන් එයින්ම මෙහි කර්මය දැනගන්නා ඉන්‍ද්‍රිය කුසලාකුසල කර්මය ඉක්මවා යයි. එයින් ආඥා කෙරේය යන අර්ථයෙන් ඉන්‍ද්‍රියාර්ථ වේ. මේ සියල්ල භාග්‍යවතුන් වහන්සේ යථා පරිදි දෙසූහ යන ඉන්දදේසිනාර්ථයෙන් ඉන්‍දදේසිතට්ඨෙන ඉන්‍දට්ඨෙන වා ඉන්‍ද්‍රියානි. එහෙයින්ම භාග්‍යවතුන් වහන්සේ කිසිවකුට ගෝචර අසේවනයෙහිද කිසිවකුට භාවනා අසේවනයෙහිද ඇසුරු කරන ලදැයි ඉන්‍ද්‍රියයි දෙසන ලදි.
ලක්ඛණාදීහි යනු ලක්ඛණ රස පච්චුපට්ඨාන පදට්ඨාන වශයෙන් චක්ඛු ආදියේ විනිස දැනගනී යන අර්ථයි. එහි ලක්‍ෂණාදිය යට කියන ලදි. පඤ්ඤින්‍ද්‍රියාදියෙහි සතර අර්ථ අතුරින් අමෝහයමය. සෙස්ස එහි ස්වරූපයෙන්ම පැමිණියේය.
කමතො යන මෙයද දේශනා ක්‍රමයකි. එහි අජ්ඣත්ත ධර්මය දැන ආර්යභූමි ප්‍රතිලාභය වන්නේ යයි ආත්ම භාවයට ඇතුළත් වූ චක්ඛුන්‍ද්‍රියාදිය පළමුව දෙසන ලදි. ඒ ආත්මභාවය වනාහි යම් ධර්මයක් නිසා ස්ත්‍රියයි පුරුෂයයි ගණන් ගැනීම ඇතිවේ. එය මෙයයයි දැක්වීමට ඉත්‍ථීන්‍ද්‍රිය පුරිසින්‍ද්‍රිය වේ. ජීවිතේන්‍ද්‍රිය රූප දෙකකි. රූප ජීවිතේන්‍ද්‍රිය සහ නාම ජීවිතේන්‍ද්‍රිය වශයෙනි. විඳිනු ලබන සියල්ල සැප දුක් වශයෙන් දැක්වීම සුඛින්‍ද්‍රිය, සැපඉන්‍ද්‍රිය වශයෙන් පෙන්වා ඇත. දැකීම නිවැරදි කිරීමට මේ ධර්මයන් වැඩිය යුතුයයි දැක්වීම එයින් පසු සද්ධාදි ඉන්‍ද්‍රියද වෙයි. පිළිවෙලින් මේ ධර්ම තමා කෙරෙහි පළමුව හටගත්තේය. ප්‍රතිපත්තියේ නොසිස්බව දැක්වීම සඳහා ඉන්පසු අනඤ්ඤාතඤ්ඤස්සාවීතින්‍ද්‍රියද වේ. ඉන්පසු භාවනාවෙන් මෙය අධිගමනය කළේයයි මේ අධිගමය වේ. මේ අධිගත කල්හි ඊට පසු කිරීමට දෙයක් නැතැයි දැක්වීම සඳහා අවසානයේ පරම වින්දනය වූ අඤ්ඤතාඉන්‍ද්‍රිය දෙසන ලදි. මෙහි ක්‍රමය මෙසේ වන්නේය.