ප්රශ්න විචාරක වර්ණනාව
ප්රශ්න විචාරයෙහි සියළුම ඉන්ද්රියන්ගේ කුසලාදි විභාගය පෙළෙහි නයානුසාරයෙන්ම දැනගත යුතුය.
ආරම්මණ ත්රිකයෙහි සන්තින්ද්රියානි ආරම්මාණත යනු චක්ඛු සෝත ඝාන ජිව්හා කාය ඉත්ථි පුරිස ඉන්ද්රිය අරබයා කියන ලදි. ජීවිතින්ද්රිය අරූප මිශ්ර බැවින් මෙහි නොගන්නා ලදි. ද්වින්ද්රියා ඉන්ද්රිය දෙකක්. සුඛ දුක්ඛ සඳහා කියන ලදි. එහි ඒකාන්ත සුළු අරමුණකි. දොමනස්සින්ද්රියං සියා පරිත්ථාරමණං සියා මහග්ගතාරම්මණං කාමාවචර දහම් අරභයා පවතින කාලයෙහි සුළු අරමුණක් වේ. රූපාවචර අරූපාවචර අරභයා පවතින කාලයෙහි අරමුණ කිව නොහැක. නවින්ද්රියා සියා පරිත්තාරම්මණං යන්න මන ජීවිත සෝමනස්ස උපෙක්ඛාද ශ්රද්ධාදි පහද යන ඉන්ද්රියන් සඳහා කියන ලදි. ජීවිතේන්ද්රියෙහි රූප මිශ්ර බැවින් අණාරම්මණ වූ රූප ධර්මයන්හි සංග්රහ වූයේද අරූප කොටසේ එක් පක්ෂයක සංග්රහ විය.
චත්තාරි ඉන්ද්රියානි යනු සුඛ දුක්ඛ දෝමනස්ස අඤ්ඤතාඉන්ද්රිය යන සතරය. ඒවා මාර්ගාරම්මණ ත්රිකයේ නොපවතී. මග්ගහෙතුකං යන සහජාත හේතු සඳහා කියන ලදි. විරිය වීමංසා ජ්යෙෂ්ඨ කාලයෙහි මාර්ගාධිපති වේ. ඡන්ද චිත්ත ජ්යෙෂ්ඨ කාලයෙහි කිවහැකි නොවේ.
දසින්ද්රියා සියා උප්පණ්ණා සියා උප්පාදිනො රූප ඉන්ද්රිය සත සහ විපාක ඉන්ද්රිය තුන සඳහා කියන ලදි. දසින්ද්රිය දෝමනස්සය සමග යට කියන ලදි. එහි දොම්නස් පැනවීම සමග පවතින කාලයෙහි අරමුණ කිව නොහැක. සෙස්ස නිවන ප්රත්යවේක්ෂා කරන කාලයෙහි අරමුණක් කිව නොහැක. සෙස්ස නිවන ප්රත්යවේක්ෂා කරන කාලයෙහි අරමුණක් නැත. තීණි ඉන්ද්රියානි බහිද්ධාරම්මණානි තීණි ලෝකුත්තර ඉන්ද්රියාති චත්තාරි යනු සුඛ දුක්ඛ සෝමනස්ස දෝමනස්ස යන සතරය. ඒවා අජ්ඣත්ත මෙන්ම බහිද්ධා ධර්ම අරබයා පවතී. අට්ඨින්ද්රියානි යනු මන ජීවිත උපෙක්ඛා සහ ශ්රද්ධාදි පඤ්චඉන්ද්රියෝය. එහි ආකිඤ්චඤ්ඤායතන කාලයෙහි අරමුණ කිවහැකි නොවේ.
මෙසේ මේ ප්රශ්න විචාරකයෙහි ඉන්ද්රිය දහයක් කාමාවචරය. තුනක් ලෝකෝත්තරය. නවයක් ලෞකික ලෝකෝත්තර මිශ්රව කියන ලදි. මේ අභිධර්ම භාජනයෙහිද එක් පරිච්ඡේදයක් වේ. මේ ඉන්ද්රිය විභංගය ද්විවෘත්තකය ගෙනහැර බෙදා දක්වන ලදි.
සම්මෝහ විනෝදනී නම් විභංග අර්ථ වර්ණනාවේ පස්වන ඉන්ද්රිය විභංග නිර්දේශයයි.
6. පටිච්ච සමුප්පාද විභංගය
සූත්රාන්ත භාජනීය උද්දේශ වර්ණනාව
ඊට අනතුරුව දැන් පටිච්ච සමුප්පාද විභංගයෙහි අයං අවිජ්ජා පච්චයා සංඛාරා යන ආදි නයෙන් පාලිය හැර එහි අර්ථ සංවර්ණනාව කරන්නේ විභජ්ජවාදී මණ්ඩලයට බැස ආචාර්යවරයන් නොඉක්මවා ස්ව සමය නොඉක්මවමින් පරසමය රැස් නොකරමින් සූත්ර ප්රතිබාහය නොකරමින් විනයට විරුද්ධ නොවෙමින් මහාපදේස විමසා බලමින් ධර්මය විස්තර කරමින් අර්ථය සංග්රහ කරමින් එම අර්ථයම නැවත පරිවර්තනය කොට අන්ය වූ සමාන වූ නිදර්ශනවල සසඳමින් යම්සේ අර්ථ වර්ණනාව කළයුතු වෙයි. ප්රකෘතියෙන් මද දුෂ්කර වූ පටිච්ච සමුප්පාදයේ අර්ථ සංවර්ණනාව පැරැන්නෝ යම්සේ (පොරාණයෝ) කීවාහුද.
සස් සත් පිළිසිඳුම් - පස අයුරු යන මේවා
දුදිස් සතර දහම් - දෙසීමද දුස්කර වේ
දුදිස් සතර දහම් - දෙසීමද දුස්කර වේ
එහෙයින් ආගමාධිගමයට පත්වූවකු හැර ඉතා අපහසු වූ පටිච්ච සමුප්පාදයේ අර්ථ වර්ණනාව කිරා බලා,
කියැටිවනු අද මම - පස අයුරු වන වැනුමෙක්
සයුරැ ගිලුනකු සේ - සිටිමි පිහිටක් නොලබා
සයුරැ ගිලුනකු සේ - සිටිමි පිහිටක් නොලබා
මෙ සසුනද නෙක නෙක - දෙසුම් නිය ලකරින් යුත්
පෙරැදුරුවරුන් මග - නො සිඳි පවතිනු (පෙනේ)
පෙරැදුරුවරුන් මග - නො සිඳි පවතිනු (පෙනේ)
එ කරුණු දෙක ඇසුරු - කරමින් අරුත් විවරණ
අරඹමි අසනු එය - සිත් එකඟකර (සැදැහෙන්)
අරඹමි අසනු එය - සිත් එකඟකර (සැදැහෙන්)
[missing trans]
යම් ඒ කෙනෙක් මේ සිහි කල්පනාවෙන්
අසාද හේ ඉන් ලබමින් විසේසත්
ලබා විසේසත් පෙර සේ පසුත් යම්
නොදැක්මටයි දැන් මරුගේ යැවෙන්නේ
අසාද හේ ඉන් ලබමින් විසේසත්
ලබා විසේසත් පෙර සේ පසුත් යම්
නොදැක්මටයි දැන් මරුගේ යැවෙන්නේ
අවිජ්ජා පච්චයා සංඛාරා ආදියෙහි මුලින්ම,
දෙසුම් බේද අරුත් - ලකුණින් ද එක් විදි යේ
අඟ හා නියමයන් - දැනගත යුතුය විනිසේ
අඟ හා නියමයන් - දැනගත යුතුය විනිසේ
එහි දෙසනා භෙදතො යන භාග්යවතුන් වහන්සේගේ දේශනා ක්රමයයි. වැල් ගෙනයන පුරුෂයන් සතරදෙනාගේ වැල් ඇදීම මෙන් මුලින් මැදින් හෝ අවසානය දක්වා එසේ අග මැද සිට හෝ මුල දක්වා යයි පටිච්ච සමුප්පාද දේශනා සතරාකාරය. යම් සේ වැල්ගෙන යන මිනිසුන් සතරදෙනාගෙන් එක්කෙනෙක් වැලේ මුල පළමුව දකියි. හේ එහි මුල් සිඳ සම්පූර්ණ වැල ඇද කර්මාන්තයේ යොදයි. එසේම භාග්යවතුන් වහන්සේ ඉති ඛො භික්ඛවේ අවිජ්ජා පච්චයා සංඛාරා..........ජාති පච්චයා ජරා මරණංති මුලපටන් අවසානය දක්වා පටිච්ච සමුප්පාදය දේශනා කරති.
යම්සේ වනාහි ඒ පුරුෂයන්ගෙන් එකෙක් වැලේ මැද පළමුව දකී. හේ මැදින් කපා උපරිභාගයම ඇද කර්මාන්තයේ යොදයි. එසේම භාග්යවතුන් වහන්සේ “තස්ස තං වෙදනං අභිනන්දතො අභිවදතො අජ්ඣොසාය තිට්ඨතො උප්පජ්ජති තන්දි, යා වේදනාසු තන්දි තදුපාදානං තස්සුපාදාන පටිච්චයා භවො, භව පච්චයා ජාති” යන මැදින් පටන්ගෙන අවසානය දක්වා දේශනා කරති.