(2:) ආයුප්පමාණං
අප්පංවා භීය්යොවා යනු දෙවන වර්ෂ සියයට නොපැමිණ විස්සකින් හෝ තිහකින් හෝ හතලිහකින් හෝ පනහකින් හෝ හැටකින් හෝ වර්ෂවලින් අධික වර්ෂ සියයක් යන අර්ථයයි දෙවන වස් සියයට නොපත්බව අප්පං යයි කියන ලදි.
බ්රහ්ම පාරිසජ්ජාදියෙහි මහා බ්රහ්මයින්ගේ පිරිස් පිරිවර බ්රහ්ම පාරිසජ්ජා ඔවුන්ගේ පුරෝහිත තනතුරේ සිටියෝ බ්රහ්ම පුරෝහිතයෝය. වර්ණයෙන් ද දීර්ඝායුෂ්කයෙන් ද මහත් බ්රහ්ම මහාබ්රහ්මා වේ. ඔවුන්ගේ මහා බ්රහ්මයින්ගේ. මේ තුන්දෙනා ප්රථමධ්යාන භූමියේ එකම තලයක වසති. ආයුෂ අන්තරය විවිධය.
පරිත්ත (ටිකක්) ආභා නිසා පරිත්තාභ ය. අප්පමාණ ආභා නිසා අප්පමාණභා ය. ගිනි සුලක ගිනි දැල් මෙන් එළිය ඔවුන්ගේ ශරීරයෙන් බිඳි බිඳී වැටෙන්නාක් මෙන් පැතිරේ. (සරති විසරති) යයි ආභස්සරා ය. මේ තුන්දෙනා දෙවන ධ්යාන භූමියේ එක්තලයක වසති. ඔවුන්ගේ ආයු අන්තරය විවිධය.
පරිත්ත සුභ අප්පමාණ සුභ සුභකිණ්ණ මේ තුන්දෙන තුන්වන ධ්යාන භූමියේ එක් තලයක වසති. ආයුෂය විවිධය. [missing trans]
ආරම්මණ නානත්තා අරමුණේ විවිධත්වය. මනසිකාර නානත්තා මෙනෙහි කිරීමේ විවිධත්වය. මෙහි එක්කෙනෙකුට පඨවි කසිණය අරමුණු වේ. එක්කෙනෙකුට ඕදාත කසිණය අරමුණු වේ. මේ අරමුණු නානත්තය. කෙනෙක් පඨවි කසිණය මෙනෙහි කරති. කෙනෙක් ඕදාත කසිණය මෙනෙහි කරති. මෙය මනසිකාර නානත්වයයි. කෙනෙකුට පඨවි කසිණයෙහි කැමැත්ත වේ. කෙනෙකුට ඕදාත කසිණයේ යයි මෙය පණධි නානත්තයයි. කෙනෙක් පඨවි කසිණ වශයෙන් මිදෙති. කෙනෙක් ඕදාත කසිණ වශයෙන් යයි මෙය අධිමොක්ඛ නානත්තයයි. කෙනෙක් පඨවි කසිණ වශයෙන් සිත ඉදිරියට ගෙනේ. කෙනෙක් ඕදාත කසිණ වශයෙනි. මෙය අභිනීහාර නානත්තයයි. කෙනෙකුට පඨවි කසිණ පිරිසිඳින ප්රඥාව වේ. කෙනෙකුට ඕදාත කසිණ පිරිසිඳිනා ප්රඥාව වේ. මෙය පඤ්ඤා නානත්තයයි. එහි ආරම්මණ මනසිකාර මුලින් කියන ලදි. ඡන්ද පණිධි අධිමොක්ඛ අභිනීහාර අප්පණාවෙහි ද උපචාරයෙහිද පවතී. පඤ්ඤා වනාහි ලෞකික ලෝකෝත්තර මිශ්රව කියන ලදි.
අසඤ්ඤ සත්තානං සංඥා නැති. සත්වයින්ගේ කෙනෙක් තීර්ථායතනයෙහි පැවිදිව සිත නිසා ඇලීම් දූෂ්යවීම් මුළාවීම් වෙයි යයි සිතෙහි දොස් දැක සිත නැතිකම සෝභනයයි දිට්ඨධම්ම නිබ්බාණ මෙය යයි සංඥා විරාගය උපදවා ඊට අදාළ සමාපත්ති වඩා එහි උපදිති. හිටගෙන ඉපදුනහොත් හිටගෙනම සිටිති. හිඳගෙන නම් හිඳගෙනම සිටිති. වැදහෙව නම් එසේම සිටිති. චිත්රකර්ම රූප සමානව කල්ප පන්සියයක් සිටිති. එහි අවසානයෙහි ඔවුන්ගේ රූපකාය අතුරුදහන් වේ. කාමාවචර සංඥා ඉපදුනහොත් ඒ දෙවියා ඒ කයින් චුත වේයයි පෙනේ.
විපුල වූ ඵල මොවුන්ටනුයි වෙහප්ඵලා වේ. තමාගේ සම්පත් නොපිරිහේ යයි අවිහා වේ. කිසිකෙනෙකු නොතැවේ යනු අතප්පා වේ. සුන්දර දර්ශන අභිරූප පාසාදික නිසා සුදස්සා වේ. මනාව දකී සුන්දර මොවුන්ට අප ඒවා දකියි හෝ සුදස්සී වේ. සියළු ගුණවලින් භව සම්පත්තියේ ද දෙටු වූයේ මෙහි කනිෂ්ඨයෝ නැත්හුයයි අකනිට්ඨා වේ.
ආකාසානඤ්චායතනයට පැමිණියා යනු ආකාසානඤ්චායතනූපගා වේ. ඉතිරි ඒවාද මේවායින්ම වේ. මෙසේ දෙව්ලෝ (කාමාවචර) සය බඹලෝ නවය සුද්ධාවාස පහ අරූප හතර අසඤ්ඤසත්ත වෙහප්ඵලය සමග විසිහයක් දෙව්ලෝ සහ මිනිස්ලොව සමග විසිහතක් වේ.
එහි මිනිසුන්ගේ ද දෙවියන්ගේ ද ආයුෂ බුදුන් වහන්සේ විසින් පිරිසිඳ දක්වන ලදි. සතර අපායෙහි. භූමි දෙවියන්ගේ ආයුෂ පිරිසඳ නොදක්වන ලදි. එය කුමක් නිසාද? නිරයෙහි ප්රමාණය කර්මයමයි. කර්මය ක්ෂය වනතුරු චුත නොවෙති. සෙසු අපායවලද එසේය. භූමි දෙවිවරුන්ටද කර්මයම ප්රමාණ වේ. එහි උපන් සමහරෙක් සත් දවසක් පමණ සිටිති. සමහරු අඩමසක් කාලයක් සිටින්නෝද වෙති.
එහි ගිහි භාවයෙහි සිටි මනුෂ්යයන් මෙන් සෝවාන් වූවෝද වෙති. සකෘදාගාමි අනාගාමි අරහත් ඵලවලටද පැමිණෙති. ඔවුනතුරෙන් සෝවාන් වූවා දිවිතෙක් සිටිති. ඛීණාසවයන් පිරිනිවන්පාති. නැතහොත් පැවිදි වෙති. කවර හෙයින්ද? අරහත්බව ශේෂවූ ගුණයකි. ගිහිවේෂය හීනය. එය හීන නිසා උතුම් ගුණ දැරීමට නොහැකි වේ. එහෙයින් ඔව්හු පිරිනිවන් පෑමට හෝ පැවිදිවීමට කැමති වෙති.