අභිඤ්ඤෙය්යාදිවාරවණ්ණනා
සත්ත කාමාවචරවල ලක්ෂණ සහිත විමසීමෙන් අභිඤ්ඤා වශයෙන් අභිඤ්ඤෙය්යතා දතයුතුය. ඤාත තීරණ පහාණ පරිඥා වශයෙන් පරිඤ්ඤෙය්යතා එයද රූපස්කන්ධය අභිඤ්ඤෙය්ය පරිඤ්ඤෙය්ය න පහාතබ්බ යනාදියෙහි ඤාත තීරණ පරිඤ්ඤා වශයෙන්ම දතයුතුය. සමුදය සත්යය අභිඤ්ඤෙය්ය පරිඤ්ඤෙය්ය පහාතබ්බ ආදියෙහි ප්රහාණ පරිඤ්ඤා වශයෙන්.
අටවන වාරයෙහි රූපාදි අරමුණුවල චක්ඛු විඤ්ඤාණාදීන්ගේ වශයෙන් අනාරම්මණ ආරම්මණ ස්වභාවය වශයෙන් දතයුතුය. නවවන වාරය ප්රකටය. දසවන වාරයෙහිද කිවයුතු දේ ඒ ඒ තැන ප්රශ්න ඇසූ වාරයෙහි කියන ලද්දේමය.
සම්මෝහ විනෝදනී නම් විභංග අර්ථ වර්ණනාවේ අටළොස්වන ධම්මපදය විභංග නිද්දේසයයි.
නිගමන කථා
මෙපමණකින් -
බිදම් දෙසමින් දම් - ගරුදම් ගරු යුතු නිසා
දෙව්පුරෙහි දෙවිඳුන් - දහසක් පිරිවරන ලද
දෙව්පුරෙහි දෙවිඳුන් - දහසක් පිරිවරන ලද
ලොවැ උතුම් මුනිසඳු - දෙසූ විබඟ නම් පකරණ
අටළොස් විබඟකින් - සැරසූ සැරසිය යුතු
අටළොස් විබඟකින් - සැරසූ සැරසිය යුතු
අරුත් පවසනු වස් - ඇරයුම් ලදිමි ගුණපිරි
යති අදඳ ගති ඇති - බුදුගොස් පැණසරු වෙතින්
යති අදඳ ගති ඇති - බුදුගොස් පැණසරු වෙතින්
සපිරි නිපුණ’රුතින් - රැසයුම් ඇරඹි අටුවා
මුළා විනොයනු වස් - “සම්මෝහවිනෝදනී”
මුළා විනොයනු වස් - “සම්මෝහවිනෝදනී”
ගෙන නිමාවිය මෙය - පොරණ අටුවා සාරය
අනතුරකින් තොරව - පෙලෙහි සතලිස් බණවර
අනතුරකින් තොරව - පෙලෙහි සතලිස් බණවර
එකකින් සමන්විත - සව් සතුනගෙ පිරිසිදු
සිතරුසි නිමාවට - එලෙසටම පැමිණේවා
සිතරුසි නිමාවට - එලෙසටම පැමිණේවා
යම් මේ සියළු පිණ - මවිසින් එයින් රැසයු
සදහම් පැවතුම ද - වේවා ලොවට සහ දෙවි
සදහම් පැවතුම ද - වේවා ලොවට සහ දෙවි
සදහම් දිනේවා - ලෙව් දම් රසය වේවා
බියනැති නිති සුබික් - සම්පත් දනව් වේවා.
බියනැති නිති සුබික් - සම්පත් දනව් වේවා.
උතුම් පිරිසිදු ශ්රද්ධා බුද්ධි වීර්යයෙන් ප්රතිමණ්ඩිත වූ සිල්වත් සෘජු මෘදු ආදි ගුණයෙන් මූර්තිමත් වූ ස්වකීය සමය සමයාන්තර ග්රහණ අධ්යයන සමර්ථ වූ ප්රඥා ව්යක්තභාවයෙන් සමන්නාගත වූ අර්ථකථා සහිත ත්රිපිටක පර්යාප්ති ප්රභේද ශාස්තෲ ශාසනයෙහි අප්රතිහත ඥාන ප්රභාවයෙන් මහා ව්යාකරණඥව හේතු සම්පත්තියෙන් ජනිත වූ සැප ඇත්තා වූ නිර්දෝෂ වර්ණයෙන් යුත් මිහිරි උදාර වදනින් පෝසත් වූ කිවයුත්ත නිසිලෙස කීමෙහි වාදීවර මහා පඬිවර වූ අර්ථාදි ප්රභේදගත වූ පිළිසුඹුයෙහි පිරිවර වූ ෂඩ්භිඥාදි ගුණ ප්රතිමණ්ඩිත වූ උතුරු මිනිස් දම්හි සුප්රතිෂ්ඨිත බුද්ධියෙන් ස්ථවිර වංශයට ප්රදීපායමාන මහාවිහාර වාසීන්ගේ වංශයට අලංකාරයක් වූ මහත් වූ විශුද්ධ බුද්ධියෙන් බුද්ධඝෝෂ නම් වූ ගුරුවරුන් විසින් දෙනලද නාමයෙන් ප්රසිද්ධ වූ මහා ස්ථවිරපාදයන් වහන්සේ විසින් මේ සම්මෝහ විනෝදනී නම් විභංග අර්ථකථා වර්ණනාව කරන ලදි.
ලොවැ දෙටු මහරිසී - ‘බුදු’ නම පවතින තුරු
ලොව තරණය සොයන - කුල පුතුනට පිරිසිදු
ලොව තරණය සොයන - කුල පුතුනට පිරිසිදු
එපමණ කල් ලොවේ - පෙන්වමින් සිත් ඇත්නට
විසුදු පැණ නය මෙම - පවතීවා එළිය දී
විසුදු පැණ නය මෙම - පවතීවා එළිය දී