ප්රශ්න විචාරක වර්ණනාව
ප්රශ්න විචාරකයෙහි පෙල ඇසුරෙන්ම පටිසම්භිදා සතරේ කුසලාදි භාවය දතයුතුය. ආරම්මණ ත්රිකයෙහි නිරුක්ති පටිසම්භිදාව ශබ්දයම අරමුණු කරයි. එය පරිත්තාරම්මණයකි. අත්ථපටිසම්භිදාව කාමාවචර විපාක කිරියද ප්රත්ය සමුත්පන්නයද ප්රත්යවේක්ෂා කරන්නාට පරිත්තාරම්මණයකි. කියන ලද ප්රභේදයම රූපාවචර අරූපාවචර අත්ථ ප්රත්යවේක්ෂා කරන්නාට පරිත්තාරම්මණයකි. කියන ලද ප්රභේදයම රූපාවචර අරූපාවචර අත්ථ ප්රත්යවේක්ෂා කරන්නාට මහග්ගත අරමුණු වේ. ලෝකෝත්තර විපාකාර්ථයද පරමාර්ථයද නිවන ප්රත්යවේක්ෂා කරන්නාට අප්පමාණ අරමුණ වේ. ධම්ම පටිසම්භිදාව කාමාවචර කුසල දහම් අකුසල දහම් පච්චයද ප්රත්යවේක්ෂා කරන්නාට පරිත්තාරම්මණ වේ. රූපාවචර අරූපාවචර කුසලදහම් පච්චය ප්රත්යවේක්ෂා කරන්නාට මහග්ගත අරමුණ වේ. ලෝකෝත්තර කුසලදහම් පච්චය දහම් ප්රත්යවේක්ෂා කරන්නාට අප්පමාණ අරමුණ වේ. පටිභාන පටිසම්භිදාව කාමාවචර කුසල විපාක කිරිය ඤාණ ප්රත්යවේක්ෂා කරන්නාට පරිත්තාරම්මණය වේ. රූපාවචර අරූපාවචර කුසල විපාක කිරිය ඤාණ ප්රත්යවේක්ෂා කරන්නාට ඒ අරමුණු දැනගන්නාටද මහග්ගත අරමුණු වේ.
අත්ථපටිසම්භිදාව සහජාත හේතු වශයෙන් මාර්ගහේතුක වන්නේය. විරිය දෙටු මාර්ග භාවනාවෙන් මාර්ගාධිපති වන්නේය. ඡන්ද චිත්ත දෙටුවීමෙන් නොකිව හැකිය. ඵල කාලයෙහිද නොකිව හැකිය. ධම්මපටිසම්භිදාව මාර්ගය ප්රත්යවේක්ෂා කරන කාලයෙහි මාර්ගය අරමුණු වේ. මාර්ගය ගරුකොට ප්රත්යවේක්ෂා කරන්නාට මාර්ගාධිපති අරමුණු වේ. සෙසු ඤාණ ප්රත්යවේක්ෂා කරන කාලයෙහි නොකිව හැකි අරමුණකි. නිරුක්ති පටිසම්භිදාව වර්තමාන ශබ්දයම අරමුණු කරයි. එය වර්තමාන අරමුණකි.
අත්ථ පටිසම්භිදාව අතීත විපාකාර්ථ කිරිය අර්ථ ප්රත්යය සමුත්පන්න අර්ථයද ප්රත්යවේක්ෂා කරන්නාට අතීත අරමුණු වේ. අනාගතය ප්රත්යවේක්ෂා කරන්නාට අනාගත අරමුණ වේ. වර්තමානය ප්රත්යවේක්ෂා කරන්නාට වර්තමාන අරමුණ වේ. ලෝකෝත්තර පරමාර්ථය ප්රත්යවේක්ෂා කරන්නාට අරමුණ කිවහැකි නොවේ. ධම්මපටිසම්භිදා අතීත කුසල අකුසල පච්චය දහම් ප්රත්යවේක්ෂා කරන්නාට අතීත අරමුණ වේ. අනාගතය ප්රත්යවේක්ෂා කරන්නාට අනාගත අරමුණ වේ. වර්තමානය ප්රත්යවේක්ෂා කරන්නාට වර්තමාන අරමුණ වේ. පටිභාන පටිසම්භිදා අතීත කුසල විපාක කිරිය ඤාණ ප්රත්යවේක්ෂා කරන්නාට අතීත අරමුණ මේ අනාගතය ප්රත්යවේක්ෂා කරන්නාට අනාගත අරමුණ වේ. වර්තමානයේ ප්රත්යවේක්ෂා කරන්නාට වර්තමාන අරමුණ වේ.
නිරුත්ති පටිසම්භිදාව ශබ්දාරම්මණ බැවින් බාහිර අරමුණ වේ. ඉතිරි තුන අත්ථ පටිසම්භිදාව අජ්ඣ විපාක කිරියඅර්ථ පච්චය සමුත්පන්නයද ප්රත්යවේක්ෂා කරන්නාට අධ්යාත්ම අරමුණ වේ. බාහිර ප්රත්යවේක්ෂා කරන්නාට බාහිර අරමුණ වේ. අජ්ඣත්ත බහිද්ධා ප්රත්යවේක්ෂා කරන්නාට අධ්යාත්ම බාහිර අරමුණ වේ. පරමාර්ථ ප්රත්යවේක්ෂා කරන්නාට බාහිර අරමුණ වේ. ධම්ම පටිසම්භිදා අජ්ඣත්ත කුසල් අකුසල ප්රත්ය ධර්ම ප්රත්යවේක්ෂා කරන කාලයෙහි අධ්යාත්ම අරමුණ වේ. බාහිර කුසල් අකුසල් ප්රත්යධර්ම ප්රත්යවේක්ෂා කරන කාලයෙහි බාහිර අරමුණ වේ. අජ්ඣත්තා බහිද්ධා කුසල අකුසල පච්චය ධම්ම ප්රත්යවේක්ෂා කරන කාලයෙහි අජ්ඣත්ත බහිද්ධ අරමුණ වේ. පටිභාන පටිසම්භිදා අජ්ඣත්ත කුසල විපාක කිරිය ඤාණ ප්රත්යවේක්ෂා කරන කාලයෙහි අධ්යාත්ම අරමුණ වේ. බාහිර කුසල විපාක කිරිය ඤාණ ප්රත්යවේක්ෂා කරන කාලයෙහි බාහිර අරමුණ වේ. අජ්ඣත්ත බහිද්ද කුසල විපාක කිරිය ඤාණ ප්රත්යවේක්ෂා කරන කාලයෙහි අධ්යාත්ම බාහිර අරමුණ වේ.
පඤ්හ පුච්ඡකය.
මෙහි පටිසම්භිදා තුන ලෞකිකය. අත්ථ පටිසම්භිදාව ලෞකික ලෝකෝත්තර දෙකම මිශ්රය. මේ පටිසම්භිදා විභංගයෙහි සම්මා සම්බුදුන් විසින් නය තුනද ලෞකික ලෝකෝත්තර මිශ්ර බැවින් එක් කොටසකින්ම කියන ලදි. මේ පටිසම්භිදා තුන ලෞකිකය. අත්ථ පටිසම්භිදාව ලෞකික ලෝකෝත්තරය. මෙසේ මේ පටිසම්භිදා විභංගයෙහිද තිපරි වෘත්තය ගෙනහැර බෙදා දක්වන ලදි.
සම්මෝහ විනෝදනී නම් විභංග අර්ථ වර්ණනාවේ පහළොස්වන පටිසම්භිදා විභංග නිද්දේසයයි.
16. ඤාණ විභංගය
එකකමාතිකාදිවණ්ණනා
ඉන් අනතුරුව දැන් ඤාණ විභංගයෙහි එකවිධෙන ඤාණවත්ථු යනාදි නයින් පළමුව ඒකවිධාදියෙන් දසවිධ අවසානයෙන් පරිච්ඡේද දහයකින් මාතෘකා තබා තබනු ලැබූ පද පිළිවෙල අනුව විස්තර කරන ලදි.