සච්චවාරාදිවණ්ණනා
දැන් සංග්‍රහ වාරයෙහි අර්ථ පසද ධර්මයද සංග්‍රහ කරන ලදි. ජවනය ප්‍රභේද දක්වන නයින් පටිසම්භිදාව බෙදීමට නැවත චතස්සො ආදි නයින් ප්‍රභේද වාරය අරඹන ලදි. එය සච්චවාර හේතුවාර ධම්මවාර පච්චයාකාර වාර පරියත්තිවාර වශයෙන් පඤ්චවිධය. එහි ප්‍රත්‍යයෙන් උපන් දුක්ඛ සත්‍යයේද ප්‍රත්‍යයෙන් පැමිණිය යුතු නිර්වාණයේද හේතු භාවයෙන් ඵල නිපදවන සමුදයේද නිර්වාණයට පමුණුවන ආර්ය මාර්ගයේ ධර්මන්‍යය දැක්වීමට සච්චවාරය කියන ලදි. හේතුඵලවලින් නිපන් යම්කිසිවක හේතුවේ ධර්මභාවයද ඵලයේ අර්ථ භාවයද දැක්වීමට හේතුවාරය කියන ලදි. එහිද හේතුඵල ක්‍රම වශයෙන් පිළිවෙලින් පළමුව ධම්ම පටිසම්භිදාව දක්වන ලදි. රූපාරූප භේදයෙන් යුත් ධර්ම හේතුවෙන් හටගත්තේය. ඒවායේ අර්ථ භාවයද ඒ ඒ රූපාරූප ධර්මප්‍රභේද හේතු වේ. ස්වභාවය දැක්වීම ධම්මවාරය කියන ලදි. ජරාමරණාදියේ අර්ථභාවය ජරාමරණය ද සමුදය සංඛ්‍යාත ජාති ආදියේ ස්වභාවය දැක්වීම පච්චයාකාරය කියන ලදි. පරියත්ති සංඛ්‍යාත ඒ ඒ භාෂිතවල ස්වභාවය භාෂිත සංඛ්‍යාත ප්‍රත්‍යයෙන් පැමිණිය යුතු භාෂිතයේ අර්ථ භාවයද දැක්වීමට පරියත්තිවාරය කියන ලදි.
එහිද යමකින් භාෂිතය දැන එහි අර්ථය දනී. එහෙයින් භාෂිතය භාෂිත ක්‍රමයෙන් උපිළිවෙලින් පළමුව ධර්ම පටිසම්භිදාව දක්වන ලදි. පරියත්ති ධර්මයේ ප්‍රභේද දැක්වීම සඳහා එහි ධර්ම පටිසම්භිදාව කවරේදැයි ප්‍රශ්න කිරීම් පෙරටුව පටිනිද්දේසවාරය කියන ලදි. එයි යුක්තන්ති ආදි අංග නවයකින් අවශේෂ දෙයක් නැතිව පෙල ගන්නා ලදි. මේ එම භාෂිතයේ අර්ථයයි. මේ ස්ථානයේ භාෂිත වශයෙන් සියළුම පෙල පෙන්නන ලදි.
සුත්තන්ත භාජනීය.
අභිධර්ම භාජනීය වර්ණනාව
එහි පටිසම්භිදා තුනක් ලෞකිකය. අත්‍ථ පටිසම්භිදාව ලෞකික ලෝකෝත්තර මිශ්‍රය. එයද නිවන් අරමුණ මග්ගඵල ඤාණ වශයෙන් ලෝකෝත්තර වේ. අභිධර්ම භාජනියෙහි කුසල අකුසල විපාක කිරිය වශයෙන් වාර හතරකින් බෙදන ලදි. එහි යට චිත්තුප්පාද කාණ්ඩයෙහි යම් පමණ කුසල චිත්ත බෙදන ලදද ඒවායේ සියල්ලම වශයෙන් එකිනෙකේ බෙදන නිද්දේසයෙහි සතර බැගින් පටිසම්භිදා බෙදන ලදැයි දතයුතුය. අකුසල සිත්වලද මෙම නයය. විපාක කිරිය වාරයෙහි විපාක කිරියවල අර්ථයෙන් සංග්‍රහ කරන ලද බැවින් ධර්ම පටිසම්භිදාව හැර විපාක සිත් එක එකද කිරිය සිත්වලද තුන බැගින් පටිසම්භිදා බෙදන ලදි. පෙල වනාහි නය මාතෘකා පමණක් දක්වා සංක්‍ෂේප කරන ලදි. එය යට ආවා වූ විස්තර වශයෙන් දැනගත යුතුය.
කුසලාකුසල වාරයෙහි ඒවායේ විපාක ඤාණය අත්‍ථපටිසම්භිදායයි කුමක් හෙයින් කියන ලදද? මෙසේ මෙහි යම් ධර්මයන්ගේ මේ විපාකය ඒවායේ ඤාණය ධම්ම පටිසම්භිදායයි මෙසේ නොකියන ලද්දේ කුමක් හෙයින්ද? යට කියන ලද බැවිනි. මෙසේ ඒවායේ විපාක ඤාණය අත්‍ථ පටිසම්භිදා යයි යට කියන ලද බැවින් මේ අත්‍ථපටිසම්භිදාවද මෙහි නොකිය යුතු වන්නේද? නොකිවයුතු නොව්නනේය. කුමක් නිසාද? යට විපාක කිරිය චිත්තුප්පාද වශයෙන් නොකියන ලද බැවිනි. කිරිය වාරයෙහිද යම් ධර්මයන්ගේ මේ කිරිය යයි වචනයම නොයෙදී යයි. මේ වාර දෙකෙහි තුන බැගින් පටිසම්භිදාව බෙදන ලදි.
එහි යාය නිරුත්තියා තෙසං ධම්මානං පඤ්ඤත්ති හොති යම් නිරුක්තියකින් ඒවායේ ස්පර්ශය වේ යයි ආදි නයින් කියන ලද ධර්මයන්ගේ මේ ස්පර්ශය මේ වේදනාව යයි මෙසේ පැනවීම් වේ. එහි ධම්ම නිරුත්තාභිලාපෙ ඒ අර්ථයෙහි ධර්මයෙහි පවත්වන ඒ ධර්ම නිරුක්තියේ ස්වභාව පැනවීමෙන් කීමෙහි ඤාණය, කියන ශබ්දය අරමුණු කොට උපන් ඤාණයම මෙහිද කියන ලදි. යෙන ඤාණෙන යම් ප්‍රතිභාන පටිසම්භිදා නුවණින්. තාණි ඤාණානි ජානාති ඉතිරි පටිසම්භිදා ඤාණ තුන දනියි.