සඞ්ගහවාරවණ්ණනා
ඊට අනතුරුව දැන් පටිසම්භිදා විභංගයෙහි චතස්සො යනු වෙන්කිරීමය. පටිසම්භිදා යනු ප්‍රභේද යනුයි. යම්හෙයකින් අන්‍ය වශයෙන් අත්‍ථෙ ඤාණං අත්‍ථපටිසම්භිදා යනාදිය කීහ. එහෙයින් අනිකක් නොවේ. කිසියම් ප්‍රභේදයක් ඤාණයේම ප්‍රභේදයකැයි දතයුතුය. මෙසේ චතස්සො පටිසම්භිදා යන පදයෙන් ඤාණ ප්‍රභේද සතරත් යයි මේ අර්ථය සංග්‍රහ කරන ලදි. අත්‍ථ පටිසම්භිදා යන අර්ථයෙන් පටිසම්භිදා අර්ථ ප්‍රභේදවලින් යනු ලක්‍ෂණ පැහැදිලි කරන විමසීම් කරණයෙහි සමත් අර්ථයෙන් ප්‍රභේදගත ඤාණය යන අර්ථයය. සෙසු පදවලද මෙම නයයි. ධර්මප්‍රභේද වූ ලක්‍ෂණ පැහැදිලි කරන විමසීම් කරණයෙහි සමත් ධර්මයෙහි ප්‍රභේදගත වූ ඤාණය ධම්මපටිසම්භිදා නම් වේ. නිරුක්ති ප්‍රභේදවල ලක්‍ෂණ පැහැදිලි කරන විමසීම් කරණයෙහි සමත් නිරුක්ති කීමෙහි ප්‍රභේදගත වූ ඤාණය නිරුත්ති පටිසම්භිදා නම් වේ. පටිභාන ප්‍රභේදවල ලක්‍ෂණ පැහැදිලි කරන විමසීම් කරණයෙහි සමත් වූ ප්‍රතිභානයෙහි ප්‍රභේදගත වූ ඤාණය පටිභාන පටිසම්භිදා නම් වේ.
දැන් යම්සේ පටිසම්භිදාව බෙදා දක්වන්නේ අත්‍ථෙ ඤාණං පටිසම්භිදා යනාදිය කීහ. එහි අත්‍ථො යනු සංක්‍ෂේපයෙන් හේතුඵලය. එයද හේතු වශයෙන් උත්සාහ විය යුතුය, යායුතු පැමිණිය යුතු එහෙයින් අර්ථයයි කියනු ලැබේ. ප්‍රභේද වශයෙන් ප්‍රත්‍යයයෙන් උපන් යම් කිසිවක් නිර්වාණය, කියන ලද අර්ථය, විපාකය කිරිය යන මේ පඤ්ච ධර්මය අර්ථ නය දතයුතුය. ඒ අර්ථයෙහි ප්‍රභේදගත වූ ඤාණය අත්‍ථපටිසම්භිදා වේ.
ධම්මො යනු සංක්‍ෂේපයෙන් ප්‍රත්‍යයය. එයින් ඒ ඒ දෙය විධාන කෙරේ පවත්වයි පමුණුවයිද එසේ හෙයින් ධර්ම යයි කියනු ලැබේ. ප්‍රභේද වශයෙන් වනාහි ඵල නිපදවන කිසි හේතුවක්, ආර්ය මාර්ගය, භාසිතය, කුසලය, අකුසලය යන මේ පඤ්ච ධර්ම ධර්මය යයි දතයුතුය. ඒ ධර්මය ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාට ඒ ධර්මයෙහි ප්‍රභේදගත වූ ඤාණය ධම්මපටිසම්භිදා නම් වේ.
එහි ධම්ම නිරුත්තාභිලාපෙ ඤාණං යන එම අර්ථයෙහිද ධර්මයෙහිද යම් ස්වභාව නිරුක්තියක් වේද එය කීමෙහි ඒ ස්වභාව නිරුක්ති ශබ්දය අරමුණු කොට ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාට ඒ ස්වභාව නිරුක්ති කීමෙහි ප්‍රභේදගත වූ ඤාණය නිරුත්ති පටිසම්භිදා නම් වේ. මෙසේ නිරුත්ති පටිසම්භිදාව ශබ්දය අරමුණුකොට හටගත්තේය. ප්‍රඥප්තිය අරමුණුකොට නොවේ. කුමක් හෙයින්ද? ශබ්දය අසා මෙය ස්වභාව නිරුක්ති යයිද මෙය ස්වභාව නිරුක්තිය නොවේ යයිද දැනගනිති. පටිසම්භිදාවට පැමිණි තැනැත්තා ‘ඵස්ස’ යයි කී කල්හි මෙය ස්වභාව නිරුත්තියයි දැනගනී. ඵස්සාති හෝ ඵස්සන්ති හෝ කී කල මෙය ස්වභාව නිරුක්ති නොවේ යයි දැනගනී. වේදනාදියෙහිද මෙම නයමයි. අන්‍ය වූ නාම ආඛ්‍යාත උපසර්ග ව්‍යඤ්ජන ශබ්ද මේ තෙමේ දනීද නොදනීද? යමකින් ශබ්දය අසා මෙය ස්වභාව නිරුක්තිය මෙය ස්වභාව නිරුක්තිය නොවේ යයි දනීද එයින් එයද දන්නේය. මේ පටිසම්භිදා කිස බහා තබා මේ වස්තුව කියන ලදි.
තිස්සදත්ත තෙරුන් වහන්සේ වනාහි බෝධි මණ්ඩලයේ දී රන් සලාක ගෙන භාෂා දහඅට අතුරෙන් කවර භාෂාවකින් කියමිද? යයි පැවරීය. එය වනාහි උන්වහන්සේ විසින් ඉගෙනගෙන සිට කරන ලද පැවරීමකි. පටිසම්භිදාවට පැමිණ කරන ලද්දක් නෙමේ. උන්වහන්සේ මහා ප්‍රඥාවන්ත බැවින් ඒ ඒ භාෂා කතාකොට උගත්හ. (සිහි නොවේද? භදන්ත සෝරත, අනදමෙත්, රාහුල, ගුණසිරි හිමිවරුන් හා මළලසේකර ආදීහු) එසේ ඉගෙනීමේ සිට මෙසේ පැවරීය.
භාෂාව නම් සත්ත්වයා ඉගෙන ගනිති. යයි කියා මෙහි වෙයි කියන ලදි. මව්පියෝ ළමයා කුඩා කල ඇඳෙහි හෝ පුටුවෙහි හෝ හොවා ඒ ඒ දේවල් කියමින් ඒ ඒ වැඩ කරති. දරුවෝ ඒ ඒ භාෂා උගනිති. මෙයින් මෙය කියන ලදැයි කල් ගතවනවිට භාෂාවේ සියල්ලම දනිති. මව දෙමළ නම් පියා ආන්‍ද්‍රයකු නම් දරුවා පළමුව මවගේ කථා අසයි නම් දෙමළ භාෂාව කතා කරන්නේය. පියාගේ කතාව පළමුව අසන්නේ නම් ආන්ද්‍රා භාෂාව කතා කරන්නේය. දෙදෙනාගේම කථා නොඅසන්නේ නම් මාගධ භාෂාව කතා කරන්නේය.