14. සික්ඛාපද විභංගය
අභිධර්ම භාජනීය වර්ණනාව
ඉන් අනතුරුව දැන් ශික්ෂාපද විභංගයෙහි පඤ්ච යනු ගණන පිරිසිඳීමයි. සික්ඛාපදන්ති හික්මිය යුතු පද. ශික්ෂා කොටස යන අර්ථයයි. තවද මතු එන්නා වූ සියළු කුසල ධර්ම හික්මිය යුතු ශික්ෂා වේ. පඤ්චශීල අංගයෙහි යම්කිසි අංගයක් ඒ ශික්ෂාවල පිහිටීම් අර්ථයෙන් පද වේ. ශික්ෂාවන්ගේ පද බැවින් සික්ඛාපදානි. පාණාතිපාතා යනු ප්රාණයේ හෙළීමයි. ඝාතනය මරණය යන අර්ථයය. වේරමණී යනු විරතියයි. වෙන්වීමයි. අදින්නාදානා නුදුන්නහුගේ ගැනීම. අනුන්ගේ අයිතිය ගෙන ඒවා යන අර්ථයයි. කාමෙසු යනු වස්තු කාමයෙහි. මිච්ඡාචාරා ක්ලේශකාම වශයෙන් ලාමක හැසිරීමයි. මුසාවාදා නොවූ දේ කීමෙන්. සුරාමේරය මජ්ජපමාදට්ඨානා මෙහි සුරා යනු පිටිසුරා කැවිලි සුරා, බත් සුරා යන සුරා සෑදීමට ගන්නා බහන ලද ද්රව්ය රාශියෙන් යුත් පඤ්ච සුරා. මෙරයං යනු පැසෙමින් තිබෙන මල් ගෙඩි හකුරු පැණි සම්භාරයෙන් යුක්ත මද්ය පහ, ඒ දෙකම මත්වන අර්ථයෙන් මජ්ජ වේ. යම් චේතනාවක් ඒවා බීම ප්රමාද කරන බැවින් පමාදඨානං වේ. එහෙයින් සුරා මේරය මජ්ජ පමාදඨානාය. මෙය මාතෘකා තැබීම වන්නේය.
පද භාජනයෙහි යස්මිං සමයෙ කාමාවචරං යන ආදි සියල්ල යට කියන ලද නයින් පැහැදිලි වන්නේමය. ශික්ෂාපද පමණක් විරති නොවේ. චේතනාවද ශික්ෂාපදම වේ. එහෙයින් එය දැක්වීමට දෙවන නයක් දක්වන ලදි. මේ ධර්ම දෙක හුදෙක් ශික්ෂාපද නොවේ. චේතනා සම්ප්රයුක්ත අපර පනස් ධර්මද හික්මිය යුතු කොටස් වශයෙන් ශික්ෂාපද වේ. එහෙයින් තුන්වන නයක්ද දක්වන ලදි.
එහි පරියාය සික්ඛාපද නිප්පරියාය සික්ඛා පදයයි. ශික්ෂාපද ද්විධය. එහි විරති නිප්පරියාය ශික්ෂාපද වේ. ඒවා පාණාතිපාතා වේරමණී යයි පෙලෙහි ආවේ චේතනා රහිතවය. වෙන්වන්නේ ඒවායින්ම එයින් චේතනා නැතිව වෙන්වීම, චේතනා ගෙනහැර දැක්වීය. චේතනා සම්ප්රයුක්ත සෙසු ධර්මවලද එසේය. ව්යතික්රමණ කාලයෙහි විරුද්ධ චේතනාව දුශ්ශීල බව නම් වේ. එහෙයින් එය විරති කාලයෙහි සිල්වත් බව වශයෙන් කියන ලදි. ස්පර්ශ ආදිය ඊට සම්ප්රයුක්ත වන බැවින් ගන්නා ලදි.
දැන් මෙම ශික්ෂා පදවල ඤාණය උත්තේජනය කිරීම සඳහා මේ ප්රාණඝාතාදීන්ගේ ධර්ම වශයෙන් කොටස් වශයෙන් අරමුණු වශයෙන් වේදනා වශයෙන් මූල වශයෙන් කර්ම වශයෙන් සාවද්ය වශයෙන් ප්රයෝග වශයෙන්ද විනිස දතයුතුය.
එහි ධර්ම වශයෙන් යන මේ ප්රාණාතිපාතාදි පහේම චේතනාව ධර්මය වේ. කොටස් වශයෙන් පහම කර්ම පථ වේ.
අරමුණු වශයෙන් පාණාතිපාතය ජීවිතින්ද්රිය අරමුණ වේ. අදින්නාදානය සතුන් අරමුණු වේ. සංස්කාර හෝ වේ. වැරදි හැසිරීම ස්ත්රී පුරුෂයින් අරමුණු වේ. මුසාවාදය සතුන් හෝ සංස්කාර හෝ අරමුණු වේ. සුරාපානය සංඛාර අරමුණු වේ.
වේදනා වශයෙන් පාණාතිපාතා දුක් වේදනාය. අදින්නාදාන වේදනා තුනම එහි සතුටින් නුදුන් දෙය ගැන්මෙන් සැප වේදනා වේ. බිය ඇතිකල දුක් වේදනාව මධ්යස්ථව ගැනීමෙන් අදුක්ඛමසුඛ වේදනාව මිච්ඡාචාරය. සැප වේදනාව හෝ අදුක්ඛමසුඛ වේදනාව හෝ වේ. මුසාවාදය අදින්නාදානය මෙන් වේදනා තුනම. සුරාපානය සැප මධ්යස්ථ වේදනා වේ.
මූල වශයෙන් පාණාතිපාතය දෝසමූලය. අදින්නාදානය කලක ලෝභමූල කලක දෝසමූල වේ. මිච්ඡාචාරය ලෝභ මූල වේ. මුසාවාදය කිසිකලක ලෝභමූල කිසිකලක දෝස මෝහ මූල වේ. සුරාපානය ලෝභමූල වේ.
කර්ම වශයෙන් මෙහි මුසාවාදය වචී කර්ම වේ. සෙස්ස කායකර්ම වේ.
සාවද්ය වශයෙන් පාණාතිපාතය අල්ප සාවද්ය මහා සාවද්ය දෙකම ඇත. අදින්නාදානාදියද එසේය. ඒවායේ නානා කරණය යට දක්වන ලදි.