ප්රශ්න විචාරක වර්ණනාව
ප්රශ්න විචාරකයෙහි පෙල අනුසාරයෙන්ම ධ්යානවල කුසලාදිභාවය දතයුතුය. ආරම්මණ ත්රිකයෙහි වනාහි ධ්යාන තුනේ නිමිති අරමුණු වන බැවින් පරිත්ත අරමුණු භාවයෙන් නොකිය යුතු බව දතයුතුය. මෙහි ලෝකෝත්තරය වනාහි මාර්ග කාලයෙහි ඵල කාලයෙහි හෝ අප්රමාණ අරමුණු වන්නේය. චතුත්ථජ්ඣානං සියා පරිත්තාරම්මණං මෙහි කුසල වශයෙන් දහතුන සතරවන ධ්යාන සැමතැන පාදක චතුර්ථ වේ. ඉද්ධිවිධ චතුර්ථය දිබ්බසෝත චතුර්ථය, චෙතොපරිය ඤාණ චතුර්ථය පුබ්බෙනිවාස ඤාණ චතුර්ථය දිබ්බචක්ඛු ඤාණ චතුර්ථය යථා කම්මූපග ඤාණ චතුර්ථය අනාගත සඤ්ඤා චතුර්ථය, ආකාසානඤ්චායතන චතුර්ථය, ලෝකුත්තර චතුර්ථයයි
එහි සියළුතැන පාදක චතුර්ථ වේ. නොකිය යුතු අරමුණුම වේ.
ඉද්ධිවිධ චතුර්ථය කාය මේරීමෙන් නොපෙනෙන කාය ප්රාතිහාර්යයෙන් කය අරමුණුවන බැවින් පරිත්තාරම්මණය කය වශයෙන් සිත මේරුවහුගේ පෙනෙන කයින් ප්රාතිහාර්ය නොව බඹලොවට යන්නහුගේ සමාපත්ති සිත අරමුණ බැවින් මහග්ගත අරමුණ වේ.
දිව කන් නුවණ චතුර්ථය, ශබ්දාරමුණු බැවින් කුඩා අරමුණය.
චේතොපරිය නුවණ චතුර්ථය කාමාවචර සිත් දැනීම ඇතිවිට සුළු අරමුණය. ලෝකෝත්තර සිත් දැනීම ඇතිවිට අප්පමාණ අරමුණුය. රූපාවචර අරූපාවචර සිත් දැනෙනවිට මහග්ගත අරමුණය. චේතෝපරිය නුවණ ලැබූ පෘථග්ජනයා පෘථග්ජන සිතින්ම දනී. ආර්ය සිතින් නොවේ. සෝවාන් පුද්ගලයා ද පෘථග්ජනයාගේද සකෘදාගාමි පුද්ගලයාගේද යට දෙදෙනාගේ, අනාගාමි පුද්ගලයාගේද යට තිදෙනාගේ. ඛීණාසව පුද්ගලයා සියල්ල දනී.
පුබ්බේනිවාසානුස්සති චතුර්ථය කාමාවචර ස්කන්ධ සිහිකරන විට සුළු අරමුණකි. රූපාරූපාවචර ස්කන්ධ සිහිකරන විට මහග්ගත අරමුණකි. අතීත බුදු පසේ බුදු රහත්හු මගවැඩූහ. ඵල සාක්ෂාත් කළහැකි සිහිකරනවිට අප්පමාණ අරමුණකි. නම්ගොත් සිහිකරනවිට අරමුණ නොකිව යුතුය.
දිව ඇස් නුවණ චතුර්ථය වර්ණය අරමුණු කරන බැවින් සුළු අරමුණකි.
යථාකම්මූපග ඤාණ චතුර්ථය කාමාවචර කර්ම සිහිකරනවිට සුළු අරමුණකි. රූපරූපාවචර කර්ම සිහිකරනවිට මහග්ගත අරමුණකි.
අනාගතංස ඤාණ චතුර්ථය අනාගතයෙහි කාමධාතුවේ ඉපදීම දන්නා විට සුළු අරමුණකි. රූපාරූප භවවල ඉපදීම දන්නාවිට මහග්ගත අරමුණකි. අනාගතයෙහි බුදු පසේබුදු රහත්හු මාර්ගය වඩන්නෝය. ඵලය සාක්ෂාත් කරන්නෝය යයි දන්නාවිට අප්පමාණ අරමුණය. අනාගතයෙහි සංඛ නම් රජෙක් වන්නේයයි නම්ගොත් සිහිකරනවිට නොකිවහැකි අරමුණකි.
ආකාසානඤ්චායතන ආකිඤ්චඤ්ඤායතන චතුර්ථය නොකිවහැකි අරමුණකි. විඤ්ඤාණඤ්චායතන නේවසඤ්ඤානාසඤ්ඤා චතුර්ථය මහග්ගත අරමුණකි.
ලෝකෝත්තර චතුර්ථය අප්පමාණ අරමුණය.
ක්රියා වශයෙන්ද ඒ දොළොස් ධ්යානවල මෙම අරමුණු විධානයම වේ. ධ්යාන තුන මාර්ග අරමුණු යයි යම් ප්රත්යවේක්ෂා ඤාණය හෝ චේතෝපරිය ඤාණය හෝ මාර්ගය අරමුණු නොකරන්නේය. ධ්යාන තුන එසේ නොපැවතීමෙන් මාර්ගය අරමුණු නොවේ. සහජාත හේතු වශයෙන් මාර්ග හේතුක වන්නේය. වීර්ය හෝ වීමංසය හෝ දෙටුවීමෙන් මාර්ග භාවනාවෙන් මාර්ග අධිපති වේ. ඡන්ද චිත්ත දෙටු කුලයෙහි ඵල කුලයෙහිද නොකිවයුතුය.
චතුර්ථ ධ්යානය යයි මෙහි කුසල වශයෙන් චතුර්ථධ්යාන දහතුනෙහි සියළු තැන පාදක ඉද්ධිවිධ දිබ්බසෝත දිබ්බචක්ඛු යථාකම්මූපග ඤාණ චතුර්ථයද චතුර්විධ ආරප්ප චතුර්ථයද මාර්ගාදි අරමුණු භවයෙන් නොකිව හැකිය. චේතෝපරිය පුබ්බේනිවාස අනාගතංස ඤාණ චතුර්ථය මග්ගාරම්මණ වේ. මාර්ගහේතුක මාර්ගාධිපති හෝ නොකිව හැකිය. ලෝකෝත්තර චතුර්ථය මාර්ගාරම්මණ නොවේ. මාර්ග කාලයෙහි වනාහි සහජාත හේතු වශයෙන් මග්ගහේතුක වේ. විරිය වීමංස දෙටුවීමෙන්ද මාර්ග භාවනාවේ මග්ගාධිපති වේ. ඡන්දචිත්ත දෙටුවීමෙන්ද මග්ග භාවනාවේ ඵල කාලයද කිවහැකි නොවේ. කිරිය වශයෙන් ධ්යාන දොළොසෙහි මෙම නයම
තීණි ඣානානි නවත්තබ්බා යන අතීතාදියෙහි එක ධර්මයක්වත් අරබයා නොපැවතීමෙන් කිවහැකි නොවේ යයි දතයුතුය.
චතුත්ථජ්ඣානං කුසල වශයෙන් ධ්යාන දහතුනෙහි සබ්බත්ථපාදක චතුර්ථය නොකිවහැකි අරමුණුම වේ. ඉද්ධිවිධ චතුර්ථය කාය වශයෙන් චිත්ත පරිණාමයෙන් සමාපත්ති සිත අරමුණු බැවින් අතීතාරම්මණය. අනාගතයෙහි මේ මල් නොමැලවේවා. පහන් නොනිවේවා. පර්වතයෙන් එක් ගිනිකඳක් වේවා යයි අධිෂ්ඨාන කරනවිට අනාගත අරමුණ චිත්ත පරිණාම වශයෙන් කය මෝරණ කාලයෙහි කායාරම්මණ බැවින් වර්තමාන අරමුණ වේ. දිබ්බසෝත ඤාණ චතුර්ථය ශබ්දාරම්මණ බැවින් වර්තමාන අරමුණය. චේතොපරිය ඤාණ චතුර්ථය අතීතයෙහි දවස් හතක් ඇතුළත ඉපදී නිරුද්ධ වූ සිත දැනෙනවිට අතීත අරමුණ වේ. අනාගතයෙහි දවස් හතක් ඇතුළත උපදින සිත දන්නා කාලයෙහි අනාගත අරමුණ වේ. “යම්සේ මනෝ සංඛාර පිහිටුවන ලදද එසේ මේ සිත පසුව මේ සිත කල්පනා කරන්නේ යයි හේ බොහෝසෙයින් ප්රකාශ කරයි. එසේම එය වේ. වෙනත් විධියකින් නොවේ.” මේ සූත්රයෙන් චේතෝපරිය ඤාණයේ තත්ත්වය ප්රකාශ කළේය. මාර්ග වර්තමාන සත්තය වර්තමාන වශයෙන් වර්තමානය අරබයා පවතින කාලයෙහි වර්තමාන අරමුණ වේ. විස්තර කථාව යට අට්ඨකථා කාණ්ඩ වර්ණනාවෙහි දතයුතුය.