12. ඣාන විභංගය
සූත්‍රාන්ත භාජනීය
මාතිකාවණ්ණනා
ඊට අනතුරුව දැන් ධ්‍යාන විභංගයෙහි මේ සියල්ල සූත්‍රාන්ත බෙදීමෙහි පළමුවන මාතෘකා තබන ලදි. එහි ඉධ යන වචනය පූර්වභාග කළයුතු සම්ප්රදාය සම්පන්න වූ සියළු ආකාර ධ්‍යාන උපදවන පුද්ගලයාට නිශ්‍රය වූ සාධනය දැක්වීම අන්‍ය ශාසනවල එසේ ඇති බව ප්‍රතික්ෂේප කිරීම මෙය කියන ලදි. “මහණෙනි, මෙහිම ශ්‍රමණයෝ වෙති. පෙ. අන්‍ය පරවාදවල ශ්‍රමණයෝ නොවෙති.” භික්ඛූ යනු ඒ ධ්‍යාන නිපදවන පුද්ගලයන් දැක්වීම. පාතිමොක්ඛ සංවර සංවුතො මෙය ඔහුගේ ප්රාතිමෝක්ෂ සංවරයෙහි පිහිටි බව දැක්වීම. විහරති මෙය ඔහුගේ ඊට අනුරූපව වාසය කිරීමෙන් යුක්ත බව දැක්වීම. ආචාරගෝචර සම්පන්නො මෙය ඔහුගේ යට ප්රාතිමෝක්ෂ සංවරයෙන් ඉහළ ධ්යානානුයෝගයට උපකාර වන ධර්ම දැක්වීම. අනුමත්තෙසු වජ්ජෙසු භයදස්සවී මෙය ඔහුගේ ප්රාතිමෝක්ෂයෙන් නොකියන ලද කරුණු දැක්වීම. සමාදාය මෙය ඔහුගේ ශික්ෂාපදවලින් අඩුවක් නැතිව ගැනීම දැක්වීම. සික්ඛති මෙය ඔහුගේ ශික්ෂාවෙන් යුක්ත බව දැක්වීම. සික්ඛා පදෙසු මෙය ඔහුගේ හික්මිය යුතු ධර්ම දැක්වීමය.
ඉන්ද්රියෙසු මෙය ඔහුගේ රක්නාලද දොරටු දැක්වීම. ආරක්ෂා කළයුතු අවකාශ දැක්වීම යයිද කියත්මය. ගුත්තද්වාර මෙය ඔහුගේ දොරටු සයේ සංවිධානය කරන ලද ආරක්ෂාව දැක්වීමය. භොජනෙ මත්තඤ්ඤූ මෙය ඔහුගේ සන්තෝෂ ආදි ගුණ දැක්වීමය. පුබ්බරත්තාපර රත්තං ජාගරියානුයොගමනුයුත්තො මෙය ඔහුගේ හේතුභාවය දැක්වීමය. සාතච්චං නෙපක්කං මෙය ඔහුගේ ප්‍රඥා වීමංශයෙන් යුත් වීර්යයෙන් නිතර පුරුදු කිරීම දැක්වීමය. බෝධිපක්ඛිකානං ධම්මානං භාවනානුයෝග මනුයුත්තො මෙය ඔහුගේ ප්‍රතිපත්තියෙන් තියුණු අවබෝධය දැක්වීමය.
සො අභික්කන්තෙ පෙ. තුණ්හීභාවෙ සම්පජානකාරී හොති මෙය ඔහුගේ සියළු ස්ථානයෙහි සිහිනුවණින් සමන්විත බව දැක්වීමය. සො විවිත්තං සෙනාසනං භජති මෙය ඔහුගේ භාවනාවට අනුරූප වූ සේනාසන පිළිගැනීම දැක්වීමය. අරඤ්ඤං.........පටිසල්ලාන සාරුප්පං මෙය ඔහුගේ සේනාසන ප්‍රභේද සහ ආදීනව ආනිශංස දැක්වීමය. සො අරඤ්ඤගතොවා මෙය ඔහුගේ කියන ලද ආකාර සේනාසනයෙන් යුක්ත බව දැක්වීමය. නිසීදති මෙය ඔහුගේ භාවනාවට අනුරූප ඉරියව්ව දැක්වීමය. පරිමුඛං සතිං උපට්ඨපෙත්වා මෙය ඔහුගේ යෝග ආරම්මණය දැක්වීමය. සො අභිජ්ඣං ලොකෙ විහරති ආදිය ඔහුගේ කමටහන අනුව භාවනා කිරීමෙන් නීවරණ ප්රහාණය දැක්වීමය. මෙසේ ඔහුගේ නීවරණ ප්‍රහීණ වේ. විවිචෙච්ච කාමෙහි ආදිය පිළිවෙලින් ධ්‍යාන ඉපදවීම දැක්වීමය.
තවද ඉධ භික්ඛූ යනු මෙම ශාසනයෙහි ධ්‍යාන උපදවන භික්ෂුවය. දැන් ධ්‍යාන උපදවන භික්ෂුව විසින් චතුපාරිශුද්ධි ශීලය යම්හෙයකින් පිරිසිදු කළයුතුද එහෙයින් ඔහුගේ පාතිමොක්ඛ සංවර සංයුතො යන මෙයින් ප්රාතිමොක්ෂ සංවර ශීල විසුද්ධිය පෙන්වයි. ආචාර ගෝචර සම්පන්නො ආදියෙන් ආජීව පාරිශුද්ධි ශීලයද සමුදාය සික්ඛති සික්ඛා පදෙසු මෙයින් ඒ සිල් දෙකේ ඉතිරියක් නැතිව ගැනීමය. ඉන්ද්රියෙසු ගුත්තද්වාරො මෙයින් ඉන්ද්රිය සංවර ශීලයද භොජනෙමත්තඤ්ඤූ එයින් ප්‍රත්‍ය සන්නිශ්‍රිත ශීලයද පෙන්වයි. පුබ්බරත්තාපර රත්තං ආදියෙන් සීලයෙහි පිහිටි ඔහුගේ ධ්‍යාන භාවනාවට උපකාර වූ ධර්මයන් දක්වයි. සො අභික්කන්තෙ ආදියෙන් ඒ ධර්මයන්ගේ නොපිරිහීම් පිණිස කමටහනේ නුමුළාවීම පිණිස සිහිනුවණින් යෙදී සිටීම. සො විවිත්තං ආදියෙන් භාවනාවට අනුරූප සේනාසන ලබාගැනීම සො අරඤ්ඤගතොවා යනාදියෙන් ඒ සේනාසනයට පැමිණි ඔහුගේ ධ්යානානුරූප ඉරියව්ද ධ්‍යාන භාවනා ආරම්භයද දක්වයි. සො අභිජ්ඣං ආදියෙන් ධ්‍යාන භාවනා ආරම්භයෙන් ධ්‍යානයට පටහැනි ධර්ම ප්රහාණය පෙන්වයි. සො ඉමෙ පඤ්චනීවරණෙ පහාය ආදියෙන් මෙසේ ප්‍රහීන වූ ධ්‍යාන පටහැනි ධර්මයන්ගෙන් සියළු ධ්‍යානවල ඉපදවීම් ක්‍රමය පෙන්වයි.