ප්රශ්න විචාරක වර්ණනාව
දැන් ප්රශ්න විචාරීම වේ. පංචස්කන්ධයන්ගේ කුසල් කීයද? අකුසල් කීයද? අව්යාකෘත කීයද? ආදී නයින් යමක් ලැබේද යමක් නොලැබේද ඒ සියල්ල විචාරා විසඳීමෙහි රූපස්කන්ධය අව්යාකෘත යයි යමක් ලැබේද එයම ඉදිරූහයි (දැක්වීයයි) දතයුතුය. යම් යම් ස්ථානවල එක් ස්කන්ධයකැයි හෝ ස්කන්ධ දෙකකැයි හෝ වෙන් නොකොට උපන්නේ වන්නේය. නූපන්නේ වන්නේය ආදි නයින් පෙළෙහි තබන ලදි. ඒ ඒ තැන පංචස්කන්ධ ගැනීම දතයුතුය. සෙසු ඒ ඒ ස්කන්ධයන්ගේ කුසලාදි විභාගය ධම්මසංගහ අටුවාවේ කියන ලද්දේමය.
අරමුණු ත්රිකයෙහි වනාහි ස්කන්ධ පස්පනස් කාමාවචර ධර්මයන් අරබයා ඇලෙන්නාට ගැටෙන්නාට මුළාවන්නාට සංවර වන්නාට විමසන්නාට ප්රත්යවේක්ෂා කරන්නාට අල්ප අරමුණක් වේ. සත්විසි රූපාවචර අරූපාවචර ධර්මනය් අරබයා ඇලෙන්නාට ගැටෙන්නාට මුළාවන්නාට සංවර වන්නාට විමසීම පිහිටුවන්නාට මහග්ගත අරමුණු මාර්ගඵල නිවන් ප්රත්යවේක්ෂා කරන්නාට අප්රමාණ අරමුණකි. ප්රඥප්තිය ප්රත්යවේක්ෂා කරන කාලයෙහි නොකිවහැකි අරමුණකි.
එයම සෙඛඅසෙඛයින්ට මාර්ගය ප්රත්යවේක්ෂා කරන කාලයෙහි මාර්ග අරමුණු වේ. මාර්ග කාලයෙහි සහජාත හේතුවෙන් මාර්ග හේතුක වේ. මාර්ගය ගරුකොට ප්රත්යවේක්ෂා කාලයෙහි ආරම්මණ අධිපති මාර්ග අධිපති වේ. සඳදෙටු වනාහි සිත්දෙටු වඩන්නාට නොකිවයුතු අරමුණක් වේ. [missing trans]
අතීත වූ ස්කන්ධ ධාතු ආයතන අරබයා ඇලෙන්නාට ගැටෙන්නාට මුළාවන්නාට සංවර වන්නාට විමසන්නාට අතීත අරමුණු වේ. අනාගතය අරබයා අනාගත අරමුණු වේ. වර්තමානය අරබයා වර්තමාන අරමුණු වේ. ප්රඥප්තිය හෝ නිවණ හෝ ප්රත්යවේක්ෂා කරන්නාට නොකිවහැකි අරමුණු වේ.
එසේම තමාගේ ස්කන්ධ ධාතු ආයතන අරබයා ඇලෙන්නා ගැටෙන්නාට මුළාවන්නාට සංවර වන්නාට විමසීම පිහිටුවන්නාට අධ්යාත්ම අරමුණක් වේ. අනුන්ගේ ස්කන්ධ ධාතු අරබයා මෙසේ පවත්වන්නාට බාහිර අරමුණක් වේ. ප්රඥප්ති නිර්වාණ ප්රත්යවේක්ෂා කාලයෙහිද බාහිර අරමුණක්ම වේ. කලෙක අධ්යාත්ම කලෙක බාහිර ධර්ම කෙරෙහි මෙසේ පවත්වන්නහුට අධ්යාත්ම බාහිර අරමුණක් වේ. ආකිඤ්චඤ්ඤායතන කාලයෙහි නොකිවහැකි අරමුණකැයි දතයුතුය.
මෙසේ භාග්යවතුන් වහන්සේ මේ ඛන්ධ විභාගය සූත්රාන්ත භාජනීය වශයෙන් තිපරි වෘත්තයෙහි ගෙනහැර දක්වා බෙදා දැක්වූහ. තිපරි වෘත්තයෙහි එකම වෙන්කිරීමකි. රූපස්කන්ධය සියළු තන්හි කාමාවචරය. චතුභූමික වූ ස්කන්ධ සතර ලෞකික ලෝකෝත්තර මිශ්රව කියන ලදි.
සම්මෝහ විනෝදනී නම් විභංග අර්ථ වර්ණනාවේ පළමුවන ඛන්ධ විභංග නිද්දේසයයි.
2. ආයතන විභංගය
සූත්රාන්ත භාජනීය වර්ණනාව
ඉන් අනතුරුව ආයතන විභංග නිද්දේසයෙහි සූත්රාන්ත භාජනීය දක්වන්නේ ද්වාදසායතනානි චක්ඛායතනං රූපායතනං ආදිය කීහ. එහි පාලි මුක්තකයෙහි නය විසින්:-
අරුත් ලකුණු විසින් - සැකවින් විතර විසිනා
දැකගත යුතු එලෙස - විනිස දතයුතු මෙලෙසේ
දැකගත යුතු එලෙස - විනිස දතයුතු මෙලෙසේ
එහි විශේෂයෙන් චක්ඛතීති චක්ඛු රූපය ආශ්වාද කරයි ප්රකාශ කරයි යන අර්ථයයි. රූපයතීති රූපං වර්ණ විකාරයට පැමිණෙමින් හදවතට ගියබව ප්රකාශ කරතියි යන අර්ථයි. සුණාතීති සොතං ඇසීම සෝතයයි. සප්පතීති ගමන් කෙරේනුයි ශබ්ද වේ. ප්රකාශ කරයි යන අර්ථයයි ආඝ්රාණය කෙරේනුයි ඝාණං. ගඳ සුවඳ ගෙන දේ යනු ගන්ධො. තමාගේ වස්තු ප්රකාශ කරයි යන අර්ථයයි. ජීවිතය කැඳවයි යනු ජිව්හා ය. රස යනු එය තෘප්ත කිරීමයි. ආශ්වාද කෙරේ යන අර්ථයයි. පිළිකුල් වූ ආශ්රව ධර්මයන්ගේ පැමිණීම කාය වේ. ආය යනු ඉපදෙන පෙදෙසයි. ස්පර්ශ කෙරේනුයි ඵොට්ඨබ්බ. සිතානුයි මනො. තමාගේ ලක්ෂණ දරානුයි ධම්ම.
අවිශේෂයෙන් ආයතනයෙන් ඉපදීම ඇතිකරන නිසා ඇතුළට පමුණුවන නිසා ආයතනයයි දතයුතුය. චක්ෂු රූපාදියෙහි ඒ ඒ ද්වාර අරමුණු වූ චිත්ත චෛතසික ධර්ම අනුභව කිරීම් ආදි කෘත්යයෙන් ආයතනයයි උපදී ගැටේ වෙහෙසේ යයි කියන ලද්දේ වෙයි. එය වනාහි එකතු වූ ධර්ම මෙයින් කෙරේනුයි විස්තර කෙරේනුයි කියන ලදි. මෙයද කෙළවරක් නැති සසරෙහි පවතින ඉතා පළල් වූ සසර දුක නවත්වන තුරු පමුණුවයි පවත්වයි කියන ලදි. මේ සියළු දහම් ආයතනයෙන් ඉපදීම් ලබන හෙයින් ආයතනයට පමුණුවන හෙයින් ආයතන ආයතනයයි කියනු ලැබේ.