2. ආයතන විභංගය
සූත්‍රාන්ත භාජනීය වර්ණනාව
ඉන් අනතුරුව ආයතන විභංග නිද්දේසයෙහි සූත්‍රාන්ත භාජනීය දක්වන්නේ ද්වාදසායතනානි චක්ඛායතනං රූපායතනං ආදිය කීහ. එහි පාලි මුක්තකයෙහි නය විසින්:-
අරුත් ලකුණු විසින් - සැකවින් විතර විසිනා
දැකගත යුතු එලෙස - විනිස දතයුතු මෙලෙසේ
එහි විශේෂයෙන් චක්ඛතීති චක්ඛු රූපය ආශ්වාද කරයි ප්‍රකාශ කරයි යන අර්ථයයි. රූපයතීති රූපං වර්ණ විකාරයට පැමිණෙමින් හදවතට ගියබව ප්‍රකාශ කරතියි යන අර්ථයි. සුණාතීති සොතං ඇසීම සෝතයයි. සප්පතීති ගමන් කෙරේනුයි ශබ්ද වේ. ප්‍රකාශ කරයි යන අර්ථයයි ආඝ්‍රාණය කෙරේනුයි ඝාණං. ගඳ සුවඳ ගෙන දේ යනු ගන්ධො. තමාගේ වස්තු ප්‍රකාශ කරයි යන අර්ථයයි. ජීවිතය කැඳවයි යනු ජිව්හා ය. රස යනු එය තෘප්ත කිරීමයි. ආශ්වාද කෙරේ යන අර්ථයයි. පිළිකුල් වූ ආශ්‍රව ධර්මයන්ගේ පැමිණීම කාය වේ. ආය යනු ඉපදෙන පෙදෙසයි. ස්පර්ශ කෙරේනුයි ඵොට්ඨබ්බ. සිතානුයි මනො. තමාගේ ලක්‍ෂණ දරානුයි ධම්ම.
අවිශේෂයෙන් ආයතනයෙන් ඉපදීම ඇතිකරන නිසා ඇතුළට පමුණුවන නිසා ආයතනයයි දතයුතුය. චක්‍ෂු රූපාදියෙහි ඒ ඒ ද්වාර අරමුණු වූ චිත්ත චෛතසික ධර්ම අනුභව කිරීම් ආදි කෘත්‍යයෙන් ආයතනයයි උපදී ගැටේ වෙහෙසේ යයි කියන ලද්දේ වෙයි. එය වනාහි එකතු වූ ධර්ම මෙයින් කෙරේනුයි විස්තර කෙරේනුයි කියන ලදි. මෙයද කෙළවරක් නැති සසරෙහි පවතින ඉතා පළල් වූ සසර දුක නවත්වන තුරු පමුණුවයි පවත්වයි කියන ලදි. මේ සියළු දහම් ආයතනයෙන් ඉපදීම් ලබන හෙයින් ආයතනයට පමුණුවන හෙයින් ආයතන ආයතනයයි කියනු ලැබේ.
තවද නිවාස ආකර එක්තැන් කිරීම හටගැනීම දේසය හේතුව යන අර්ථවලින්ද ආයතන දතයුතුය. එසේම ලෝකයෙහි ඊශ්වරායතනය වාසුදේවායතනය යන ආදියෙහි නිවාස ස්ථාන ආයතනයයි කියනු ලැබේ. සුවණ්ණායතන රත්නායතන ආදියෙහි ආකරයයි. සාසනයෙහි මනොරමෙ ආයතනෙ සෙවන්ති නං විභංගමා ආදියෙහි ඒකරාශී වීම්ද දක්ඛිණාපථො ගුන්නං ආයතනං ආදියෙහි ඉපදීමේ දේශයද තත්‍ර තත්‍රෙව සක්ඛි භබ්බතං පාපුණාති සති සති ආයතනෙ ආදියෙහි හේතුවද [පාළි බලන්න]
චක්‍ෂු ආදියෙහි ඒ ඒ ධර්ම වෙසෙයි. ඒවාට අයත් වෘත්තියෙහි යෙදෙන නිසා චක්‍සු ආදිය ඒවායේ නිවස ස්ථාන වේ. චක්‍ෂු ආදියෙහි ඒ ධර්ම ගැවසීගත් බැවින් නිශ්‍රය හා අරමුණු වූ බැවින් චක්‍ෂු ආදිය ඒවායේ ආකර වේ. චක්‍ෂු ආදිය ඒවායේ එකතුවන තැන එහි වස්තු අරමුණු වශයෙන් එකතුවීමෙන් චක්‍ෂු ආදිය ඒවායේ ඉපදෙන දේශයයි. එය නිශ්‍රය අරමුණු බැවින් එහිම ඉපදීමෙන් ද චක්‍ෂු ආදිය ඒවායේ හේතුව වේ. ඒවායේ අභාවයෙන් අභාවයට පත්වේයයි මෙසේ නිවාස ස්ථාන ආකර එක්කාසුවීම ඉපදීම් දේශය හේතුව යන අර්ථවලින් මේ ධර්මායතන ආයතනයයි කියනු ලැබේ. එසේ හෙයින් කියන ලද අර්ථයෙන් ඇස ද ඒ ආයතන ද චක්ඛායතන වේ. ධර්මය ද ඒ ආයතනය ද ධම්මායතන වේ. මෙසේ අර්ථ වශයෙන් විනිස දතයුතුය.
ලක්‍ෂණ වශයෙන්ද චක්‍ෂු ආදීන්ගේ මෙහි ලක්‍ෂණ දතයුතු වේ. ඒවායෙහි ලක්‍ෂණ යට රූප කාණ්ඩ නිද්දේසයෙහි කියන ලද නයින් දතයුතුය.
තාවත්වතො යනු ඒ තාක් වීම් වශයෙන් මෙය කියන ලද්දේ වෙයි. චක්‍ෂු ආදියද ධර්මයෝමය. මෙසේ ඇතිකල්හි ධර්මායතනයයි නොකියා කවර හෙයින් ද්වාදසායතනයයි කියන ලදද? විඤ්ඤාණ කාය සය උප්පත්ති ද්වාර අරමුණු වෙන් කිරීම් වශයෙනි. මෙහි විඤ්ඤාණ කාය සයේ ද්වාර ආරම්මණ භාවයෙන් වෙන් කිරීම් වශයෙන් මෙන්ම බෙදීම් දොළහක් වේයයි කියන ලදි. චක්ඛු විඤ්ඤාණ වීථියට ඇතුළත් චක්ඛු ආයතනයම චක්ඛු උත්පත්ති ද්වාරයයි. රූපායතනයම ද්වාර අරමුණයි. සෙසු ඒවාද එසේය. සවැන්නේ භවාංග මනස සංඛ්‍යාත මනෝ ආයතනයෙහි ඒක දේසයක්ම උත්පත්ති ද්වාරය වේ. ධර්මායතන අරමුණු අසාධාරණ වේ. මෙසේ විඤ්ඤාණ ආයතන සය උත්පත්ති ද්වාර අරමුණු වෙන්වීමෙන් දොළහක් යයි කියන ලදි.