4. චතුක්ක නිද්දේස වර්ණනාව
චතුක්ක නිද්දේශයෙහි අසප්පුරිසො යනු ලාමක පුරුෂයාය. ප්රාණය හෙළීම (විනාශ කිරීම) පාණාතිපාතී වේ. නොදුන් දේ ගැනීම වන්නේ අදින්නාදානායි. කාමයන්හි වැරදි ලෙස හැසිරේනුයි කාමෙසු මිච්ඡාචාරී. බොරු කියානුයි මුසාවාදී. සුරාමේරය මද්ය ප්රමාදයෙහි සිටීනුයි සුරාමෙරය මජ්ජපමාදට්ඨායි.
පාණාතිපාතෙ සමාදිපෙති යනු යම්සේ ප්රාණය නැති කෙරේද? එසේ ඔහු එහි ගැනීම ගන්වයි. සෙස්සෙහි ද මේ නයමය. අයං වුච්චති එබඳු වූ මේ පුද්ගලයා යම්හෙයකින් තමා කරන ලද්දෙහි ද දුසිල්බවින් යුක්ත වේ. යමෙකු එහි සමාදන් කරවා නම් ඒ පවේ භාගයක දායාදය හිමි වේ. එනිසා අසත්පුරුෂයා විසින් අසප්පුරිසතර යයි කියනු ලැබේ. සප්පුරිසො යනු උතුම් පුරුෂයාය.
සප්පුරිසතරො යනු තමා විසින් කරන ලද්දෙහි සුසීලයෙන් යුක්තව යමෙකු සමාදන් කරවූයේ ද ඒ පිනේ අඩකඩ දායාද වන බැවින් උත්තමපුරිසෙන උත්තම පුරිසතර වේ.
පාපො යනු අකුසල කර්මපථ සංඛ්යාත දසවිධ පවින් යුක්ත වූයේ.
කල්යාණො යනු දසවිධ කල්යාණ ධර්මයෙන් යුක්ත වූයේ පිරිසිදුය. සොඳුරුය. මෙහි සෙස්ස යට කියන ලද නය අනුව නොගැඹුරු අරුත් ඇත්තේමය.
[missing trans]
සාවජ්ජාදියෙහි සාවජ්ජො යනු දෝස සහිතය. සාවජ්ජෙන කාය කම්මෙන යනු දොස් සහිත වූ ප්රාණඝාතාදි කායකර්මයෙන්. සෙස්සෙහිද මෙම නයයි. අයං වුච්චති එබඳු වූ මේ පුද්ගලයා තුන්දොරින් රැස්කරන කර්මයේ සදොස් බැවින් අසුචි කුණප ආදියෙන් යුත් ප්රදේශයක් මෙන් සාවද්ය යයි කියනු ලැබේ.
සාවජ්ජෙන බහුලං යමෙකුගේ සාවද්ය කර්මම බොහෝ වේද? අනවද්ය කර්ම අඩුවේද? හෙතෙම සාවද්ය බහුල වූ කාය කර්මයෙන් යුක්ත අල්ප වූ අනවද්යයෙන් යුක්ත හයි කියනු ලැබේ. සෙස්සෙහි ද මෙම නයම වේ. කවරෙක් නම් මෙබඳු වේද? යමෙක් ගමෙහි හෝ නිගමයෙහි ධර්මතාව බැවින් කිසිවිට උපෝසථය සමාදන් වේ. සිල් පුරයි. අයං වුච්චති මෙබඳු රූප වූ මේ පුද්ගලයා තුන් දොරෙන් රැස්කරන කර්මයෙන් සාවද්යයේම බහුල බැවින් අනවද්යයේ අල්ප බැවින් වජ්ජබහුලො යයි කියනු ලැබේ.
යම්සේ එක් ප්රදේශයක දුර්වර්ණ දුර්ගන්ධ පුෂ්ප රැස්කොට ඇත. ඒවා මත ඉද්ද පලොල් කෝඹු වැටී ඇත. මේ පුද්ගලයා එසේ යයි දතයුතුය. යම්සේ වනාහි එක් ප්රදේසයක කෝඩු ඉද්ද පලොල් මල් රැස් කොට තිබේ. ඒවා මත දුර්වර්ණ දුර්ගන්ධ ඩෙබර මල් වැටී ඇත. තුන්වන පුද්ගලයා මෙබඳු යයි දතයුතුය. සතරවැන්නා තුන්දොරින් රැස්කරන කර්මයේ නිදොස් බැවින් චතුමධුරයෙන් පිරුණු රන් තලියක් මෙන් දතයුතුය. ඔවුන් අතරෙහි පළමුවැන්නා අඳබල් පුහුදුන් පුඟුලෙකි. දෙවැන්නා අතරින්පතර කුසල් කරන්නේ ලෞකික පෘථග්ජනයෙකි. තුන්වැන්නා සෝවාන් වූවෙකි. සකෘදාගාමි අනාගාමිහුද මොහු සමග සංග්රහ කරන ලදී. සතරවැන්නා ක්ෂීණාශ්රවයන් වහන්සේය. හෙතෙම වනාහි ඒකාන්තයෙන් අනවද්යම වේ. මෙය අංගුත්තර අටුවා කථා නය වේ.
උග්ඝටිතඤ්ඤු ආදියෙහි උග්ඝටිතඤ්ඤු යනු මෙහි ගලවා දැමීම නම් ඤාණ ගලවා දැමීමයි. ඤාණයෙන් ගලවා දමන ලද ඇසිල්ලෙහි දැනගනී යන අර්ථයයි. සහඋදාහටවෙලාය යනු කීමෙහි. කියන ලද ඇසිල්ලෙහිම. ධම්මාභිසමයො යනු සිව්සස් නුවණ සමග අවබෝධය. අයං වුච්චති මේ සතර සතිපට්ඨාන යනාදි නයින් සංක්ෂේපයෙන් මාතෘකාව තබන කල්හි දේශනා අනුසාරයෙන් ඤාණය යවා රහත්වීමට සමත් පුද්ගලයා උග්ඝටිතඤ්ඤු යයි කියනු ලැබේ.
විස්තරය, විස්තරයෙන්ම අර්ථය දනී යයි විපචිතඤ්ඤු වේ. අයං වුච්චති සංක්ෂේපයෙන් මාතෘකා තබා විස්තර වශයෙන් අර්ථය බෙදන කල්හි රහත්බවට පැමිණීමට සමත් මේ පුද්ගලයා විපචිතඤ්ඤු යයි කියනු ලැබේ.
උද්දේසාදියෙන් පැමිණවිය යුතු යනු නෙය්යො වේ. අනුපුබ්බෙන ධම්මාභිසමයො හොති යනු අනුක්රමයෙන් රහත්බවට පැමිණීම.
අක්ෂර පදම මොහුට පරම (අවසාන) යයි පදපරම වේ. ඒ ආත්මභාවයෙහි ධර්මය අවබෝධ නොවේ. න තාය ජාතියා ධම්මාභිසමයො හොති යනු ඒ ආත්මභාවයෙන් විදර්ශනාව හෝ මාර්ගය හෝ ඵලය හෝ නිපදවීමට නොහැකිය යන අර්ථය වේ.
යුත්තපටිභානාදියෙහි ඤාණයට ද ඤාණයට එළඹි වචන ද පටිභාන යයි කියනු ලැබේ. මෙහි එය අදහස් වේ. අර්ථයෙන් යුක්ත වූ ද ඤාණයෙන් යුක්ත වූ ද ප්රතිභානය මොහුට ඇත්තේය යනු යුත්තපටිභානො වේ. විචාරන ලද අනතුරුවම ප්රකාශ කරන්නට අසමත් බැවින් නො මුත්ත පටිභානය මොහුට ඇත්තේය යනු නො මුත්තපටිභානො වේ. මේ නයින් සෙස්ස දැනගත යුතුය. මෙහි වනාහි පළමුවැන්නා ඇසිල්ලක් විමසා යුතු දේම දකියි. තිපිටක චූලනාග ස්ථවිරයන් වහන්සේ මෙනි. උන්වහන්සේ වනාහි ප්රශ්නයක් විචාරන විට, විග්රහකොට යුක්ත ප්රයුක්ත කරුණුම කියති.