5. පංචක නිද්දේස වර්ණනාව
පංචකයෙහි තත්‍රා වීර්යය ද විපිළිසර බව ද මෙයයි. යනාදි නයින් යට කියන ලද ඒ පුද්ගලයන් අතරෙන් යවායං යමෙක් ආරම්භති යයි, මෙහි ආරම්භ ශබ්දය කම්ම කිරිය හිංසන විරිය විකාරයට පත්කිරීම ආපත්ති වීතික්කම යන මේවායෙහි වැටේ. එසේ මෙය ‘යං කිංචි දුක්‍ඛං සම්භොති, සබ්බං ආරම්භ පච්චයා යයි කර්මයෙහි ආවේය. මහා යඤ්ඤා මහාරම්භා න තෙ හොන්ති මහප්ඵලා කිරියාවෙහිය. ‘සමණං ගොතමං උද්දිස්ස පාණං ආරම්භති හිංසනයෙහි, ආරම්භථ නිකෙමථ යුඤ්ජථ බුද්ධසාසනෙ ‘වීර්යෙහි, බීජගාම භූතගාම සමාරම්භා පටිවිරතො හොති විකොපනයෙහි වේ. ආරම්භති ච විප්පටිසාරී ච හොති මෙය වනාහි ඇවැත් ඉක්මවීමෙහි ආවේය. එහෙයින් ඇවැත් ව්‍යතික්‍රමණ වශයෙන් ආරම්භ ද එය ප්‍රත්‍ය වීමෙන් විපිළිසර බව ද වේ යයි මෙය මෙහි අර්ථයයි. චෙතො විමුත්තිං ඵල සමාධිය. පඤ්ඤා විමුත්තිං ඵල ඤාණය,
යථාභූතං නප්පජානාති අවබෝධ නොකළ තැනැත්තා ස්වභාවය යථා වශයෙන් නොදනී. යත්‍ථස්ස යම්තැනක මොහුගේ. යම් තැනකට පැමිණ මේ පුද්ගලයාගේ - උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිස්සො නිරුජ්ඣති - උපන් සියළු අකුසල ධර්ම නිරවශේෂයෙන් නිරුද්ධ වේ යන අර්ථයයි. කිම පැමිණ ඒවා නිරුද්ධ නොවේද? රහත්මග පලයට පැමිණියෙහුගේ නිරුද්ධ නම් වේ. මෙසේ ඇතිකල්හි මෙහි මාර්ග කෘත්‍ය වශයෙන් පලයම කියන ලදැයි දතයුතුය. ආරම්භජාති ආපත්ති ව්‍යතික්‍රමණං ස්වභාවකොට ඇත. විප්පටිසාරජා විපිළිසරයෙන් හටගත්. පවඩ්ඪන්ති නැවත නැවත උත්තේජනයෙන් වැඩෙත්. සාධු ආයාචනයෙහි මෙය කියන ලද්දේ වේ. ඒකාන්තයෙන් ආයු පමණ වැරදි කළ කල්හිද අපි ආයාචනා කරමු. දේසනා කළ යුතු සූත්‍ර දෙසීම සඳහා නැගිට සිටිය යුත්ත නැගිටීම සඳහා ප්‍රකට කළයුත්ත ප්‍රකට කිරීම සඳහා. ආරම්භජෙ ආසවෙ පිරිසිදු බවෙහි සිටි බව ප්‍රත්‍යවේක්‍ෂා කරමින් විප්පටිසාරෙ ආසවෙ පටිවිනොදෙත්‍වා බැහැර කොට විපස්සනා සිත ද, විපස්සනා පඤ්ඤඤ්ච භාවෙතු විපස්සනා පඤ්ඤාව වඩනු. අමුනා පඤ්චමෙන පුග්ගලෙන මේ පස්වෙනි ක්‍ෂීණාශ්‍රව පුද්ගලයා විසින්. සමසමො භවිස්සති ලෝකෝත්තර ගුණවලින් ස්වභාවයෙන්ම සම වන්නේය. මෙසේ ක්‍ෂීණාශ්‍රවයා විසින් අවවාද දිය යුතුය යන අර්ථයයි.
ආරම්භති න විප්පටිසාරො හොති ඇවැත්වලට නොපැමිණෙයි. විනය ප්‍රඥප්තියෙහි අදක්‍ෂ බැවින් අනාපත්තියෙහි ආපත්ති සංඥාවෙන් විපිළිසර වේ. අංගුත්තර අටුවාවෙහි වරක් ඇවතට පැමිණ එයින් නැගිට පසුව කිසිවකට නොපැමිණේ යන විපිළිසරය අත්හැරීමට නොහැකි යයි කියන ලදී. න ආරම්භති න විප්පටිසාරී හොති ඇවතට නොපැමිණේ. විපිළිසර නොවේ. මේ පුද්ගලයා කවරෙක්ද? විරිය අත්හල පුද්ගලයාය. හේ වනාහි මේ බුද්ධ කාලයෙහි පිරිනිවන් පෑමෙන් කිම? අනාගතයෙහි මෛත්‍රීය සම්මා සම්බුදුන්ගේ කාලයේ පිරිනිවන් පාන්නෙමියි විසුද්ධ සීලය ද ප්‍රතිපත්ති නොපුරයි. හේ ආයුෂ්මතුන් කුමක් නිසා පමාව වාසය කෙරෙහිද? පුහුදුන් නම් ගති අනිබද්ධය. ආයුෂ්මතා මෛත්‍රී බුදුහාමුදුරුවන් දකින්නට ලැබුණත් රහත්බව නොලබන්නේය. විපස්සනාව වඩන්න යයි අවවාද කළ යුතුය. සෙසු සියළු තන්හි කියන ලද නයින්ම දතයුතුය.
දත්‍වා අවජානාති ආදියෙහි, එක් භික්‍ෂුවක් මහා පින්වන්තයෙකි. සිව්පස ලාභී වේ. හෙතෙම සිවුරු ආදිය ලැබ අනිත් මද පිනැත්තන්ගෙන් අසයි. හේද නැවත නැවත අසනු ලබන්නේ ගනීමය. ඉක්බිති දෙන්නා ටිකක් කිපී මකුබව උපදවනු කැමැත්තේ කියයි. මේ තෙමේ තමාගේ ස්වභාවයෙන් චීවරාදිය නොලබයි. අප නිසා ලබයි. මෙසේ පුද්ගලයා දී අවජානාති නම් වේ. එක් භික්‍ෂුවක් වනාහි තව භික්‍ෂු කෙනෙකුන් සමග දෙතුන් වසක් වසන්නේ, පෙර ඒ පුද්ගලයා ගරුකොට පසුව කල් යනකොට ගරු නොකරයි. අසුනෙන්ද නොනැගිටියි. නැගිට්ටේ ද නොයයි. මෙසේ පුද්ගලයා සංවාසෙන අවජානාති නම් වේ.
ආධෙය්‍යමුඛො මුලින් දිය යුතු වචනය. පළමු වචනයෙහි තබන ලද මුව ඇති යන අර්ථයයි. අධිමුච්චිතා හොති සද්ධාතා වේ. එය නය මෙසේය. එක් පුද්ගලයෙක් භික්‍ෂුවට සරුප් වූ දෙය නොසරුප් යයි කියයි. එය අසා මෙතෙම නිශ්චයට යයි. නැවත වෙනත් සභාගයකින් භික්‍ෂුව විසින් මෙය සරුප් යයි කීවිටද ඔහුගේ වචනය නොගනී. අසවල් දෙයින් මෙය නොසරුප් යයි අපට කියන ලදැයි පෙර භික්‍ෂුවගේ කථාවම ගනී. තව කෙනෙක් දුසිලා සිල්වත් යයි කියති. ඒ වචනය විශ්වාස කොට නැවත වෙනින් භික්‍ෂුවට මෙය නොසරුප් යයි මේ තෙමේ ඔබ ලඟට පැමිණීම නොසරුප් යයි කී කල්හිද ඔහුගේ වචනය නොගෙන පෙර කතාවම ගනී. තව කෙනෙක් ගුණ කියූ කථාද අගුණ කියූ කථාද ගනිති. මේ තෙමේ ආධෙය්‍ය මුඛොම වේ. තැබිය යුතු වචනය, යම් යම් දේ අසයි. ඒ ඒ තැන තැබිය යුතු වචනය යන අර්ථයයි.