පුග්ගල පඤ්ඤත්ති අටුවාව
නිපුණ රු’තැති දාතු - බේදය කියන පකරණා
‘දාතුකතා’ නමින් - දෙසා සුරලොව බුදුරජ
‘දාතුකතා’ නමින් - දෙසා සුරලොව බුදුරජ
ඉන් අනතුරුව මුනි - පැණවුම්බේද දක්වන
කී පුඟුල් පැණවුම - ලොවැ අගම පුඟුලාවන
කී පුඟුල් පැණවුම - ලොවැ අගම පුඟුලාවන
එහි වැනුම් අවසර - දැන් පැමිණැති නිසා
වනමි එය එනිසා - එය’සනු සන්සුන් සිතින්
වනමි එය එනිසා - එය’සනු සන්සුන් සිතින්
මාතෘකා වර්ණනාව
ඡ පඤ්ඤතතියො ඛන්ධපඤ්ඤත්ති -පෙ- පුග්ගල පඤ්ඤත්ති යනු මෙය පුග්ගල පඤ්ඤත්තියේ උද්දේසයයි. එහි ඡ යනු ගණන වෙන්කිරීමය. මෙහි යම් ධර්ම පණවනු කැමතිව ඒවායේ ගණන් වශයෙන් සංකේෂේපයෙන් එයින් පැණවුම් වෙන්කිරීම දක්වයි. පඤ්ඤත්තියො යනු වෙන්කළ ධර්ම නිදර්ශනයයි. එහි ‘ආචික්ඛති, දෙසෙති පඤ්ඤපෙති, පට්ඨපෙති’ යනු පැමිණි තැන්වල දැක්වීම, පැවසීම, පැණවුම නම් වේ. ‘සුප්පඤ්ඤත්තං මඤ්ච පීඨං’ යයි පැමිණි තැන තැබීම බහා තැබීම මෙහි පඤ්ඤත්ති නම් දෙකම වටී. ඡ පඤ්ඤතතියො යනු පැණවීම් හයක් දැක්වීම් පැවසීම්ද හයක් තැබීම් බහාතැබීම් හයක් මෙහි අභිප්රේතය. නාම පඤ්ඤත්ති වනාහි ඒ ඒ ධර්ම දක්වන්නේ ද ඒ ඒ කොටසින් තබයි.
ඛන්ධ පඤ්ඤත්ති යනාදිය වනාහි සංක්ෂේපයෙන් ඒ ප්රඥප්තීන්ගේ ස්වරූපය දැක්වීමයි. එහි ස්කන්ධයන්ගේ ස්කන්ධ යයි පැණවීම, දැක්වීම, පැවසීම, තැබීම, බහා තැබීම ස්කන්ධ ප්රඥප්ති නම් වේ. ආයතනයන්ගේ ආයතනයයි. ධාතුගේ ධාතු යයි, සත්යයගේ සත්ය යයි, ඉන්ද්රියන්ගේ ඉන්ද්රිය යයි පුද්ගලයන්ගේ පුද්ගල යයි පැණවීම, දැක්වීම, පැවසීම, තැබීම, බහා තැබීම පුද්ගල ප්රඥප්ති නම් වේ.
අට්ඨකථා නයින් අන්ය වූ පාළි මුක්තකයෙන් අන්ය වූ ප්රඥප්ති හයක් දක්වයි. විද්යමාන ප්රඥප්තිය, අවිද්යමාන ප්රඥප්තිය, විද්යමානයෙන් අවිද්යමාන ප්රඥප්තිය, අවිද්යමානයෙන් විද්යමාන ප්රඥප්තිය, විද්යමානයෙන් විද්යමාන ප්රඥප්තිය, අවිද්ය මෝහයෙන් අවිද්යමාන ප්රඥප්තිය ඒ සයයි. එහි කුසල් අකුසල් වශයෙන් සත්යාර්ථ පරමාර්ථ වශයෙන් විද්යමාන පවතින ධර්මය පැණවීම විද්යමාන ප්රඥප්ති නම් වේ. එසේම අවිද්යමාන වූ ලෝකයාගේ ව්යවහාර මාත්රයෙන් ඇති ස්ත්රී පුරුෂභාවාදියේ පැණවීම අවිද්යමාන ප්රඥප්ති නම් වේ. සියළු ආකාරයෙන් නො ලැබෙන්නා වූ වචන වස්තු මාත්රයෙන්ම පංචම සත්යාදික වූ තීර්ථකයින්ගේ අණු ප්රකෘති පුරුෂාදිය පැණවීම ද හෝ අවිද්යමාන ප්රඥප්තිම වේ. එය වනාහි සාසනාවචර නොවේ යයි මෙහි නොගන්නා ලදී. මෙසේ මේවායේ විද්යමාන අවිද්යමානාදියේ විකල්පන වශයෙන් සෙස්ස දතයුතුය. තෙ විජ්ජො ඡළභිඤ්ඤො යනාදියෙහි වනාහි ත්රිවිද්යා ෂට් අභිඥා විද්යමානය. පුද්ගලයා අවිද්යමානය. එහෙයින් ත්රිවිද්යා මොහුට ඇත්තේනුයි තෙවිජ්ජො වේ. ෂට්භිඥා මොහුට ඇත්තේනුයි ජළභිඤ්ඤො වේ. මෙසේ විද්යමානයෙන් අවිද්යමානයේ පැණවීමෙන් මෙබඳු වූ විද්යමානයෙන් අවිද්යමාන වූ ප්රඥප්ති නම් වේ. ස්ත්රී රූප පුරුෂ රූප යනාදියෙහි වනාහි ස්ත්රී පුරුෂයෝ අවිද්යමාන වෙති. රූපය විද්යමාන වේ. ඒ නිසා ස්ත්රියගේ රූපය ඉත්ථිරූප වේ. පුරුෂයාගේ රූපය පුරිස රූප වේ. මෙසේ අවිද්යමානයෙන් විද්යමානයේ පැණවීමෙන් මෙබඳු වූ අවිද්යමානයෙන් විද්යමාන ප්රඥප්ති නම් වේ. චක්ඛු සම්ඵස්සො සොත සම්ඵස්සො යනාදියෙහි චක්ඛු සෝතාදිය ද ස්පර්ශය ද විද්යමානයට වේ. ඒ නිසා චක්ෂුවෙහි ස්පර්ශය, චක්ෂුවෙන් හටගත් ස්පර්ශයයි. චක්ෂුවෙහි ඵලයක් වූ විද්යමානයේ පැණවීමෙන් මෙබඳු වූ විද්යමානයෙන් විද්යමාන ප්රඥප්ති නම් වේ. ඛත්තිය පුත්තො බ්රාහ්මණ පුත්තො සෙට්ඨි පුත්තො යනාදියෙහි ක්ෂත්රියාදීහු අවිද්යමාන වෙති. පුත්රයෝ ද අවිද්යමාන වෙති. ඒ නිසා ක්ෂත්රියයාගේ පුතා ඛත්ති ය පුත්තො යයි මෙසේ අවිද්යමානයෙන් අවිද්යමානයේ පැණවීමෙන් මෙබඳු වූ අවිද්යමානයෙන් අවිද්යමාන ප්රඥප්ති නම් වේ. ඒවා අතරෙන් මේ ප්රකරණයෙහි පළමු ප්රඥප්ති තුන ලැබේ. ඛන්ධ පඤ්ඤත්ති -පෙ- ඉන්ද්රිය පඤ්ඤත්ති යන මෙතැන විද්යමානයම පණවන ලද බැවින් විද්යමාන ප්රඥප්ති ලැබේ. පුග්ගල පඤ්ඤත්ති යන පදයෙහි අවිද්යමාන ප්රඥප්ති වේ. තෙවිජ්ජො ඡළභිඤ්ඤො යනාදියෙහි විද්යමානයෙන් අවිද්යමාන ප්රඥප්ති ලැබේ.
අටුවා මුක්තක ආචාර්ය විසින් වනාහි අන්ය වූ ද ප්රඥප්ති, සයක් පනවන ලදී. උපාදා ප්රඥප්ති, උපනිධා ප්රඥප්ති, සමොධාන ප්රඥප්ති, උපනික්ඛිත්ත ප්රඥප්ති, තජ්ජා ප්රඥප්ති, සන්තති ප්රඥප්ති යනු ඒවාය. එහි යමෙක් රූප වේදනාදියෙහි එකකින් හෝ අනිකකින් රූප වේදනාදිය මෙන් සත්යාර්ථ පරමාර්ථයෙන් නොලැබෙන ස්වභාවයේ ද රූප වේදනාදි භේද වූ ස්කන්ධයන් ගැනීම නිසා, කාරණය කොට සම්මත වූ සංඝා, ඒ ඒ අංග ගෙන රථය, ගෙය, මිට, උදුන යයි ඒවා ඒ රූපම ගෙන කළය, වස්ත්රය සඳ හිරු ගමන ගෙන කාලය, දිසා, ඒ ඒ භූත නිමිති ද භාවනා ආනිසංස ද ගෙන කරුණු කොට සම්මත ඒ ඒ ආකාරයෙන් එළඹි උද්ග්රහ නිමිත්ත ප්රතිභාග නිමිත්ත යයි මෙබඳු රූප වූයේ උපාදා ප්රඥප්ති නම් වේ. පැණවිය යුතු අර්ථයෙන් ද මේවා ප්රඥප්ති නම් වේ. පැණවීම් අර්ථයෙන් නොවේ. ඒ අර්ථය යමක් පැණවීම, මෙය අවිද්යමාන ප්රඥප්ති නම් වේ.
යම් පළමු දෙවන ආදිය සමාන කොට දෙවන තුන්වන ආදිය එකිනෙක සමානකොට දිග, කෙටි, දුර, ලඟ ආදිය පැණවීම යන මේවා උපනිධා ප්රඥප්ති නම් වේ. තවද මේ උපනිධා ප්රඥප්ති එය අනිත් බලාපොරොත්තු සමාන කොට, අතට පත් දේ සමානකොට, සම්ප්රයුක්ත දේ සමානකොට, ආරෝපනය කළ දේ සමානකොට, ලඟ වූ දේ සමානකොට, එය බහුල වූ දේ සමානකොට, සමාන දේ සමානකොට, එයින් විශිෂ්ට වූ දේ සමානකර යනාදි වශයෙන් අනේකප්රකාර වේ.
එහි දෙවන තුන්වන යනාදිය ද එය අන්ය වූ බලාපොරොත්තු වී කියන ලද්ද තදඤ්ඤාපෙක්ඛූපනික නම් වේ. ඡත්තපාණී, සත්ථපාණී යනාදිය අතටපත් දේ සමානකොට කියන ලද බැවින් හත්ථගතූපනියා නම් වේ. කොඬොල් ඇති, පර්වතය, ඔටුණු ඇති ආදිය සම්ප්රයුක්ත සමානකොට කියන ලද බැවින් සම්පයුත්තූපනිධා නම් වේ. ඉඳුසල් ගුහාව, පියඟු ගුහාව, විමානය යනාදිය දුර නොවීයයි සමානකොට කියන ලද බැවින් අවිදූරගතුපනිධා නම් වේ. රන්වන්, උසභගාමී යනාදිය ප්රතිභාගය සමානකොට කියන ලද බැවින් පටිභාගුපනිධා නම් වේ. පියුම් විල, බමුණුගම යනාදිය එය බහුල ලෙස සමානකොට කියන ලද බැවින් තබ්බහුලූපනිධා නම් වේ. මැණික් වලල්ල, දියමන්ති වලල්ල යනාදිය එය විශිෂ්ට කොට කියන ලද බැවින් තබ්බිසිට්ඨූපනිධා නම් වේ.
යමක් වනාහි ඒ ඒ එකතුකිරීම් බලා ත්රිදණ්ඩ, අටපදය, ධාන්ය රාශිය, මල්රැස යනාදිය පැණවීම යන මෙය සමොධාන පඤ්ඤත්ති නම් වේ. යමක් පෙර වූ දේ බහා තබා දෙක, තුන, හතර යනාදිය පැණවීම යන මෙය උපනික්ඛිත්ත ප්රඥප්ති නම් වේ. යමක ඒ ඒ ධර්ම ස්වභාවය බලා පෘථිවිය, උෂ්ණය, කර්කෂ බව, උණුසුම යනාදිය පැණවීම යන මෙය තජ්ජාපඤ්ඤත්ති නම් වේ. යමක පරම්පරාව කැඩුණු බව අපේක්ෂාකොට අසූව, අනූව යනාදිය පැනවීම යන මෙය සන්තති පඤ්ඤත්ති නම් වේ. මේවායින් තජ්ජා පඤ්ඤත්ති විද්යමාන ප්රඥප්තිම වේ. සෙස්ස අවිද්යමාන පක්ෂය ද අවිද්යමානයෙන් අවිද්යාමාන ප්රඥප්ති පක්ෂය ද සෙව්නේ වේ.