3. තික නිද්දේස වර්ණනාව
තුන්වන නිද්දේසයෙහි දුස්සීලො යනු සිල් නැති. පාපධම්මො යනු ලාමක දහම්ය. සීල විපත්තියෙන් දුස්සීල හෝ දෘෂ්ටි විපත්තියෙන් පවිටු දහම්. කය වචන සංවරය බිඳීමෙන් හෝ දුස්සීල සෙසු සංවර භේදයෙන් පවිටු දහම්. අසුද්ධ ප්රයෝගයෙන් දුස්සීල. අසුද්ධ අදහසින් පවිටු දහම්. කුසල සීල නොමැතිකමින් දුස්සීල. අකුසල සීල යුත් හෙයින් පවිටු දහම්. අසූචි යනු අපිරිසිදු කායකර්මාදියෙන් යුක්ත. සංකස්සර සමාචාරො යනු සැකයෙන් අනුන් විසින් සිහි කළ යුතු හැසිරීම. සැක සහිත හැසිරිම යන අර්ථයයි. දිවා ස්ථානවල රැස්වී කිසිවක් කථාකරන භික්ෂූන් දැක මොව්හු එකතුවී කතා කරති. මා විසින් කළ ක්රියාව දැන කතා කරත්දැයි මෙසේ සැක සහිත හැසිරිම වේ.
පටිච්ඡන්න කම්මන්තො සැඟවිය යුතු පව්කමකින් යුත්. අස්සමණො සමණ පටිඤ්ඤො අශ්රමණයෙක්ව. ශ්රමණ ප්රතිරූපතාවෙන් මම ශ්රමණයෙක්මියි මෙසේ ප්රතිඥාව. අබ්රහ්මචාරි බ්රහ්මචාරි පටිඤ්ඤො යනු අනිත් බ්රහ්මචාරීන් මනාව හැඳ පෙරවූ සකස් කළ පාත්ර ධර්ම ගම්නියම් ජනපද රාජධානිවල පිඬු පිණිස හැසිර දිවි ගෙවන්නන් දැක තෙමේ ද ඒ ආකාරයෙන් එසේ පිළිපදිනුයේ මම බ්රහ්මචාරින්ට පිළිණ දෙන්නේ මෙන් වේ. මෙම භික්ෂු යයි කියා උපොසථාදියට පිවිසෙන්නේ බ්රහ්මචාරි පළිණ වේමය. එසේම සංඝික ලාභය ගැනීමේදී. අන්තො පූති යනු අපිරිසිදු ක්රියාවෙන් ඇතුළට පිවිසි. ගුණ නැති බව හෝ ගුණසාර විරහිත බැවින් ඇතුළත අපිරිසිදු. අවස්සු තො යනු රාගාදියෙන් තෙත් වූ. කසම්බුජාතො යනු හටගත් රාගාදි කසල. එසේ නැතහොත් කසම්බු යනු තෙත කුණප සහිත කසට ජලය යයි කියනු ලැබේ. මේ සසුනේ දුස්සීලයා නම් පිළිකුල් බැවින් තෙත කුනප කසට ජලය හා සමානය. එසේ හෙයින් කසල මෙන් ඇතිවී යයි කසම්බු ජාතො වේ.
තස්ස න එවං හොති යන්න කුමක් හෙයින් නොවේද? යම්තැනක පිහිටීමෙන් රහත්බව ලැබීම හැකි වන්නේය. ඒ පිහිටීම බිඳුනු බැවින්. යම්සේ සැඩොල් ළමයෙකුට අසවල් ක්ෂත්රිය කුමාරයා රාජ්යයෙහි අභිෂේක කරන ලදැයි අසාද යම් කාලයක පසුව ඉපදී අභිෂේකයට පැමිණේ. ඒ කුලයෙහි පුතෙකුව නොඉපදුන බැවින් මෙසේ නොවේ. කවදා නම් මම ද ක්ෂත්රිය කුමාරයා මෙන් අභිෂේකයට පැමිණෙම්ද? එසේම දුස්සීලයෙකුට, අසවල් භික්ෂුව රහත් වූයේ යයි අසාද යම් සීලයක පිහිටියෙකු රහත්බවට පත්විය යුතුය. එය නොමැති වීමෙන් කවදා නම් මම ද ඒ සිල්වතා මෙන් රහත්බවට පැමිණෙන්නෙම් ද නම් මෙසේ නොවේ. අයං වුච්චති යනු මෙබඳු රූප වූ පුද්ගලයා රහත් බවට පැමිණීමේ ආසාව නැත්තේ නිරාස යයි කියනු ලැබේ.
තස්ස එවං හොති යනු කුමක් හෙයින්ද? යම්තැනක පිහිටීමෙන් රහත් බවට පැමිණීම හැකි වන්නේය. ඒ පිහිටීමෙන් ස්ථාවර වේ. යම්සේ සුජාත ක්ෂත්රිය කුමාරයෙකුට අසවල් ක්ෂත්රිය කුමාරයා රාජ්යයෙහි අභිෂේක කෙළේ යයි අසා පසුව යම්කිසි කුලයක ඉපිද අභිෂේකයට පැමිණේ. එහි පසු උපන් බැවින් මෙසේ වේ. කවදා නම් මම ද ඒ ක්ෂත්රිය කුමාරයා මෙන් අභිෂේකයට පැමිණෙන්නෙම්. එසේම සිල්වතෙක් අසවල් භික්ෂුව රහත්වූයේ යයි අසාම, යම් සීලයක පිහිටාම රහත්බවට පත්විය යුතුය. එහි පිහිටීමෙන් ස්ථාවර වී කවදා නම් මම ඒ භික්ෂුව මෙන් රහත්බවට පැමිණෙන්නෙම්ද මෙසේ වේ. අයං වුච්චති යනු එබඳු වූ මේ පුද්ගලයා ආසංස බලාපොරොත්තු වන්නා වූ යයි කියනු ලැබේ.