2. දුක නිද්දේස වර්ණනාව
දුක නිද්දේසයෙහි කොධනො යනු කිපෙනසුළු මහා ක්රෝධයයි. මෙසේ පුද්ගලයා විචාරා ද ධර්මයෙන් පුද්ගලයා දැක්වීම සඳහා තත්ථ කතමො කොධො යනාදිය කීහ. උපනාහි නිද්දේසාදියෙහි ද මෙම නයම වේ. කොධො කුජ්ඣනා යනාදිය යට කියන ලදමය. එසේම උපනාහි නිද්දේසයෙහි පුබ්බකාලං කොධො යනාදිය. අයං කොධො අප්පහීනො යනු මෙපමණ ක්රෝධය විෂ්කම්භන ප්රහානයෙන් හෝ තදංග ප්රහානයෙන් හෝ සමුච්ඡේද ප්රහානයෙන් හෝ අප්රහීනය. උපනාහ ආදියෙහි ද මෙම නයයි.
අහිරික නිද්දේසාදියෙහි ඉමිනා අහිරිකෙන යනු මෙයින් මේ ආකාර අහිරික ධර්මයෙන් යුක්ත වූ. අනොත්තප්පෙන යනාදියෙහි ද මෙම නයයි.
අජ්ඣත්ත සඤ්ඤොජනානි යන ආධ්යාත්ම බන්ධනයයි. බහිද්ධා සඤ්ඤොජනානි යනු බාහිර බන්ධනයයි. ඒ දෙකම වඩු මඩු උපමාවෙන් දැක්විය යුතුය. මඩුවේ බඳින ලද ඇතුළේම සයනය කරන වස්සකු මෙන් මෙහි සිටි සෝවාන් සකදාගාමීහු ඔවුන්ගේ බැඳුම මෙහිමය. ඇතුළේ බඳින ලද පිටත සයනය කරන වස්සකු මෙන් රූප අරූප භවවල සෝවාන් සකදාගාමීහු ඔවුන්ගේ බැඳුම මෙහිය. සයනය බඹලොවය. පිටත බඳනා ලද පිටත සයනය කළ වස්සකු මෙනි. රූපාරූප භවවල අනාගාමි ඔහුගේ බැඳීමද නිදීමද පිටත වේ. පිටත බඳිනා ලද ඇතුළේ සයනය කළ වස්සකු මෙනි. මෙහි අනාගාමියා, ඔහුගේ බැඳුම රූපාරූප භවවලය. සිටීම මෙහිය.
අක්කොධන නිද්දේසාදියෙහි පහීනො යනු විෂ්කම්භන ප්රහානයෙන් හෝ තදංග ප්රහානයෙන් හෝ සමුච්ඡේද ප්රහානයෙන් හෝ ප්රහීන වූ.
දුල්ලබ නිද්දේසයෙහි දුල්ලභා යනු සුලභ නොවේ. පුබ්බකාරී යනු පළමුවෙන්ම කරන්නා. කතවෙදී යනු කරන ලද්ද දනියි. දන්නා ලද්ද ප්රකට කරයි. ඔව්හු ආහාර අනාගාරවල දැක්විය යුතුය. ගිහිගෙයි වනාහි මව්පියෝ පූර්වකාරීහු වෙති. දූ පුත්තු මව්පියන් පෝෂණය කරන්නේ ඔවුන්ට අභිවාදනාදිය කරන්නේ කෘතවේදීහු වෙති. පැවිද්දෙහි ආචාර්ය උපාධ්යායෝ පූර්වකාරීහු නම් වෙති. අනෙතවාසික සද්ධිවිහාරිකයෝ ඇදුරු උවදුරුවලින් පෝෂණය කරන්නේ අභිවාදනාදිය කරන්නේ කෘතවේදීහු නම් වෙති. ඒවා ප්රකට කිරීම සඳහා උපාධ්යාය පෝසක සෝණ තෙරුන් ආදීන්ගේ කථාවස්තු කිවයුතුය.
තවත් න්යායක්: අන්යයන්ගේ උපකාර බලාපොරොත්තු නොවී ක්රියා කරන්නේ පුබ්බකාරී වේ. මව්පිය ඇදුරු උපාධ්යායවරුන් මෙනි. තෘෂ්ණා භරිත සතුන් අතුරෙහි හේ දුලබය. අන්යයන්ට කරන ලද උපකාර යට අනුරූප තමාට කරන උපකාර දන්නේ විඳින්නේ කතඤ්ඤු කතවෙදී වේ. මව්පිය ඇදුරු උවදුරුවලින් කෙරෙහි මෙනි. තෘෂ්ණාභරිත සත්ත්වයන් අතර මනාව පිළිපන් හේ දුලබය.
තවද කරුණු රහිතව ආදරය කරන්නේ පුබ්බකාරීය. කරුණු සහිත ආදරය කරන්නේ කතඤ්ඤුකතවේදීය. කළත් නොකළත් උපකාර, උදව් කරන්නේ පුබ්බකාරි වේ. සාපේක්ෂකාරි වන්නේ කතවේදිය. අඳුරෙන් එළියට යන්නේ පුබ්බකාරීය. එළියෙන් එළියට යන්නේ කතඤ්ඤු කතවේදීය. දෙවියන් සහිත ලෝකයෙහි අරහත් සම්යක් සම්බුද්ධයන් වහන්සේ පුබ්බකාරීයහ. ආර්ය ශ්රාවකයෝ කතඤ්ඤුකතවෙදීයහ. පළමුවෙන් උපකාර කරන්නා පුබ්බකාරි නම් දුක නිපාත අටුවාවේ එය ඔහු කළ එය දැන පසුව උපකාර කරන්නේ කතඤ්ඤුකතවේදීය. ඔවුනතරෙහි පුබ්බකාරී ණය දෙමි යයි සන් කරයි. ණය දිරවූයෙමි යයි පසුව ක්රියා කරන්නා සන් කරයි. මෙපමණක්ම කියන ලදී.