10. දසක නිද්දේස වර්ණනාව
දසක නිද්දේසයෙහි ඉධ කාමාවචර භූමියෙහි. කාමාවචර භූමියේ සත්තක්‍ඛත්තුපරමාදීන්ට කාමාවචර භූමියම නිෂ්ඨාව වේ. කාමාවචර බැවින්ම රහත්බවට පැමිණීම ද අනුපාදිසේස නිර්වාණයට පැමිණීම ද වේය යන අර්ථයයි.
ඉධ විහාය මෙහි කාමාවචර ආත්මභාවය හැර සුද්ධාත්ම භවයෙහි සිටියවුනට නිෂ්ඨාව වේයයි යන අර්ථයයි. අන්තරා පරිනිබ්බායි ආදීහු මෙහි අනාගාමි ඵලයට පැමිණ මෙයින් චුතව සුද්ධාවාසවල ඉපිද ඒ ආත්මභාවයෙන් අරහත්භාවයට ද අනුපාදිසේස පරිනිර්වාණ ධාතුවට ද පැමිණෙති. එයින් කියන ලදී. ඉමෙසං පඤ්චන්නං ඉධ විහාය නිට්ඨාති.
දසක නිද්දේසය නිමි.
නිගමන කථා
මෙපමණකින්ම:
ලොවැ අසම පුඟුල් පැණවුම
දෙසී තිදසාලයේ - හැකිළීමක් නොමැතිවම
අටුවාව ද එහී - සැකසූ හෙළදිව් බසින්
අටුවාවල ද ගම් - කිමිදී නිරවසේසෙන්
සුබෙදුණු නුමුසු වූ - ඒ ඒ තැනින් එමරුත්
එයින් ගෙන ඒවා - වැඩි විස්තර හැරදමා
සැකසූ විසුදු මගැ - නොගෙනම කියන ලද දේ
නැති කෙටි විතර වු - නයින් අටුවාවකි මේ
සතක්ම පමණ වූ - බණවරකින් පෙළබසින්
මවිසින්ම සකසන - තිර පැවතුමට දහමේ
සියුම් සිව සදහම් - එ පිණින් පැමිණ කුසලට
පිරිසිදු දහමැසින් - බලත්වා සැම සත්තුම
පුග්ගල පඤ්ඤත්තිප්පකරණ අත්‍ථවණ්ණනාව නිමි.