5-22. සඞ්කිලිට්ඨත්තිකාදිවණ්ණනා
සංකිලිට්ඨ සංකිලෙසි තිකයෙහි සියල්ල කුසලත්තිකයෙහි කියන ලද අනුසාරයෙන්ම දතයුතුය.
විතක්ක තිකයෙහි යථා කම්මූපග ඤාණයට පරිකර්ම යයි දිබ්බචක්ඛු පරිකර්මයම එය ඉපදීම සඳහා පරිකර්ම වේ. ඉපදීමෙන් පසු ජීවත්වන කාලයෙහි පරිකර්ම සඳහා මෙය කියන ලදි. මෙහි සෙස්ස පෙළෙහි මෙන් පැමිණේ.
පීති තිකයෙහි සුඛ සහගත භවංගං උපෙක්ඛා සහගතස්ස භවංගස්ස අනන්තර පච්චයෙන තදාරම්මණ භවංග මූල භවංගයන්ගේ වශයෙන් කියන ලදි. මෙහි සෙසු සියල්ල පෙළ වශයෙන්ම දතයුතුය.
දස්සන තිකයෙහි දස්සනෙන පහාතබ්බො රාගො උප්පජ්ජති යනාදියෙහි පෘථග්ජනයාගේ ඉපදීම දර්ශනයෙන් (දැකීමෙන්) පහකළ යුතුය. භාවනාවෙන් ප්රහාණය කළයුතුය. සෝවාන් වූ පුද්ගලයාගේ ද මෙසේ ඉහළට ඉහළට මිස පහළට පහළට නූපදින්නේ යයි දතයුතුය. දර්ශනයෙන් පහකළයුතු ධර්මය භාවනාවෙන් පළකලයුත්තට එකම පච්චයකින්වත් පච්චය නොවේ. මෙහි සෙස්ස පෙළ අනුගමනය කර කුසලත්තිකයෙහි කියන ලද ලක්ෂණ වශයෙන්ම දතයුතුය.
දස්සනයෙන් පහළ කළයුතු හෙතුත්තිකයෙහි දර්ශනයෙන් පහකළයුතු හේතුකාදියේ විභාගය අටුවා කාණ්ඩයෙහි කියන ලද නයින්ම දතයුතුය. විචිකිච්ඡා උද්ධච්ච සහගත මෝහය අහේතුක බැවින් තුන්වන පදයෙහි පිවිසියේය. මෙසේ මෙහි යමක් දර්ශන භාවනාවෙන් ප්රහාණය කිරීමට හේතු ඇත. ඒවා ප්රහාණය කළයුතු හේතුය. යමකට එය නැත. ඒවා දර්ශනයෙන් භාවනාවෙන් ප්රහාණය කළයුතු හේතුක නොවේයයි මේ ප්රහාණය කළයුතු හේතුක විභාගය දැන සෙස්ස දර්ශනයෙන් ප්රහාණය කළ බවෙහිද කුසලත්තිකයෙහි ද දක්වන ලද ලක්ෂණ අනුසාරයෙන් දතයුතුය.
ආචයගාමී තිකයෙහි ද ධර්මය සේක ධර්මයට කිසි පච්චයකින් පච්චය නොවේ. අසේකයට අනන්තර ප්රකෘති උපනිස්සය වේ. මෙහි සෙස්ස විසඳීම් වශයෙන් ද ගණන් වශයෙන් ද පෙළ අනුව පමුණුවයි.
සෙක්ඛ තිකයෙහි අසේක ධර්මය සේක ධර්මයට කිසි පච්චයකින් පච්චය නොවේ. සේක අසේකයට අනන්තර ප්රකෘති උපනිස්සය වේ. මෙහි සෙස්ස පෙළ අනුව පමුණුවයි. පරිත්ත තිකයෙහි ද එසේය.
පරිත්තාරම්මණ තිකයෙහි අප්පමාණා රම්මණා චෙතනා සේකයන්ගේ (හික්මෙන්නන්ගේ) ගෝත්රභූ (භවය අවසන් කරන) චේතනාව. ප්රතිසන්ධි කර්මය අරමුණුකොට පවතින චක්ඛු විඤ්ඤාණයද වශයෙන් රූපාදි අරමුණු තදාරම්මණ වශයෙන් ජවනයෙන් ගත් කුඩා අරමුණද අරමුණු කොට ඉපදුනවුන්ට ගෝත්රභූ සිතින් යම් ප්රතිසන්ධියක් නැතැයි කියති. ඒවා මේ සූත්රයෙන් ප්රතිසේධ කළයුතුය. මෙහි සෙස්ස පෙළින්ම දතයුතුය. හීනත්තිකය සංකිලිට්ඨත්තිකයට සමානය.
මිච්ඡත්තිකයෙහි නියත මිථ්යාව සම්මත නියතට, සම්මත නියමයෙන් හෝ නියත මිථ්යාවට කිසියම් පච්චයකින් පච්චය නොවේ. නියත මිථ්යාව හෝ නියත සම්මතයට හෝ සහජාතාධිපති රහිතව නම් නැත. නියත සම්මතයෙහි ඒකාන්තයෙන් ආරම්මණ පුරෙජාතය නැත. නියත මිථ්යාවෙහි ආරම්මණ පුරේජාත ඇත. අනියත සිත අරබයා නියත මිච්ඡාදිට්ඨි උපදින්නේ ය. සෙසු නියත අරබයා නියත නූපදී. නියත මිථ්යාව ගරුකොට කිසි ධර්මයක් නූපදී. කුසලය මිථ්යාවට උපනිස්සය පච්චය නොවේ. මෙහි සෙස් පෙළෙහි කී නයින් දතයුතුය.