2. දුක පට්ඨාන වර්ණනාව
දුක පට්ඨානයෙහි ද සියළු දුකවල ප්‍රශ්න විසඳීම් ද ගණන ද පෙළෙහි ආ නයින්ම දතයුතුය. එසේ වුවද මෙහි සහේතුක හේතු සම්පයුත්ත දුකවල විසඳීම හේතුදුක විසඳීම හා සමානය. හේතුචෙව සහේතුක හේතුචෙව හෙතු සම්පයුත්ත දුකවල ද එසේය. සප්පච්චය සංඛත දුකවල ද එසේය. මේ දුක සප්පච්චය දුක මෙන් කළයුතුය. මෙය යම් හෙයකින් සප්පච්චය මෙන් අප්පච්චයෙන් සංඛතය ද අසංඛතය සමග යෙදීම නො ලබයි. එහෙයින් කියන ලදි. අරමුණු සහිත චිත්ත සම්ප්‍රයුක්ත සංසට්ඨ දුකද සමාන විසඳුම් වේමය. එසේ ආසව ඕඝ යෝග පොකුර. මේ තුන ඔවුනොවුන් සමාන විසඳුම් වේ. තව ද ලෞකික සාශ්‍රව සංයෝජනිය ගත්‍ථනිය නීවරණීය පරමට්ඨ සංකිලෙසික දුක ආසව විප්පයුත්ත සාශ්‍රව සංයෝජන විප්පයුත්ත සංයෝජනීය ගන්‍ථ විප්පයුත්ත ගන්‍ථනීය නීවරණ විප්පයුත්ත නීවරණීය පරාමාස විප්පයුත්ත පරාමට්ඨ කිලෙස විප්පයුත්ත සංකිලෙසික පරියාපන්න උත්තර දුකද මේ දුක සමානය.
කිලෙස දුක සංයෝජන දුකට සමානය. සංකිලිට්ඨ කිලෙස සම්පයුත්ත නීවරණ සම්පයුත්ත දර්ශනයෙන් ප්‍රහාණය කළයුතු සරණ දුක ද සමානය. එසේම කිලෙසද සංකිලිට්ඨ නීවරණ මෙන්ම නීවරණ සම්පයුත්ත කෙලෙසද කෙලෙස් සම්පයුත්ත දුක. මෙම නයින් සියල්ලේ අර්ථය වශයෙන් සමාන දුකයන්ගේ විසඳුම් සමාන වේමයයි දතයුතුය. සියළු පට්ඨානයේ පැමිණවිය යුතු දුකක් නොලැබේ. ආශ්‍රව මෙන්ම ආශ්‍රව සම්ප්‍රයුක්ත සංයෝජන මෙන්ම සංයෝජන සම්ප්‍රයුක්ත ග්‍රන්ථ මෙන්ම ග්‍රන්ථ සම්ප්‍රයුක්ත නීවරණ මෙන්ම නීවරණ සම්ප්‍රයුක්ත කෙලෙස් මෙන්ම සංකිලිට්ඨදැයි මෙබඳු දුකවල විපාක පච්චය මෙන්ම නා නා ක්‍ෂණික කම්ම පච්චය ද නොලබයි. න හෙතු සහෙතුක න හෙතු අහේතුකවල හේතු පච්චය නැත. හේතු මෙන්ම හේතු සම්ප්‍රයුත්තද ආශ්‍රව මෙන්ම ආශ්‍රව සම්පයුත්තව ග්‍රන්ථ මෙන්ම ග්‍රන්ථ සම්පයුත්තදැයි මේ දුකවල නහේතු ඣාන මග්ග නොලබයි. සංයෝජන මෙන්ම සංයෝජන සම්පයුත්තද නීවරණ මෙන්ම නීවරණ සම්පයුත්තද කෙලෙස් මෙන්ම සංකිලිට්ඨදැයි මේවායෙහි වනාහි විචිකිච්ඡා උද්ධච්ච සහගතයට මෝහයේ වශයෙන් න හේතු පච්චය ලබයි. න ඣාන මග්ග පච්චය නොලබයි. මෙසේ සියළු දුකවල ලැබෙන නොලැබෙන පරීක්‍ෂා කොට පෙළ වශයෙන්ම වාර ගණන දතයුතුය.
දුක පට්ඨාන නිමි.
3. දුක තික පට්ඨාන වර්ණනාව
දුකතික පට්ඨානයෙහි හෙතුං කුසලං ධම්මං පටිච්ච හෙතු කුසලො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා මෙසේ ප්‍රශ්න පමණක් ඉදිරීම් වශයෙන් සංක්‍ෂේපයෙන් දේශනා කරන ලදි. කුසලං අලොභං පටිච්ච අදොසො අමොහො යනාදි නයින් විස්තර කළයුතු වන්නේය. එය යට දක්වන ලද නයින් හැකිවේ. නොකියන ලද්ද දැනගැනීමට එක් පදයක් ද එක් පච්චයක් හෝ නොකියන ලදි. සංක්‍ෂේපයෙන් යම් දේශනාවක් කරන ලද්දේද එය මෙසේ කරන ලදැයි දතයුතුය. හේතු දුක සමග කුසල පද යොදා පටිච්ච වාරයෙහි අනුලෝමයේද පච්චනීයේ ද වශයෙන් සියළු ලැබෙන පච්චයන් දක්වන ලදි. අනුලෝම පච්චනීය පච්චනීය අනුලෝම නය ද සහජාත වාරාදිය ද නො දක්වන ලදි. හුදෙක් පටිච්ච වාරෙ සදිසංයෙව විත්‍ථාරෙ තබ්බං යයි කියන ලදි. ප්‍රශ්න වාරයෙහි ප්‍රශ්න නො විසඳා හුදෙක් ප්‍රශ්න ඉදිරීම් පමණක් කොට අනුලෝම පච්චනීය වශයෙන්ම ලැබෙන පච්චය දක්වන ලදි. යථා ච කුසල පදං එවං අකුසල අබ්‍යාකත පදානිපි හෙතු දුකෙන සද්ධිං යොජෙතබ්බා හෙතු කුසල දුකතිකං නිද්දිසිතබ්බං යයි කියන ලදි.