5. සංසට්ඨවාර වර්ණනාව
සංසට්ඨ වාරයෙහි කුසලං ධම්මං සංසට්ඨො කුසල ධර්ම ඒක උප්පාද ලක්‍ෂණයෙහි සම්ප්‍රයෝග අර්ථයෙන් පච්චය කොට යයි අර්ථය වේ. කුසලං එකං ඛන්‍ධං සංසට්ඨො කුසලය එක් ස්කන්ධයක් සම්ප්‍රයුක්ත පච්චය කොට ස්කන්ධ තුනක් උපදී. හේතු පච්චය යයි කියන ලදි. මේ උපායෙන් සියළු පදවල අර්ථය දතයුතුය. මේ හේතු පච්චයෙහි අරූප ධර්මයම සම්ප්‍රයෝග අර්ථයෙන් පච්චය කොට ප්‍රශ්න තුනක් විසඳන ලදි. හේතු පච්චයෙහි මෙන් ආරම්මණ පච්චයාදියෙහි ද කේවල වූ විපාක පච්චයෙහි එකම විසඳුමකි.
දැන් ලැබූ විසඳීම් ගණන් වශයෙන් දැක්වීමට හෙතුයා තීණි යනාදිය කියන ලදි. එහි සියළු තිකවල කුසලෙන කුසලං, අකුසලෙන අකුසලං, අබ්‍යාකතෙන අබ්‍යාකතං යන මේ නියමයම වේ. ඒකකයෙහි වනාහි අබ්‍යාකතයෙන් අබ්‍යාකතම ලබයි. මෙසේ මෙහි දෙවිසි පච්චයේ තුන, විපාකයෙහි එක, පරිච්ඡේද දෙකකි. පච්ඡාජාතයෙහි අනුලෝම නැත. එහෙයින් තුන, එක යයි මේවායේ වශයෙන් දුක තිකවලද පච්චය සැසඳීමෙන් විපාක පච්චය පිවිසේ. එහි එක සෙස්සෙහි තුන යයි මෙසේ ගණන දතයුතුය. මෙහි සෙස්ස අනුලෝමයෙහි කියන ලද අර්ථම වේ.
පච්චනීයෙහි වනාහි කුසල නොලැබේ යයි අකුසලම මුල්කොට විසඳීම කරන ලදි. එය නොගැඹුරු අරුත් වේ.
මෙහි පච්චනීයෙහි යම් විසඳුම් පරිච්ඡේද ගණනින් දැක්වීමට න හෙතුයා ද්වෙ යනාදිය කියන ලදි. එහි දෙක තුන එක යයි පරිච්ඡේද තුනකි. ඒවායේ වශයෙන් දුක තිකාදියෙහි පච්චය සැසඳීමෙන් ඌනතර ගණනම ලබයි. සම ගණන සමග සම ගණන. යම්සේ මෙහි අරූප ධම්ම පච්චයුප්පන්න ද එහෙයින් න හෙතු, නාධිපති, න පුරෙජාත, න පච්ඡාජාත, නා සේවන, න කම්ම, න විපාක, නඣාන, නමග්ග, න විප්පයුත්ත වශයෙන් පච්චය දහයක්ම පච්චනීක වශයෙන් දක්වන ලදි. සෙසු තුදුස නොලබයි.
න හෙතු පච්චයා නාධිපතියා ද්වෙ න හේතුවෙන් දෙකම ලැබී. සෙසු ද්වයවලද මෙම නය වේ. න කම්මෙ එකං අහේතුක කිරිය චේතනා පච්චයුප්පන්න කොට අබ්‍යාකතයෙන් අබ්‍යාකතය වේ. න විපාකෙ ද්වෙ අහේතුක මෝහ කිරිය වශයෙන් දෙකක්. න ඣානෙ එකං අහේතුක පඤ්චවිඤ්ඤාණ වශයෙන් අබ්‍යාකත විසඳුම දතයුතුය. න මග්ගෙ එකං අහේතුක විපාක කිරිය වශයෙන් අබ්‍යාකත විසඳුම. මේ උපායෙන් සියළු සැසඳීම්වල අර්ථය දතයුතුය.
පච්චනිය නිමි.
අනුලෝම පච්චනීයෙහි යට කී න හෙතු ආදිය පච්චනීයෙහි දහයක්ම ලබයි. සෙස්ස නොවේ. යමක් ලබයිද ඒවායෙහි හේතුවේ. අනුලෝම වශයෙන් සිටි ඣාන මාර්ග පච්චනීයෙන් නොලබා යයි සියල්ල යට කියන ලද නයින්ම දතයුතුය.
අනුලෝම පච්චනීය නිමි.
පච්චනීයානුලෝමයෙහි න හෙතු පච්චයුප්පන්නවල අහේතුක මෝහයම ඣාන මග්ග පච්චය ලබයි. සෙස්ස නො ලබයි. න ඣාන පච්චයෙහි අට අහේතුක සිත් ද. න කම්ම නහෙතු නාධිපති න පුරෙජාත පච්චයා ආරම්මණෙ එකං ආරුප්පයෙහි අහේතුක කිරිය චේතනා වශයෙන් අබ්‍යාකතයෙන් අබ්‍යාකත. මේ උපායෙන් යමක් ලබාද යමක් නොලබාද එය වශයෙන් සියළු තැන ගණන් දතයුතුය.