2. සහජාත වාර වර්ණනාව
සහජාත වාරයෙහි කුසලං ධම්මං සහජාතො යයි කුසල ධර්ම නිසා එයින් සහජාත වී යයි අර්ථය වේ. මෙහි සෙස්ස පටිච්ච වාරයෙහි කියන ලද නයින්ම දතයුතුය. අවසානයෙහි වනාහි පටිච්චට්ඨං නාම සහජාතට්ඨං සහජාතට්ඨං සහජාතට්ඨං නාම පටිච්චට්ඨං මේ දෙකම මේවායේ වාරවල අර්ථ වශයෙන් වෙනසක් නැති බව දැක්වීම සඳහා කියන ලදි. අර්ථ වශයෙන් මේ දෙකෙහිම වෙනසක් නැති බව පැවතුනද ඔවුනොවුන්ගේ අර්ථ නියාමය සඳහා කියන ලදි. ‘චක්ඛුඤ්ච පටිච්ච රූපෙච’ ආදියෙහි අසහජාතද නිසා උපදී යයි කියයි. සහජාතද උපාදාරූපය භූත රූපයට පච්චය නොවේ. මෙසේ පටිච්ච වාරයෙන් සහජාත පච්චයභාවය මේ දෙකෙහිම කියන ලදි. තවද එසේ අවබෝධ කරන්නන්ගේ අදහස් වශයෙන් දේශනා විලාසයෙන් නිරුක්ති පටිසම්භිදා ප්රභේද දැනීම් වශයෙන්දැයි මේ දෙකම කියන ලදි.
සහජාත වාර වර්ණනාව නිමි.
3. පච්චය වාර වර්ණනාව
පච්චය වාරයෙහි කුසලං ධම්මං පච්චයා කුසල ධර්මයෙහි පිහිටා කුසලා ධර්ම නිස්ස අර්ථයෙන් පච්චය කොට යන අර්ථයයි. කුසලං එකං ඛන්ධං පච්චයා කුසලය එක් ස්කන්ධයකට නිස්සය පච්චය කොට හේතු පච්චයෙන් ස්කන්ධ තුනක් උපදී යයි කියන ලද්දේ වේ. මෙම උපායෙන් සියළු පදවල අර්ථය දතයුතුය. වත්ථුං පච්චයා විපාකාබ්යාකතා කිරියාබ්යාකතා ඛන්ධා මෙය පංචවෝකාරයේ පැවතීම් වශයෙන් කියන ලදි. පංචවෝකාරයෙහි පවතින ස්කන්ධයන්ගේ පුරේජාතය වත්ථු නිස්සය පච්චය වේ. පටිච්ච අර්ථයෙහි වනාහි සහජාත අර්ථබව පටිච්ච වාරයෙහි මේ නය නොලැබේ යයි පටිසන්ධියෙහි සහජාතයම වත්ථු සඳහා වත්ථු ස්කන්ධ යයි කියන ලදි. කුසලං එකං ඛන්ධංච වත්ථුංච පච්චයා තයො ඛන්ධා යනාදියෙහි ද මෙම නයින්ම අර්ථය දතයුතුය.
අබ්යාකතං ධම්මං පච්චයා කුසලො ච අබ්යාකතොච කුසල අබ්යාකතවල හේතුපච්චය වශයෙන් එකට උපත සඳහා කියන ලදි. කුසල උත්පත්ති ක්ෂණයෙහි වස්තුව නිසා කුසල ස්කන්ධ චිත්ත සමුට්ඨාන මහාභූතයන් නිසා චිත්ත සමුට්ඨාන උපාදා රූපය හේතුපච්චය වශයෙන් එකට උපදී. මෙසේ පච්චය භූත වූ අබ්යාකතයට නානත්ත ද පච්චයුප්පන්න සත්ත හේතුපච්චය වශයෙන් එකට උපත සඳහාම මෙය කියන ලදැයි දතයුතුය. අන්ය වූ මෙබඳු තැන්වල මෙම නයම වේ. මෙසේ මේ හේතුපච්චයෙහි සහජාත ද පුරේජාත ද නිස්සය අර්ථයෙන් පච්චය කොට ප්රශ්න දාහත විසඳන ලදි. එහි ස්කන්ධ ද භූත ද සහජාත වශයෙන්, වත්ථු සහජාත පුරේජාත වශයෙන් ගන්නා ලදි. පටිච්ච වාරයෙහි වනාහි සහජාත වශයෙන් පච්චය ලබයි. එහෙයින් එහි ප්රශ්න නවයම විසඳන ලදි. යමෙක් මෙහි මේ සතළොස් ප්රශ්න විසඳන ලදද ඒවායෙහි ඒකාදික ඒකාවසාන විසඳීමේ කුසලාදියෙහි ඒක පච්චය බැවින් එක් පච්චයුප්පන්නයෙක් වේ. ඒකාදික දුකාවසානයේ එක් පච්චයකින් නා නා පච්චයුප්පන්න වේ.
ආරම්මණ පච්චයාදියෙහි ද මෙම උපායෙන් ප්රශ්න විසඳුම් ප්රභේදය දතයුතුය. ආරම්මණ පච්චයෙහි ඒ මේ වත්ථුං පච්චයා ඛන්ධා යයි කියන ලදි. එය ප්රතිසන්ධි ක්ෂණයෙහි විපාක ස්කන්ධයම සඳහා කියන ලදි. චක්ඛු විඤ්ඤාණ ආදිය අබ්යාකත නිසා ආරම්මණ පච්චයෙන් උපදින්නන්ගේ ප්රභේද දැක්වීම සඳහා කියන ලදි. නැවත වත්ථුං පච්චයා යයි ප්රවෘත්ති විපාක කිරිය අබ්යාකතවල උත්පත්ති දැක්වීමට කියන ලදි. සෙස්ස පෙර නයින්ම දතයුතුය. මේ මේ ආරම්මණ පච්චයෙහි සහජාත ද පුරේජාත ද පච්චය කොට ප්රශ්න සත විසඳන ලදි. එහි ස්කන්ධ සහජාත වශයෙන් වත්ථු සහජාත පුරේජාත වශයෙන් චක්ඛායතනාදිය පුරේජාත වශයෙන්ම ගන්නා ලදි. පටිච්ච වාරයෙහි සහජාත වශයෙන්ම පච්චය ලබයි. එහෙයින් එහි ප්රශ්න තුනක්ම විසඳන ලදි.
අධිපති පච්චයෙහි විපාක අබ්යාකත ලෝකෝත්තරම දතයුතුය. අනන්තර සමනන්තර අරූපභාවයෙන් ආරම්මණය හා සමානය. පසුව ආසේවන නත්ථි විගතවලද මෙම නයම වේ.
සහජාත පච්චයෙහි කටත්තා රූපං උපාදා රූපං යයි කියන ලද උපාදා රූප කටත්තා රූප වේ. මෙය අසඤ්ඤ සත්ත්වයින්ගේම රූපය සඳහා කියන ලදි. චක්ඛායතනාදිය පංචවෝකාර වශයෙන් කියන ලදි.