පච්චනීයානුලොමවණ්ණනා
දැන් පච්චනියානුලෝමය වේ. එය දැක්වීමට සියා කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උප්පජ්ජෙය්ය න හෙතුපච්චයා යනාදි අරඹන ලදි. එහි අනුලෝම පච්චනීය විමසුම්වලින් සමර්පණය කරනු ලබන විමසීම් පිරිසිඳීය. මෙහි ඒකමූලකාදී යම් විමසුමක් නො ආවේද ඒ සියල්ල යට කියන ලද නය අනුසාරයෙන්ම දතයුතුය.
තිකඤ්ච පට්ඨානවාරං........ඡ පච්චනීයානුලොමම්හි නයා සුගම්භිරො මෙහි ද ධම්ම පච්චනීයානුලෝමය පච්චයපච්චනීයානුලෝමය යන පච්චනීයානුලෝම දෙක යට කියන ලද නයින්ම වේ. එහි ‘කුසලා ධම්මා’ යයි මෙසේ අභිධර්ම මාතෘකා පදවලින් සංගෘහීත ධර්මවල න කුසලං ධම්මං න කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො යයි පච්චනීයානුලෝම දේශනා වශයෙන් පැවතියේ ධම්මපච්චනීයානුලෝම නම් වේ. න හෙතු පච්චයා ආරම්මණ පච්චයා යයි සූවිසි ප්රත්යවල ලැබෙන පදයන්ගේ පච්චයපච්චනීයානුලෝම දේශනා වශයෙන් පැවතියේ පච්චය පච්චනීලෝම නම් වේ. එහි යට අටුවාවෙහි ‘තිකඤ්ච පට්ඨානවරං.......ඡ පච්චනීයානුලොමම්හි නයා සුගම්භිරා’ යන මේ ගාථාව ධම්මපච්චනීයානුලෝමය සඳහා කියන ලදි. මෙහි වනාහි මේ ගාථාව ධම්මානුලෝමයෙහිම පච්චයපච්චනීයානුලෝමය සඳහා කියන ලදි. එහෙයින් ‘පච්චනීයානුලෝම නය සය සුගැඹුරු’ යයි අටුවා කථාවේ ධම්මපච්චනීයානුලෝමයෙහි තික පට්ඨාන ආදිය නය සය සුගැඹුරු යයි මෙසේ අර්ථය දතයුතුය. මෙම ඕකාසයෙහි ‘න හෙතුපච්චයා ආරම්මණ පච්චයා’ යයි මෙසේ පැවති පච්චය පච්චනීයලෝමයෙහි මෙම ධම්මානුලෝමයෙහිම තික පට්ඨාන ආදිය නය සය සුගැඹුරු යයි මෙසේ අර්ථය දතයුතුය.
ඒවායින් අනුලෝම පට්ඨානයෙහිම කුසලත්තිකය පමණක්ම වශයෙන් මෙය මෙම පටිච්ච වාරයේ පණ්ණත්ති වාරයෙහි හකුළුවා විමසීම් ප්රභේද දක්වන ලදි. සෙසු තිකවල සහ සෙසු පට්ඨානවල ද එකම විමසීමක්වත් නො දක්වන ලදි. ඉන්පසු වනාහි සහජාතවාරාදියෙහි කුසලත්තික වශයෙන් ම විමසීම නො උදුරා ලැබීම් වශයෙන් විසඳීමම දක්වන ලදි. ‘ඡ පච්චනීයානුලොමම්හි නයා සුගම්භිරා’ යන වචනයෙන් මෙම පච්චයපච්චනීයානුලෝමයෙහි මේ පට්ඨාන නය සය විමසීම් වශයෙන් උදුරා දැක්විය යුතුය. පට්ඨානය වර්ණනා කරන්නා වූ ආචාර්යවරුන්ට මෙය භාර වේ.
පණ්ණත්තිවාර වර්ණනාව නිමි.
1. කුසලත්තික වර්ණනාව
1. පටිච්ච වාර වර්ණනාව
1. පච්චයානුලෝම වර්ණනාව
1. (1:) විභඞ්ගවාරො
දැන් මේ පණ්ණත්ති වාරයෙහි කුසලත්තිකය නිසා හේතු පච්චයාදි වශයෙන් එකුන්පනස් ආදිකොට නය මාත්රය දක්වන්නාහු විසින් අප්රමාණ පුච්ඡාවක් (විමසීම්) දක්වන ලදි. එහි කුසල අකුසල ආදින්ගේ එකට ඉපදීමේ අභාවයෙන් යම් විමසීමක ‘කුසල ධර්ම නිසා හේතුප්රත්යයෙන් අකුසල ධර්ම ඉපදේ’ යයි මෙසේ විසඳුමක් නොලැබේ. එය හැර යම් විසඳුමක් ලැබේ ද එයම විසඳීමට මේ කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා යනාදි නයින් පටිච්චවාරයේ නිද්දේස වාරය අරඹන ලදි.
එහි ඉදින් මේ හේතුපච්චයාදි වශයෙන් එකුන් පනසක් පුච්චා (විමසීම්) හැම අතින් විසඳුම නොලැබේ. ඉක්බිති කුමක් දක්වන ලදද? යමක් ලැබේ නම් එයම දැක්විය යුතුද? එසේම දැක්විය යුතු වේ. එසේ දක්වනු ලබන්නේ වනාහි සියළු තික දුක පට්ඨාන ආදියෙහි එක එක තිකයෙහි, දුකෙහි, දුක තිකයෙහි, තික දුකයෙහි, තික තිකෙහි, දුක දුකෙහි ද සංක්ෂේප නොකොට දැක්විය යුතුම වන්නාහ. කුමක් හෙයින්ද? යම්හෙයකින් යමක් කුසලත්තිකයෙහි ලබයිද එයම වෙදනාතත්තාදියෙහි ධම්මානුලෝම පච්චනීයෙහි ද තික පට්ඨානයෙහි විතක්ක තික පීති තිකයන්ගේ විසඳීමෙහි මේ සියළු විසඳීම නො ලබයි. එහෙයින් උත්කෘෂ්ඨ පරිච්ඡේදයෙන් එක එක තිකයෙහි යම් පමණ විමසීම් ප්රමාණයක් විය යුතුද, ඒ සියල්ල කුසලත්තිකයෙහි දක්වන ලදි. මෙසේ දක්වන ලද ඒවායෙහි යම් විසඳුමක් නො ලැබේ ද, එය හැර යමක් ලැබේද එය කියනු ලැබීමෙන් පහසුවෙන් දැන ගැනීමට හැකිවේද, පහසුවෙන් දැනගැනීම සඳහා සියල්ල කුසලත්තිකයෙහි දක්වන ලදි. යම් විසඳුමක් නොලැබේද, එය හැර යම් විසඳුමක් ලැබේද එයම විසඳුම යයි දතයුතුය.