අනුලොමපච්චනීයවණ්ණනා
දැන් අනුලෝම පච්චනිය වේ. එය දැක්වීමට සියා කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උප්පජ්ජෙය්‍ය හෙතුපච්චයා න ආරම්මණ පච්චයා යනාදිය අරඹන ලදි. එහි හෙතුපච්චයා න ආරම්මණ පච්චයා........හෙතු පච්චයා න අධිපති පච්චයා යයි හේතු පදයේ සෙසු තෙවිසි පච්චයවල එක එක සමග යෙදීම් වශයෙන් හේතු පද ආදි ඒකමූලකයෙහි තෙවිසි අනුලෝම පච්චය වේ. ඒවායේ එක එකෙහි එකුන් පනසක් කොට එක්දහස් එකසිය විසිහතක් විමසීම් වේ. දුමූලකයෙහි වනාහි හේතුආරම්මණ පදයන්ගේ සෙසු දෙවිසි පච්චයවල එක එක සමග යෙදීම් වශයෙන් දෙවිසි අනුලෝම පච්චනීය වේ. මෙසේ අනුලෝමයෙහි කියන ලද සියළු ඒකමූලකාදියෙහි එක එක පදය පිරිහෙළා අවසේස වූවන්ගේ වශයෙන් විමසීම් ගණන දතයුතුය. මෙහි ඒක මූලකාදියෙහි යම් විමසීමක් පෙළෙහි ආවා වූ හෝ නො ආවා වූ හෝ ඒ සියල්ල යට කියන ලද අනුසාරයෙන් දතයුතුය.
තිකඤ්ච පට්ඨාන වරං..........ඡ අනුලෝම පච්චනීයම්හි නයා සුගම්භිරා මෙහි වනාහි යට කියන ලද නයින්ම අනුලෝම පච්චනීය දෙක:- ධම්මානුලෝමපච්චනීය, පච්චයානුලෝමපච්චනීය ද වේ. එහි ‘කුසලා ධම්මා’ යයි මෙහි අභිධම්ම මාතෘකා පදවලින් සංගෘහීත ධර්මයන්ගේ කුසලං ධම්මං පටිච්ච න කුසලො ධම්මො යයි අනුලෝමපච්චනීය දේශනා වශයෙන් පවතින්නේ ධම්මානුලෝමපච්චනීය නම් වේ. හෙතු පච්චයා න ආරම්මණ පච්චයා යයි මෙසේ සූවිසි පච්චයවල ලබන පදයන්ගේ අනුලෝම පච්චනීය දේශනා වශයෙන් පච්චයානුලෝමපච්චනීය නම් වේ. එහි යට අට්ඨකථාවේ තිකඤ්ච පට්ඨානවරං........ඡ අනුලෝමපච්චනීයම්හි නයා සුගම්භිරා මේ ගාථාව ධම්මානුලෝමපච්චනීය සඳහා කියන ලදි. මෙහි වනාහි මේ ගාථාව ධම්මානුලෝමයෙහි ම පච්චයානුලෝමපච්චනීය සඳහා කියන ලදි. එහෙයින් ඡ අනුලෝමපච්චනීයම්හි නයා සුගම්භිරා යයි අටුවා ගාථාව ධම්මානුලෝමපච්චනීයෙහි තිකපට්ඨානාදිය නය සය සුගැඹුරු යයි මෙසේ අර්ථය දතයුතුය. මේ ඕකාසයෙහි වනාහි ‘හේතු පච්චයා නාරම්මණ පච්චයා’ යයි මෙසේ පවත්නා පච්චයානුලෝම පච්චනීයෙහි මේවා ධම්මානුලෝමයෙහි ම තික පට්ඨානාදිය නය සය සුගැඹුරු යයි මෙසේ අර්ථය දතයුතුය.
ඒවා අතර අනුලෝම තික පට්ඨානයෙහිම කුසලත්තික මාත්‍ර වශයෙන් මෙය පටිච්ච වාරයේ පණ්ණත්ති වාරයෙහි සංක්‍ෂේප කොට විමසීම් ප්‍රභේදය දක්වන ලදි. සෙසු තිකවල සෙසු පට්ඨානවලද එකද විමසුමක් නොදක්වන ලදි. ඉන්පසුව සහජාත වාරාදියෙහි කුසලත්තික වශයෙන් විමසීම් නො උදුරා ලැබීම් වශයෙන් විසඳුමම දක්වන ලදි. ‘අනුලෝමපච්චනීය නය සය සුගැඹුරු’ යයි වචනයෙන් මේ පච්චනියානුලෝමපච්චනීයෙහි මේ පට්ඨාන නය සයද විමසීම් වශයෙන් උදුරා දැක්විය යුතුය. පට්ඨානය වර්ණනා කරන්නා වූ ආචාර්යවරයන්ට මෙය භාරය.
පච්චනීයානුලොමවණ්ණනා
දැන් පච්චනියානුලෝමය වේ. එය දැක්වීමට සියා කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උප්පජ්ජෙය්‍ය න හෙතුපච්චයා යනාදි අරඹන ලදි. එහි අනුලෝම පච්චනීය විමසුම්වලින් සමර්පණය කරනු ලබන විමසීම් පිරිසිඳීය. මෙහි ඒකමූලකාදී යම් විමසුමක් නො ආවේද ඒ සියල්ල යට කියන ලද නය අනුසාරයෙන්ම දතයුතුය.
තිකඤ්ච පට්ඨානවාරං........ඡ පච්චනීයානුලොමම්හි නයා සුගම්භිරො මෙහි ද ධම්ම පච්චනීයානුලෝමය පච්චයපච්චනීයානුලෝමය යන පච්චනීයානුලෝම දෙක යට කියන ලද නයින්ම වේ. එහි ‘කුසලා ධම්මා’ යයි මෙසේ අභිධර්ම මාතෘකා පදවලින් සංගෘහීත ධර්මවල න කුසලං ධම්මං න කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො යයි පච්චනීයානුලෝම දේශනා වශයෙන් පැවතියේ ධම්මපච්චනීයානුලෝම නම් වේ. න හෙතු පච්චයා ආරම්මණ පච්චයා යයි සූවිසි ප්‍රත්‍යවල ලැබෙන පදයන්ගේ පච්චයපච්චනීයානුලෝම දේශනා වශයෙන් පැවතියේ පච්චය පච්චනීලෝම නම් වේ. එහි යට අටුවාවෙහි ‘තිකඤ්ච පට්ඨානවරං.......ඡ පච්චනීයානුලොමම්හි නයා සුගම්භිරා’ යන මේ ගාථාව ධම්මපච්චනීයානුලෝමය සඳහා කියන ලදි. මෙහි වනාහි මේ ගාථාව ධම්මානුලෝමයෙහිම පච්චයපච්චනීයානුලෝමය සඳහා කියන ලදි. එහෙයින් ‘පච්චනීයානුලෝම නය සය සුගැඹුරු’ යයි අටුවා කථාවේ ධම්මපච්චනීයානුලෝමයෙහි තික පට්ඨාන ආදිය නය සය සුගැඹුරු යයි මෙසේ අර්ථය දතයුතුය. මෙම ඕකාසයෙහි ‘න හෙතුපච්චයා ආරම්මණ පච්චයා’ යයි මෙසේ පැවති පච්චය පච්චනීයලෝමයෙහි මෙම ධම්මානුලෝමයෙහිම තික පට්ඨාන ආදිය නය සය සුගැඹුරු යයි මෙසේ අර්ථය දතයුතුය.