පච්චයපච්චනීයවණ්ණනා
දැන් පච්චනීය වේ. එය දැක්වීමට සියා කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උප්පජ්ජෙය්ය න හෙතු පච්චයා යනාදිය අරඹන ලදි. එහි අනුලෝම විමසීම්වලින් සමර්පණය කරන්නා වූ විමසීම් පිරිසිඳීමය. එහෙයින්ම මෙහි අනුලොමෙ හෙතුපච්චයො විත්ථාරිතො එවං පච්චනියෙපි න හෙතු පච්චයො විත්ථාරෙතබ්බො යයි කියා නැවත අවසානයෙහි යථා අනුලොමෙ එකෙකස්ස පදස්ස එකමූලං දුමූලං තිමූලං චතුමූලං යාව තෙවීසති මූලකං එවං පච්චනියෙපි විත්ථාරෙ ත්වං යයි කියන ලදි. තෙවිසි මූලකයෙහි මෙහි මෙය දුමූලකය සඳහාම කියන ලදි. අවසානයෙහි වනාහි සබ්බමූලක සූවිසි මූලකයද වේමය. ඒ සියල්ල සංක්ෂේපම වේ.
තිකඤ්ච පට්ඨානවරං....... ඡ පච්චනියම්හි නයා සුගම්භිරා යයි මෙහි ද ධම්ම පච්චනිය ද පච්චය පච්චනි පච්චනිය දැයි දෙකක් වේ. එහි කුසලා ධම්මා යයි මෙසේ අභිධර්ම මාතෘකා පදවලින් සංගෘහිත වූ ධර්මයන්ගේ න කුසලං ධම්මං පටිච්ච න කුසලො ධම්මො යයි පච්චනිය දේශනා වශයෙන් පැවතියේ ධම්ම පච්චනිය නම් වේ. න හෙතු පච්චයා නාරම්මණ පච්චයා යයි මෙසෙ සූවිසි පච්චයන්ගේ පච්චනිය දේශනා වශයෙන් පැවතියේ පච්චය පච්චනිය නම් වේ. එහි යට අටුවා කථාවේ තිකඤ්ච පට්ඨාන වරං.......ඡ පච්චනියම්හි නයා සුගම්භිරා මේ ගාථාව ධම්ම පච්චනිය සඳහා කියන ලදි. මෙහි වනාහි මේ ගාථාව ධම්මානුලෝමයෙහි මෙන්ම පච්චය පච්චනිය සඳහා කියන ලදි. එහෙයින් ‘පච්චනියේ නය සය සුගැඹුරු’ යයි අටුවා කථා ගාථාවෙහි ධම්ම පච්චනියෙහි තික පට්ඨානාදි නය සය සුගැඹුරු යයි මෙසේ මෙහි අර්ථය දතයුතුය. මෙම ඕකාශයෙහි වනාහි ‘න හෙතු පච්චයා නාරම්මණ පච්චයා’ යයි මෙසේ පැවති පච්චය පච්චනීය මේවා ධම්මානුලෝමයෙහි ම තික පට්ඨානාදිය නය සය සුගැඹුරු යයි මෙසේ අර්ථය දතයුතුය.
ඒවා අතරෙහි අනුලෝම තික පට්ඨානයෙහිම කුසලත්තික මාත්ර වශයෙන් මෙය මේ පටිච්ච වාරයේ පණ්ණත්ති වාරයෙහි සංක්ෂෙප කොට විමසීම් ප්රභේද දක්වන ලදි. සෙසු තිකවලද වනාහි සෙසු පට්ඨානවලද එකම විමසීමක්වත් නො දක්වන ලදි. ඉන්පසු සහජාත වාරවල කුසලත්තිකයේ වශයෙන් විමසීම් නො උදුරා ලැබීම් වශයෙන් විසඳීමම දක්වන ලදි. ‘පච්චනිය නය සය සුගැඹුරු’ යයි වචනයෙන් මේ පච්චය පච්චනියෙහි මේ පට්ඨාන නය සයද විමසීම් වශයෙන් උදුරා දැක්විය යුතුය. පට්ඨානය වර්ණනා කරන්නා වූ ආචාර්යවරයන්ට එය භාර වේ.
අනුලොමපච්චනීයවණ්ණනා
දැන් අනුලෝම පච්චනිය වේ. එය දැක්වීමට සියා කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උප්පජ්ජෙය්ය හෙතුපච්චයා න ආරම්මණ පච්චයා යනාදිය අරඹන ලදි. එහි හෙතුපච්චයා න ආරම්මණ පච්චයා........හෙතු පච්චයා න අධිපති පච්චයා යයි හේතු පදයේ සෙසු තෙවිසි පච්චයවල එක එක සමග යෙදීම් වශයෙන් හේතු පද ආදි ඒකමූලකයෙහි තෙවිසි අනුලෝම පච්චය වේ. ඒවායේ එක එකෙහි එකුන් පනසක් කොට එක්දහස් එකසිය විසිහතක් විමසීම් වේ. දුමූලකයෙහි වනාහි හේතුආරම්මණ පදයන්ගේ සෙසු දෙවිසි පච්චයවල එක එක සමග යෙදීම් වශයෙන් දෙවිසි අනුලෝම පච්චනීය වේ. මෙසේ අනුලෝමයෙහි කියන ලද සියළු ඒකමූලකාදියෙහි එක එක පදය පිරිහෙළා අවසේස වූවන්ගේ වශයෙන් විමසීම් ගණන දතයුතුය. මෙහි ඒක මූලකාදියෙහි යම් විමසීමක් පෙළෙහි ආවා වූ හෝ නො ආවා වූ හෝ ඒ සියල්ල යට කියන ලද අනුසාරයෙන් දතයුතුය.