5. සමනන්තර පච්චය නිද්දේසය
සමනන්තර පච්චය නිද්දේසය ද මෙයට සමාන ගතික වේ. මෙම ප්රත්ය දෙක වනාහි මහා විත්ථාර වේ. එහෙයින් සියළු චිත්තූප්පත්ති වශයෙන් ඒවායෙහි පරීක්ෂා කොට විස්තර ගතයුතුය.
සමනන්තර පච්චය නිද්දේසය නිමි.
6. සහජාත පච්චය නිද්දේසය
සහජාත පච්චය නිද්දේසයෙහි අඤ්ඤමඤ්ඤං අනිකෙක් අනෙකෙකුට. ඒ ධර්මයන්ගේ ඒක ක්ෂණයෙහි පච්චය භාවය ද පච්චය උප්පන්න භාවයද දක්වයි. ඔක්කන්තික්ඛණෙ පංචවෝකාර භවයෙහි ප්රතිසන්ධි ක්ෂණයෙහි. එකෙණෙහි නාමරූප බැසගත්තාක් මෙන් ඇතුළට වදින්නාක් මෙන් පරලොවින් මෙලොවට පිවිසෙන්නාක් මෙන් උපදී. එහෙයින් ඒ ක්ෂණය ඔක්කන්තික්ඛණ යයි කියනු ලැබේ. මෙහි ද රූපං හෘදය වස්තුව පමණක් අදහස් කරයි. එහි නාමය වේ. එහි නාමයට අඤ්ඤමඤ්ඤ සහජාත පච්චය ස්ථාන පැතිරෙයි. චිත්ත චෙතසිකා පැවැත්මෙහි සතර ස්කන්ධ. සහජාත පච්චයෙන මෙහි චිත්ත සමුට්ඨාන රූප චිත්ත චෛතසිකයන්ට නො පැතිරේ. එහෙයින් අඤ්ඤමඤ්ඤ යයි නොකියන ලදි. එසේම උපාදා රුප භූත රූපයන්ගේ. රූපිනො ධම්මා අරූපීනං ධම්මානං හෘදය වස්තුව සතර ස්කන්ධයන්ට. කිඤ්චි කාලෙ කිසියම් කාලයක. සහජාත පච්චයෙන ප්රතිසන්ධි සඳහා කියන ලදි. [missing trans]
මේ ස්කන්ධ සතර වනාහි අරූපීය. අඤ්ඤමඤ්ඤ සහජාත පච්චයෙන් පච්චය වේයයි මෙසේ කොටස් හයක සිටියේය. එහි කොටස් තුනක් අඤ්ඤමඤ්ඤ වශයෙන් කියන ලදි. තුනක් අඤ්ඤමඤ්ඤ වශයෙන් නොවේ. එහි පළමු කොටසෙහි අරූප පච්චය මෙන්ම පච්චය උප්පන්න ද වේ. දෙවැන්නෙහි රූපම වේ. තුන්වැන්නෙහි නාමරූප වේ. සතරවැන්නෙහි පච්චය අරූප වේ. පස්වැන්නෙහි පච්චය ද පච්චය උප්පන්න ද රූප ම වේ. සවැන්නෙහි පච්චය රූප වේ. පච්චය උප්පන්න අරූප වේයයි මේ මෙහි පෙළෙහි වර්ණනාවයි.
මේ සහජාත පච්චය වනාහි ජාති වශයෙන් කුසලය, අකුසලය, විපාකය, කිරිය, රූප යයි පඤ්චවිධියට බෙදේ. එහි කුසලය භූමි වශයෙන් චතුර්විධය. අකුසලය ඒකවිධය. විපාකය චතුර්විධය. කිරිය නියමය ත්රිවිධය. රූපය ඒකවිධය. කාමාවචරම වේ. මෙසේ මෙහි නා නා ප්රකාර භේද වශයෙන් විනිස දතයුතුය.
මෙසේ බෙදුණු මෙහි චතුභූමක කුසලය පංචවෝකාර භවයෙහි තමා සම්ප්රයුක්ත ධර්මයන්ට ද චිත්ත සමුට්ඨාන රූපයට ද සහජාත පච්චය වේ. එසේම අකුසලය මෙහි අරූපයෙහි යමක් උපදීද ඒ අරූප ධර්මයන්ටම සහජාත පච්චය වේ.
කාමාවචර රූපාවචර විපාකය චිත්ත සමුට්ඨාන රූපයට මෙන්ම සම්ප්රයුක්ත ධර්මයන්ට ද සහජාත පච්චය වේ. යමක් මෙහි රූප ඇති නොකරයිද ඒ සම්ප්රයුක්ත ධර්මයන්ට ද යමක් පටිසන්ධියෙහි උපදීද ඒ කටත්තා රූපවලට ද සහජාත පච්චය වේ. අරූපාවචර විපාකය සම්ප්රයුක්ත ධර්මයන්ටද ලෝකෝත්තර විපාකය පංචවෝකාරයෙහි සම්ප්රයුක්ත ධර්මයන්ටම චිත්ත සමුට්ඨාන රූපවලට ද චතුවෝකාරයෙහි අරූපවලට ද කාමාවචර අරූපාවචර කිරිය පංචවෝකාරයෙහි සම්ප්රයුක්ත ධර්මවලටද චිත්ත සමුට්ඨාන රූපවලටද සහජාත පච්චය වේ. චතුවෝකාරයෙහි සම්ප්රයුක්තයන්ට ද චිත්ත සමුට්ඨාන රූපවලට ද ඒකාන්තයෙන් සහජාත පච්චය වේ.
චතුවෝකාරයෙහි අරූපයන්ට ද රූපාවචර කිරිය සම්ප්රයුක්ත ධර්මයන්ට මෙන්ම චිත්ත සමුට්ඨාන රූපයන්ට ද ඒකාන්තයෙන් සහජාත පච්චය වේ. චතුසමුට්ඨානික රූපයට කම්ම සමුට්ඨාන රූපයෙහි එකක් මහාභූතයේ තුනෙන් එකට දෙකක් මහාභූතයේ දෙකකට මහාභූත උපාදාය රූපයට සහජාත පච්චයෙන් පච්චය වේ. කාමාවචර රූපාවචර පටිසන්ධි ක්ෂණයෙහි වස්තු රූපය විපාක ස්කන්ධවලට සහජාත පච්චයෙන් පච්චය වේ. උතු චිත්ත ආහාර සමුට්ඨාන රූපවල වනාහි මහාභූත අඤ්ඤමඤ්ඤ මෙන්ම උපාදාය රූපයට ද සහජාත පච්චයෙන් පච්චය වේ. මෙසේ මෙහි පච්චය උප්පන්න වශයෙන් ද විනිශ්චය දැනගත යුතුය.
සහජාත පච්චය නිද්දේසය නිමි.
7. අඤ්ඤමඤ්ඤ පච්චය නිද්දේසය
අඤ්ඤමඤ්ඤ පච්චය නිද්දේසයෙහි සහජාත පච්චය නිද්දේසයේ පෙර කොටස් තුන වශයෙන් පෙළෙහි ආවේය. එය එහි කියන ලද්දට සමානව වර්ණනාව වේයයි නැවත නොගන්නා ලදි. මේ අඤ්ඤමඤ්ඤ පච්චය ද ජාති වශයෙන් කුසලය, අකුසලය, විපාකය, කිරිය, රූප යයි පංචවිධ වශයෙන් බෙදුණේය. එහි කුසලය භූමි වශයෙන් චතුර්විධය. සියල්ල පෙර සමානම යයි මෙසේ මෙහි නා නා ප්රකාර භේද වශයෙන් විනිශ්චය දැනගත යුතුය.
මෙසේ බෙදුණු මෙහි වනාහි සියළුම චතුභූමක කුසලය තමා සම්ප්රයුක්ත ධර්මයන් අඤ්ඤමඤ්ඤ පච්චයෙන් පච්චය වේ. අකුසලයට ද එසේය. විපාකයෙහි වනාහි කාමාවචර රූපාවචර විපාකය පටිසන්ධියෙහි වස්තු රූපයට, පවින සම්ප්රයුක්ත ධර්මයන්ට ද, අරූපාවචර ලෝකෝත්තර විපාකය සම්ප්රයුක්ත ධර්මයන්ට ද, අරූපාවචර ලෝකෝත්තර විපාකය සම්ප්රයුක්ත ධර්මයන්ට ද අඤ්ඤමඤ්ඤ පච්චයෙන් පච්චය වේ. චතු සමුට්ඨානික රූපයට කම්ම සමුට්ඨානයෙහි එකක් මහාභූත තුනක්. තුනෙන් එකකට, මහා භූතයන් දෙකේ දෙකකට අඤ්ඤමඤ්ඤ පච්චයෙන් පච්චය වේ. කාමාවචර රූපාවචර ප්රතිසන්ධියෙහි වස්තු රූපය විපාක ස්කන්ධවලට අඤ්ඤමඤ්ඤ පච්චයෙන් පච්චය වේ. උතු චිත්ත ආහාර සමුට්ඨානවල මහාභූතම මහාභූතයන්ට අඤ්ඤමඤ්ඤ පච්චයෙන් පච්චය වේ. මෙසේ මෙහි පච්චය උප්පන්න වශයෙන් විනිශ්චය දතයුතුය.