83. අනුසයා අනාරම්මණාති කථා
දැන් අනුසයා අනාරම්මණාති කථා වේ. එහි යමෙකුගේ අනුසය නම් චිත්ත විප්‍රයුක්ත අහේතුක අව්‍යාකෘත වේ. එයින්ම අනාරම්මණ වේයයි ලබ්ධි වේ. යම්සේ අන්ධකයන්ගේ ද ඇතැම් උත්තරාපථකයන්ගේ ද මෙනි. ඔවුන් සඳහා අනුසයා යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට අනාරම්මණයෙන් නම් මෙසේ විය යුතු යයි චෝදනා කිරීමට රූපං යනාදිය කීය. කාමරාගො යනාදිය කාමරාග අනුසයෙන් අනන්‍යතාව දක්වන ලදී. සංඛාරක්‍ඛන්‍ධො අනාරම්මණා යන ප්‍රශ්නයෙහි චිත්ත සම්ප්‍රයුක්ත සංස්කාර ස්කන්‍ධය සඳහා ප්‍රතික්‍ෂේප කරයි. අනුසය, ජීවිතේන්‍ද්‍රිය, කායකර්මාදි ශූන්‍ය ද සංස්කාර ස්කන්‍ධයට ඇතුළත්ය. ඒ සඳහා පිළිගනී. මේ උපායෙන් සංස්කාරවල අර්ථය දතයුතුය. සානුසයො යන ප්‍රශ්නයෙහි අප්‍රහීන අනුසය බැවින් සානුසය බව අනුදනී. අනුසයන්ගේ පැවතීම් ස්වභාවයෙන් නොවේ. යමක් අප්‍රහීන වේ නම් එය අතීත නොවේ. අනාගත නොවේ. වර්තමාන නොවේ. මාර්ග වද්‍ය කෙලෙස් අප්‍රහීනවම ඇතැයි කියනු ලැබේ. එබඳු වූ ද මේ නම අරමුණු යයි නොකිව යුතුය. එහෙයින් එය ප්‍රතික්‍ෂේප කරන ලදී. එය වනාහි මෙය හුදකලා අනුසය නොවේ. රාගාදියද එබඳුම වේ. එහෙයින් අනුසය වල අනාරම්මණ බවට සාධක නැත.
84. ඤාණ අනාරම්මණ කථා
දැන් ඤාණය අනාරම්මණ යයි කථා වේ. එහි යම්සේ රහතන් වහන්සේ චක්‍ඛු විඤ්ඤාණයෙන් යුත් ඤාණ ඇත්තේ යයි කියනු ලැබේ. ඒ ඤාණයේ ඒ ඤාණයෙහි අරමුණ නැත. එහෙයින් ඤාණය අනාරම්මණය යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. මෙහි සෙස්ස අනුසය කථාවෙහි කියන ලද නයින්ම දතයුතුය.
85. අතීතාරම්මණ කථා
දැන් අතීත ආරම්මණ කථා වේ. එහි යම්හෙයකින් අතීත අනාගත අරමුණු නම් නැත. එහෙයින් අරමුණු නැති බැවින් තදාරම්මණ සිත අරමුණෙන් බැහැර විය යුතු යයි ද අතීතයේ අරමුණු නමැයිද යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ උත්තරපථකයන්ගේ මෙනි. ඔවුන් සඳහා අතීතා රම්මණං යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. මෙහි සෙස්ස පෙළ අනුවම පැමිණවිය යුතුය.
86. විතඤ්ඤානුපත්ති කථා
දැන් විතක්ක අනුපතිත කථා නම් වේ. එහි අරමුණින් සහ සම්ප්‍රයෝගයෙන් දැයි විතක්කානුපතිත කථා දෙයාකාරය. එහි අසවල් සිතේ විතක්කයේ අනුපතිත වන්නේය. විතර් විප්‍රයුක්ත චිත්ත ස්වභාවයෙන් සියළු සිත් විතක්කානුපත්ත නොවේ. මෙසේ මේ විභාගය නොකොට අවිශේෂයෙන් සියළු සිත් විතක්කානුපත්ත යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ උත්තරපථකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. මෙහි සෙස්ස පෙළ වශයෙන් පැමිණවිය යුතු.
87. විතක්ක විප්ඵාර සද්ද කථා
දැන් විතක්ක විප්ඵාර සද්ද කථා නම් වේ. එහි යම්හෙයකින් විතක්ක විචාර වචී සංඛාර යයි කියන ලදී. එහෙයින් සියළු විතර්කයෙන් විචාරයෙන් අඩු තරමින් මනෝධාතු පවතින කාලයේ ද විතර්ක විප්ඵාර ශබ්දය යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ පුබ්බසේලියන්ගේ මෙනි. ඔවුන් සඳහා සබ්බසො යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් විතක්ක විප්ඵාරය පමණක් ශබ්දය වේ නම් ඵස්සාදි විප්ඵාරය ද ශබ්දය වියයුතු වන්නේ යයි චෝදනා කිරීමට සබ්බසො ඵුසතො යනාදිය කීය. අනිකා එබඳු සූත්‍ර දේශයක් නො දක්නේ ප්‍රතික්‍ෂේප කරයි. විතක්ක විප්ඵාරො සද්දො සොත විඤ්ඤෙය්‍යො යයි විතර්කයේ විප්ඵාරය (රාවය) පමණක් ශබ්දය කොට විචාරයි. විතර්ක විප්ඵාරයෙන් හටගත් සූත්‍ර ප්‍රමාණය ශබ්දය වේ. ඉතිරිවා ප්‍රතික්‍ෂේප කරයි. තනු විතක්ක විප්ඵාර සද්දො න සොත විඤ්ඤෙය්‍යො යයි මෙය ඔහුගේම ලබ්ධිය දක්වයි. හේ විතක්ක විප්ඵාරය පමණක් ශබ්ද යයි කියයි. හෙ සොතවිඤ්ඤෙය්‍ය නො කියයි. අනෙකා වනාහි ‘විතක්ක විප්ඵාර ශබ්දය අසා’ යන වචනයෙන් සොත විඤ්ඤෙය්‍ය ද ශබ්ද යයි කියයි.