66. ජරාමරණ විපාක කථා
දැන් ජරාමරණ විපාක කථා වේ. එහි යමෙකුගේ ‘අත්ථි දුබ්බණ්ණ සංවත්තනියං කම්මං අප්පායුක සංවත්තනියං කම්මං’ යයි මෙහි දුබ්බණ්ණාතා නම් ජරාය. අප්පායුකතා නම් මරණයයි. එය පමුණුවන කර්මද වේ. එහෙයින් ජරාමරණ යනු විපාකයකැයි ලබ්ධි වේ. යම්සේ අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව පරවාදියාටය. ප්රතිලෝම ප්රශ්නයෙහි අනාරම්මණං යනු රූප ධර්මයන්ගේ අනාරම්මණ ම වේ. අරූපයන්ගේ වනාහි ජරා මරණ සම්ප්රයෝග ලක්ෂණ අභාවය අනාරම්මණ ම වේ.
අකුසලානං ධම්මානං ජරාමරණං අකුසලානං ධම්මානං විපාකො යන ප්රශ්නයෙහි ජරා මරණයෙන් නම් අනිෂ්ට විපාකයෙන් විය යුතුයයි ලබ්ධියෙන් පිළිගනී. එම කරුණින්ම කුසල ධර්මයන්ගේ ජරාමරණයේ කුසල විපාක බව ප්රතික්ෂේප කරයි. ඔහුගේ අකුසල විපාක බවම පිළිගනී.
කුසලානඤ්ච අකුසලානඤ්ච මෙසේ විචාරීම් වශයෙන් එකතු කරන ලදී. ඒ ක්ෂණයෙහි එය නැත. අව්යාකෘත අවිපාකවල ජරාමරණ විපාකයයි කිවයුතු පරියායක් නැත. එහෙයින් අව්යකත්ත වශයෙන් ප්රශ්න නො අසන ලදී.
දුබ්බණ්ණා සංවත්තනියං යන මෙහි දුබ්බණ්ණ නම් අපිරිසිදු වර්ණතාවය. අප්පායුකතා නම් ආයුෂය කලක් පැවතීමට අසමර්ථ බවයි. එහි අකුසල කර්මය කර්මයෙන් නිපන් දුර්වර්ණ රූපයට කර්ම ප්රත්යය වේ. අසමාන බැවින් එය විපාක නොවේ. සෘතුවෙන් හටගත් ආදි භේදයෙන් එය ප්රතිලාභ වශයෙන් ආයුෂය ද උපච්ඡෙද වශයෙන් ප්රත්ය වේ. මෙසේ මෙය පරියාය වශයෙන් එය පැමිණවීම නම් වේ. ඵස්සාදීන්ගේ මෙන් ජනක වශයෙන් විපාක නැත. එහෙයින් විපාක භවයෙහි සාධක නැත. මෙහි සෙස්ස යට කියන ලද්ද හා සමානය.
67. අරිය ධම්ම විපාක කථා
දැන් අරියධම්ම විපාක කථා නම් වේ. එහි යමෙකුගේ ශ්රමණඵලය කෙළෙස් නැතිකිරීම සඳහා පමණය. චිත්ත චෛතසික ධර්ම සඳහා නොවේ යයි ලබ්ධි වේ. යම්සේ අන්ධකයන්ගේ මෙනි. ඔවුන් සඳහා අරියධම්ම විපාකො යයි විචාරීම සකවාදියාටය. එහි අරියධම්ම විපාකො යයි විචාරීම සකවාදියාටය. එහි අරියධම්ම විපාකො යනු මාර්ග සංඛ්යාත ආර්ය ධර්මයේ විපාකය කෙලෙස් ක්ෂය කිරීමම පමණක් වූ ආර්ය ඵලය යයි ලබ්ධියෙන් ප්රතිඥාව පරවාදියාටය. සාමඤ්ඤං ශ්රමණභාවයයි. මෙය මාර්ගයට නමකි. ‘මහණෙනි, ඔබට සාමඤ්ඤය ද, සාමඤ්ඤ ඵලය ද දෙසමි.’ යයි කියන ලදී. බ්රහ්මඤ්ඤයෙහි ද මෙම නයයි.
සොතාපත්ති ඵලං න විපාකො යනාදියෙහි සෝවාන් මාර්ගාදියේ අපචයගාමී බව සඳහා ආර්ය ඵලවල අවිපාක බව පිළිගනී. දානපලාදිය ප්රතික්ෂේප කරයි. එය ආචයගාමින්ගේ අර්ථය මෙසේ දරයි :- විපාක සංඛ්යාත ආචය යයි, රැස්කළ බැවින් එය හෝ යයි යනු ආචයගාමිනො වේ. විපාකය විනාශ කරමින් යයි යනු අපචය ගාමිනො වේ. එහෙයින් මෙසේ පිළිගැනීම ද ප්රතික්ෂේප ද වේ.
කාමාවචරං කුසලං සවිපාකං ආචයගාමී යනාදිය විචාරීම පරවාදියාය. ප්රතිඥාව ද ප්රතික්ෂේපය ද සකවාදියාගේය. ලෞකික කුසලවිපාක චුති පටිසන්ධිය ද සසර ද රැස්කරමින් යන්නේනුයි ආචයගාමී වේ. ලෝකෝත්තර කුසලය චුති පටිසන්ධිය ද සසරද විනාශ කරමින් යන්නේය යනු අපචයගාමී වේ. මෙසේ මෙය විපාක සහිත වේ. අපචයගාමී වචනයෙන් පමණක් අවිපාක නොවේ. මෙහි මේ අර්ථය සකදාගාමි ප්රතිඥාව ද ප්රතික්ෂේපය ද දතයුතුය.